Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
21
"ඔහු හා මා සමඟ ඇති බැඳීම වැඩිවෙන හැටි, ඔහු මගේ ආදරය සොයන හැටි මම අත්වින්දා.." - උද්දික ප්‍රේමරත්න

- "ඔහු හා මා සමඟ ඇති බැඳීම වැඩිවෙන හැටි, ඔහු මගේ ආදරය සොයන හැටි මම අත්වින්දා.." - උද්දික ප්‍රේමරත්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

416 Views
"ජීවත්වෙන්න සල්ලි හම්බ කරන්න  ඕනේ කියලා මම කවදාවත් හිතලා නෑ.."

"එයා සතුට වැඩිකමට කතා කළේ හඬමින්, මට අද වගේ මතකයි.."

උද්දික ප්‍රේමරත්න කියන්නේ සිනමාවේත් පුංචි තිරයේත් විවිධ චරිත රගපාන දක්ෂ රංගන ශිල්පියෙක්. කලාත්මක නිර්මාණ ඔස්සේ බොහෝ දුරට දකින්න ලැබෙන ඔහුට බොහෝ දෙනෙක් ආදරය කරනවා. බොහෝ දෙනෙකුගෙන් ආදරය ලබන උද්දික පුතෙකුට ආදරණිය පියෙක්. මේ ඔහු ගැනයි

උද්දික ඔබට මතකයේ තියෙනවද, පළමුවරට ඔබ පියෙක් වෙන්න යනවා කිලා අහපු දවස?
අම්මෝ ඔව්. ඒ දවස මට හොඳට මතකයි. මම එතකොට හිටියේ රාජකාරි වැඩකට යන ගමන් වාහනේ. බිරිඳ කෝල් එකක් අරං කිව්වා ‘ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා කියලා.’ ඇත්තටම ඇය ඒ මොහොතේ මා සමඟ කතා කළේ සතුට වැඩිකමට හඬමින්. ඇගෙන් ඒ ලැබූණ පණිවිඩය දුරකථන තරංග ඔස්සේ මට සවන් දෙන්න ලැබුණත් ඒ මොහොතේ මගේ හිතට දැනුණ සතුට විස්තර කරන්න බැරි තරම්.

මම තාත්තා කෙනෙක් වෙන්න නේද යන්නේ කියන සතුට මට දැණුනේ ජිවිතයයි, ආත්මයයි එකවර සතුටුවුණ මහ පුදුමාකාර දෙයක් ලෙසට භෞතිකව ගැහැණියෙකුයි, පිරිමියෙකුයි සම්බන්ධවෙලා දරුවෙකු මෙලොවට බිහිකලත් පිංවන්ත දරුවෙකු මේ ලෝකයට බිහිකිරීම වර්තමානය වනවිට ඇත්තට අභියෝගයක්. මේ මුළු විශ්වයම දුෂණයවෙලා. එහෙම යුගයක සිංහල බෞද්ධ පවුලකට පිංවන්ත දරුවෙකු උපදිනවා කියන්නේ ඇත්තටම එය වාසනාවක් මම ඒ වාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නා.

පුතෙක් ලැබෙයි කියා බලාපොරොත්තු වුණාද?
ඔව්. මම හිතුවා අපේ පළමු දරුවා පිරිමි දරුවෙක් වෙයි කියලා.

පුතා ඉපදුනේ?
2013 අප්‍රේල් 24 වැනිදා දැන් පුතාට අවුරුදු 6ක්.

චූටි පුතාව පළමුවරට අතට ගත්තාම මොකද හිතුණේ?
ම්......ම්..... ඒ සතුට, ඒ හැඟීම, ඒ සොඳුරු මොහොත මට විස්තර කරන්න වචන නැහැ.

චූටි පුතුගෙයි, ඔබෙයි බැඳීම ඉන් පස්සේ ගලාගෙන යන්නේ කෙසේද?
දින, සති, මාස ගෙවිලා චූටි පුතාට අවුරුද්ද, දෙක, තුන, ගෙවිලා යනකොට පියෙකු ලෙසට ඔහු හා මා සමඟ ඇති බැඳීම වැඩිවෙන හැටි, ඔහු මගේ ආදරය සොයන හැටි ඒ හැමදේම හරිම සෙනෙහෙබරයි. ඇත්තටම චූටි පුතු නිසා එළිය වැටුණ අපේ ජීවිතය තවත් බැබළෙන්න පටන් ගත්තේ ඔහු වසරින් වසර ගෙවිලා ඔහු හා මා සමඟ ඇති ගනුදෙනුව වැඩිවෙනකොට.

පියසෙනෙහස කියන්නේ ඇත්තටම මොකක් කියලාද ඔබට හැගෙන්නේ..?
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රීදී
ඒ ඉර හඳෙන් නුඹේ ලෝකය එළිය වුණී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී.
මේ ගීත කාණ්ඩයත් ලියන්න.
දරු දුක උහුලා තනිව වැළපෙනා
බුදු බව ලබනා පියවරු වෙසෙනා
පූජා පූජා......... පූජා වේවා.

ඔබ අහපු ප්‍රශ්නයට ඔය ගීත කණ්ඩ දෙක ඇතුලේ පිය සෙනෙහස ගැන මා දරන මතය තිබෙනවා.

පුතා අනාතයේදී කුමන වෘත්තියක් කරනවා දකින්නද ඔබ කැමති?
ඔහු සතු දක්‍ෂතාවයෙන්, හැකියාවෙන් ඔහුට සුදුසු මාවතක් සොයා යෑමට පූර්ණ නිදහස තියෙනවා. අප කළ යුතු වන්නේ නිසි අධ්‍යාපනය, නිවැරදි මාවත පෙන්වාදීම සහ වැරදි මාවතක යනවා නම් එය පෙන්වා දීමයි. ඒ හැර ඔහු අනාගතයේදී මෙසේ විය යුතුයි කියා මා කවදාවත් ඔහුට කියලත් නෑ. මම එහෙම හිතලත් නෑ.

ඔබ ඔහු වෙනුවෙන් අනාගතය සැළසුම් කර තිබෙනවාද?
මෙහෙමයි වර්තමානයේ සතුටින් ජීවත්වෙන්න, අවශ්‍යතා සම්පූර්ණකර ගන්න වගේම, රැකවරණය වෙනුවෙන් මුදල් අවශ්‍යයි. ඒ හැර පරම්පරා ගානක් ජීවත්වෙන්න සල්ලි හම්බ කරන්න  ඕනේ කියලා මම කවදාවත් හිතලා නෑ. අනාගතය වෙනුවෙන් මුදල් වෙනුවෙන් වර්තමානයේ සතුට ඇයි අපි නැති කර ගන්නේ. සියල්ල පමණට විය යුතුයි. එහෙම නැතුව ළමයි ගැන, ළමයින්ගේ ළමයින් ගැන අද මම හිතනවා කියන්නේ ඇත්තටම ඒක මෝඩකමකි. තියෙනවා නම් අරං තිබ්බාට කමක් නැහැ. ඒත් සල්ලි පස්සේ දුවන ජිවිතයකට මම ඇත්තටම ආසා නෑ.

දරුවා වෙනුවෙන් වර්තමානයේ යුතුකම් වගකීමී ඉෂ්ඨ කරනවා නම්, ඔහු ඔහුගේ අනාගතය සැළසුම හදා ගනිවි. ඔහුටත් දරුවෙකු ලෙසට ඉටුකළ යුතු වගකීම්, යුතුකම් කොටසක් තිබෙනවා. ඔහු දිනෙක එය තේරුම් ගනියි.

චූටි පුතා නිසා වඩාත් සංවේදීවුණ දවසක් මතකයේ තිබෙනවාද?
ඔව්, ඒ දවස තමයි. චූටි පුතා පෙර පාසල් ගිය පළමු දවස. එදා උදේ මායි බිරිඳයි, පුතාව පෙර පාසලට ඇරලවා පෙරපාසලෙන් එළියට එනකොට අපි දෙන්නාටම ඒක දරා ගන්න බැරි වුණා. අපි දෙන්නා ගෙදර ගිහින් ඇඬුවා චූටි පුතා අපි ළඟ නැහැ නේද කියලා. පසුව අපි දෙන්නාම වාහනේ අරං ආයේ පෙර පාසල ළඟට ආවා. එනකොට චූටි පුතා ටීචර්ලා දෙන්නෙකුට මැදිවෙලා ඔංචිල්ලාව ළඟ ඉඳන් පාර බලන් ඉන්නවා.

වෙනදා හිනාවෙන් පිරිච්ච චූටි පුතාගේ මුහුණ හැඟීම් බර වෙලා. ඉපදිච්ච දවසේ ඉඳලා තුරුලූකරන් හැදු පුතාව පළමු වරට පැයකට දෙකකට හරි වෙන් කිරීම මට මහා හැඟීම්බර වේදනාවක් ලෙසට දැණුනා. ඔහු හැමදාම අපිළඟ තියා ගන්න බැහැ අපි ඔහු සමාජයට හුරු කළ යුතුයි නේද කියලා හිතලා තමයි. ඒ දුක එදා තුනීකර ගත්තේ.

ඔබේ දක්‍ෂතාවය පුතු අගය කරනවාද?
ඔව්. පුංචි වයසේ වුණත් ඔහුට යම් අවබෝධයක් තියෙනවා. මාගේ වෘත්තිය ගැන. ඇතැම් ජවනිකා රඟපෑම් ගැන ඔහු විස්තර අහනවා. ‘ඇත්තටමද තාත්තී ඔයා ඒ ගහන්නේ’ ඔය වගේ ප්‍රශ්න අහනවා. එවාට ඉතිං ඔහුට ගැලපෙන මට්ටමෙන් මම පිළිතුරු දෙනවා.

වෘත්තියෙන් ඔබ රඟපෑවත්, සැබෑ ජිවිතයේදී කව්ද?
මම සැබෑ ජිවිතයේදි ඉතාම සරල සාමාන්‍ය මනුෂ්‍යයෙක්. ආදරය සෙනෙහස පිරුණු මගේ පුංචි පවුලේ මම ආදරණීය ස්වාමියෙක්. චූටි පුතුට සෙනෙහෙවන්ත පියෙක්.

ඒ හැර රඟපෑමෙන් ගොඩ නගාගත් ප්‍රතිරූපයකින් වැජඹෙන්න මා කිසිදා උත්සාහ කරන්නෑ.
බිරිඳවත්, දරුවාවත් මා නිසා කිසි විටෙකත් කැපී පෙනෙන්න උත්සාහ කරන්නෙත් නැහැ. සැබෑ ජිවිතයේ ‘‘මගේ ලෝකය’’ චූටි පුතා නිසා දින දින බැබළෙන මගේ පුංචි පවුල.

අසුන්තා එදිරිසූරිය



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top