"ඒ අවස්ථාවේම ඇයගේ රුධිර පරීක්ෂාවක් සිදු කළා. ඒ අවස්ථාවේ තමයි දැනගත්තේ ඇයට පිළිකාවක් කියලා.."
"අපි දැනගන්නකොට ප්‍රමාද වැඩියි.."කොලඹ විශාකා විද්‍යාලයේ උසස්පෙළ සදහා විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබමින් සිටි යොවුන් දැල් පන්දු කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවක් වූ මෙලනි අමා විජේසිංහ මිය ගොස් තිබෙනවා. 17 හැවිරිදි මෙලනි මිට මාස දෙකක පෙර හදුනාගත් දරුණු පිළිකා රෝගයකින් ජිවිතයට සමු දී ඇති බවයි සදහන් වන්නේ.
කොලඹ විශාකා විද්‍යාලයේ දැල් පන්දු පුහුනුකාරිණිය යමුනා සදමාලි මහත්මිය ඒ පිළිබද හිරුට කියා සිටියේ මෙසේයි.
"මෙලනි කියන්නේ පාසලේ හිටපු දක්ෂ දැල් පන්දු ක්‍රීඩිකාවක් විතරක් නෙමෙයි. ඉගෙනීමට දක්ෂ ශිෂ්‍යාවක්. මිට මාස දෙකකට පෙර කුරුණෑගල පැවති දැල් පන්දු තරගාවලියක් අතරතුර ඇය හදිස්සියේම අසනීප වුණා. ඒ අවස්ථාවේම ඇයගේ රුධිර පරීක්ෂාවක් සිදු කළා. ඒ අවස්ථාවේ තමයි දැනගත්තේ ඇය පිළිකා රෝගයකින් පිඩාවිදින බව. අපි වහාම දෙමාපියන් දැනුවත් කරලා ඇයව රෝහල් ගත කරලා ප්‍රතිකාර කළා. මාස දෙකක් ප්‍රතිකාර කරමින් සිටියදී ඒ අතර තුර තමයි ඇය මිය ගියේ. ඇයගේ අවසන් කටයුතු තිබෙන්නේ අංක 48, හංවැල්ල පාර, කිරිදිවැල කියන ලිපිනයේ. අද දහවල් වෙනතුරු බොරැල්ල ජයරත්න මල් ශාලාවේ ඇයගේ දේහය තැන්පත් කර තිබෙනවා.
ඇය ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂ විදින්නියක් බවට පත් වුනා. ඒ වගේම ලෝක කුසලාන දැල් පන්දු ක්‍රීඩාව සදහා සම්බන්ධ වුනා. ආසියානු දැල්පන්දු ශුරතවලියට සම්බන්ධ වෙමින් දක්ෂතා දැක්වුවා. හරිම දක්ෂ දරුවෙක්. ඇයගේ වියෝවීම දරාගන්න ආමාරුයි. අපිට දක්ෂ ක්‍රීඩිකාවක් නැති වුනා කියලා තමයි කියන්න තියෙන්නේ.."