Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
21
අනියම් පෙම්වතියට ලිංගික අතවර කරන්න ගිහින් ඇයට පහර දී ඝාතනය කළ පුද්ගලයාට අවසානයේ සිදු වූ දේ

- අනියම් පෙම්වතියට ලිංගික අතවර කරන්න ගිහින් ඇයට පහර දී ඝාතනය කළ පුද්ගලයාට අවසානයේ සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,194 Views
තරුණිය ගෙදරට එන නිසා  සැකකරු බිරිඳ යවලා......

වැසිකිළි වලට මළ සිරුර දැම්මා......

වැලිගම මුදුගම ප්‍රදේශයේ පදිංචි ඇඟලූ‍ම් සේවිකාවගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වී ඇති බව හබරාදුව පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් අහංගම නාකන්ද ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් ඉකුත් 18 වැනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරිම්වලදී මෙය ඝාතනයක් බවට අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බැව් පොලිසිය පවසයි.


අධිකරණයෙන් ලබාගත් පැය 48ක රැඳවුම් නියෝගයකට අනුව සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කෙරේ.

මෙකී ඇඟලූ‍ම් සේවිකාව ඉකුත් 25 වැනිදා සිට අතුරුදහන්ව සිටි අතර අහංගම දඬුඇල ප්‍රදේශයේ නිවසක අත්හැර දමා තිබූ වැසිකිළි වළක තිබී ඇගේ සිරුරේ අස්ථි කොටස් පොලිසිය මගින් සොයාගනු ලැබීය. මෙසේ ඝාතනය කොට ඇත්තේ රාජදුරගේ මදුරි නිෂාදි (22* නමැති වැලිගම මුදුගම ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

පොලිසිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

මෙකී ඇඟලුම් සේවිකාව කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කළ තරුණියකි. ඇය වැලිගම මුදුගම ප්‍රදේශයේ සිට ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයෙන් ඇඟලුම් කම්හලට පැමිණියාය. ඇඟලුම් කම්හලේ සේවයට ගිය මෙම තරුණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් තරුණියගේ මව විසින් හබරාදුව පොලිසියට ඉකුත් 25 වැනිදා පැමිණිල්ලක් කොට ඇත. ඒ අනුව හබරාදුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රියන්ත උදයකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ඇඟලුම් සේවිකාවගේ අතුරුදහන් වීම ගැන පොලිසිය විසින් පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබීය. මෙකී තරුණිය සමීපව ඇසුරු කළ ඇඟලුම් සේවිකාවන් කිහිපදෙනකුගෙන් ද පොලිසිය මේ සම්බන්ධව ප්‍රකාශ සටහන් කර ගත්හ. පසුව පොලිසිය ඇඟලුම් කම්හලේ සවිකොට ඇති සී.සී.ටී.වී කැමරා පරීක්ෂාකොට ඇත. මෙකී ඇඟලුම් සේවිකාව එදින සුපුරුදු පරිදි ඇය ගමන් කරන ඇඟලුම් බස් රථයට ගොඩනොවී ගේට්ටුවෙන් පිටතට පැමිණි බව අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මෙකී ඇඟලුම් සේවිකාවගේ දුරකථන වාර්තා සහ මිතුරියක වන ඇඟලුම් සේවිකාවක විසින් ලබාදෙන ලද ප්‍රකාශයකට අනුව මෙම තරුණිය අහංගම නාකන්ද ප්‍රදේශයේ තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය බව අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. පොලිසිය විසින් සැකසහිත තරුණයා පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමේ දී ඔහු මෙකී තරුණිය සමග මෙම ඇඟලුම් කම්හලේ එකට සේවය කොට ඇති බව අනාවරණය වී ඇත. සැකකරු විවාහකයෙකි. ඔහු 2012 වර්ෂයේ යුද හමුදාවට බැඳී 2015 වර්ෂයේ දී නිත්‍යානුකුලව යුදහමුදාවෙන් ඉවත් වී ඇති බව පොලිසිය පවසයි.

පසුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් කළහ. මේ අතර පොලිසිය සැකකරුගේ ජංගම දුරකථයේ අංකයක් ලබාගෙන අධිකරණ නියෝගයක් මත ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තාවට අනුව පරීක්ෂණ කටයුතු සිදුකළහ. මොහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව එහිදී අනාවරණය වී ඇත. පුද්ගලික් ඔත්තුකරුවකු විසින් ලබාදුන් තොරතුරකට අනුව පොලිසිය විසින් සැකකරු ඉකුත් 18 වැනිදා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව පොලිසිය මොහුගෙන් ඇඟලුම් සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇත. තම බිරිඳ සමග අහංගම දඬුඇල ප්‍රදේශයේ කුළී නිවසක මාසයකට රුපියල් 7000ක කුලි මුදලක් ගෙවා පදිංචිව සිටි බව සැකකරු ප්‍රකාශ කර ඇත. සැකකරු ඇඟලුම් කම්හලේ සේවය කරන කාලයේ දී මෙකී තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බව ප්‍රකාශ කර ඇත. තරුණියගේ පාදයක ආබාධයක් තිබූ බව ද සැකකරු ප්‍රකාශ කර ඇත.

තරුණිය හමුවීම සඳහා අවශ්‍ය බවට සැකකරු ප්‍රකාශ කර ඇත. තමන් පදිංචිව සිටින කුළී නිවසට එන ලෙස සැකකරු තරුණියට පවසා තිබේ. 25 වැනිදා පස්වරුවේ තමන් රැගෙන යාමට ඇඟලූ‍ම් කම්හල අසලට එන ලෙස තරුණිය ප්‍රකාශ කළ බවට සැකකරු පොලිසියේ ඉදිරියේ පාපොච්ඡාරණය කර ඇත.

ඇඟලුම් සේවිකාව අහංගමට බස් රථයකින් ගොස් ඉන්පසු ත්‍රීරෝද රථයකින් සැකකරු පදිංචිව සිටි කුළී නිවසට ගොස් ඇති බව දැනට අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

ඇඟලුම් සේවිකාව නිවසට එන බව පොරොන්දු වූ නිසා සැකකරු තම බිරිඳ එදින උදෑසන උපක්‍රමශීලීව ඇයගේ මහගෙදරට පිටත්කොට යවා ඇති බව ද පොලිසිය පවසයි. ඇඟලුම් සේවිකාව එදින පස්වරුවේ සැකකරු පදිංචිව සිටි කුළී නිවසට පැමිණ ඇත. එහිදී දෙදෙනා ඉතා සුහදව කතා බස් කොට ඇත. පසුව සැකකරු ඇඟලුම් සේවිකාවට බලහත්කාරකමක් කිරීමට උත්සාහ කර තිබේ. ඒ සඳහා ඇඟලුම් සේවිකාව කැමති වී නැති අතර පසුව සැකකරු ඇයට පහරවල් කිහිපයක් ගසා ඇති බව අනාවරණය වී ඇති බැව් පොලිසිය පවසයි. ඇඟලුම් සේවිකාව සිහිසුන් වී බිම වැටී ඇති අතර එහිදී සැකකරු ඇයගේ මුහුණට ජල බිංදු කිහිපයක් ගසා යළි සිහිය ලබා ගැනීමට උත්සාහ ක ඇත.

එසේ කිරීමට නොහැකි වීම නිසා සැකකරු ඇය ඇඳ සිටි ඇඳුම් අසල තිබූ කුණුගොඩකට දමා පුළුස්සා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පසුව සැකකරු විසින් නිවසේ තිබූ පාවිච්චියට නොගන්නා වැසිකිළි වළක කොන්ක්‍රිට් එක කඩා ඇය වළට දමා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. මෙකී වැසිකිළි වළ අඩි 20ක් පමණ ගැඹුරු එකක් බව ද පොලිසිය පවසයි. පසුව සැකකරු මෙම මස 05 වැනිදා නිවසේ හිමිකරුට නිවසේ යතුරුභාර දී ඉන් ඉවත්ව ගොස් ඇත.

සැකකරු කොග්ගලට පැමිණ මෙකී ඇඟලූ‍ම් සේවිකාව රැගෙන ගියා ද නොඑසේ නම් ඇය සැකකරුගේ නිවසට ගියා ද යන්න සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකොට ඇත.ඇඟලුම් සේවිකාව පැළඳ සිටි රන්මාලය, අත්පළඳනාව, කරාබු ජෝඩුව, මුද්ද යන රන් භාණ්ඩ හා ජංගම දුරකථනයට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ පොලිසිය පරික්ෂණ ආරම්භකොට ඇත. සැකකරු තමන් එය නොගත් බවට පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කොට ඇත.

ඇඟලුම් සේවිකාවගේ ඇඳුම් පිළිස්සූ ස්ථානයේ තිබී ඇයගේ ඇඳුම්වල කොටස් කැබලි, ඩෙනිම් කලිසමක කොටස්, පාවහන් යුගළක කොටස් පොලිසිය මගින් සොයාගෙන ඇත. මෙකී තරුණිය ඇඳ සිටි රතු පැහැයට හුරු ‘වෙස්ට් එක’ අතුරුදහන් වූ තරුණිය බවට ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත. මෙකී ඇඟලුම් සේවිකාවට ආබාධිත සහෝදරයකු ද සිටින බව ද පොලිසිය පවසයි.

මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල වැඩබලන මහෙස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා විසින් සිදුකරනු ලැබීය. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන දිනේෂ් පිරිස්, මහානාම යන මහත්වරු හා චිත්‍රානි විරසිංහ මහත්මිය ඉදිරියේ ඇඟලුම් සේවිකාගේ සිරුරේ අස්ථිවල කොටස් ගොඩගනු ලැබීය. පශ්චාත් මරණ පරීක්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ කිරිඇල්ල මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දිනේෂ් පිරිස් මහතා විසින් සිදුකරනු ලබයි.

මියගිය ඇඟලුම් සේවිකාවගේ සිරුරේ සම්පුර්ණ අස්ථි කොටස් හමුවී ඇති බවත් එකි අස්ථි කොටස් ශුද්ධ කොට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ යුතු බවත් මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාදීම සඳහා සතියක පමණ කාලයක් ගතවිය හැකි බවත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රොහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය පවසයි.

හබරාදුව පොලිසියේ ස්ථානාධිපති පො.ප ප්‍රියන්ත උදය කුමාර, පො.ප ආනන්ද, උ.පො.ප මදුසංක, පො.සැ (26617* මෙන්ඩිස්, පො.සැ (45375* සුජීව, පො.කො (74829* ගුණතිලක යන නිලධාරීහු මේ සම්බන්ධව පරීක්ෂණ පවත්වති.

මස් දියවෙලා: ඇටකටු විතරයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා දෙන්න සතියක් යයි - කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ කිරිඇල්ල

අහංගම දඬුඇල ප්‍රදේශයේ නිවසක අත්හැර දමා තිබූ වැසිකිළි වළක තිබී හමුවූ ඇඟලුම් සේවිකාවගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාදීම සඳහා සතියක පමණ කාලයක් ගතවිය හැකි බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ කිරිඇල්ල මහතා පවසයි.

ඇඟලුම් සේවිකාවගේ සිරුරේ සම්පූරණ අස්ථි කොටස් සොයාගත් බව ද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පවසයි. ඇඟලූ‍ම් සේවිකාවගේ අස්ථි කොටස් පිරිසිදු කිරීමේ කටයුතු සිදුකර ගෙන යන අතර පශ්චාත් මරණ පරීක්ෂණය තමන්ගේ අධික්ෂණය යටතේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී දිනේෂ් පිරිස් මහතා විසින් සිදුකරනු ලබන බව ද අධිකරණ වෛද්‍ය නිලධාරී පී.ඒ කිරඇල්ල මහතා සඳහන් කළේය.

මියගිය ඇඟලුම් සේවිකාවගේ සිරුරේ මස් දිය වී අස්ථි කොටස් පමණක් තිබූ බව ද අධිකරණ වෛද්‍යවරයා පෙන්වා දෙයි. ඇඟලුම් සේවිකාවගේ මරණය සම්බන්ධ මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල වැඩබලන මහෙස්ත්‍රාත් සෝමසිරි උඩුවැල්ල මහතා විසින් සිදුකරනු ලැබීය.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන දිනේෂ් පීරිස්, මහානාම යන මහත්වරුන් හා චිත්‍රානි විරසිංහ මහත්මිය ඉදිරියේ ඇඟලුම් සේවිකාගේ සිරුරේ අස්ථි කොටස් ගොඩගනු ලැබීය.

"දිවයින"
ගාල්ල ලලිත් චාමින්ද සහ එස්.කේ කළුආරච්චි
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,549 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,596 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,031 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,091 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,257 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,391 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,578 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,063 Downloads



Top 10 Commenters

Latest Comments

Top