Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන්, විදෙස් කතුන් යොදවාගෙන ජයටම කරගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ මෙහෙයුම

- ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන්, විදෙස් කතුන් යොදවාගෙන ජයටම කරගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ මෙහෙයුමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,720 Views
සම්බාහනයට අමතර සේවාවන් අවශ්‍ය නම් අමතර රුපියල් 10000ක් ඉල්ලලා......

තායි තරුණියක් සමඟ එක රැයක් ගත කරන්න රුපියල් 30000 අයකරලා......

සම්බාහන මධ්‍යස්ථාන හෙවත් තේරෙන භාෂාවෙන් මසාජ් ක්ලීනික් සඳහා මෙරට පවතින්නේ ඉහළ ඉල්ලූමකි. ඒ හරහා සිදුවන තෙල් බෙහෙත් සාත්තුවක් මගින් ඉඳුරන් පිනවීම පිණිස ඇතමුන් තුළ ඉහළ කැමැත්තක් පැවතීමත් ඒ හරහා මසාජ් ක්ලීනික් සඳහා වෙනම වෙළඳ පොළක් නිර්මාණය වීමට ගැනීමත් මෑතක සිට දකින්නට ලැබෙන ප්‍රවණතාවකි. ඒ අනුව හතු පිපෙන්නාක් මෙන් රටේ තැන් තැන්වල ඇඟ මසට සැප දෙන ‘මසාජ් ක්ලීනික්’ බිහි වෙන්නට ගන්නා අතර එවනි ‘මස් කඩ’ බොහොමයක් පවත්වාගෙන යනු ලබන්නේ ආයුර්වේද සම්බාහන බෝඩ් ලෑල්ලට මුවා වෙමිනි. ඒ හරහා ලබා ගන්න නීතිමය අවසරය පිට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මෙවැනි සම්බාහන මාධ්‍යස්ථාන බහුල වශයෙන් දකින්නට ලැබෙන අතර ඉකුත් දිනක එවැනි එක් සම්බාහන මධ්‍යස්ථානයක් වැටලීමට කොල්ලූපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සමත් වූහ. එම වැටලීමෙන් අනතුරුව අනාවරණය වූ තොරතුරු වලට අනුව එම නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථානය කොල්ලූපිටිය ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් කලක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබෙන අතර එක දිනක් තුළ පමණක් දළ වශයෙන් එහි සේවය ලබාගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 150 ත් 200 ත් අතර පිරිසක් බවට ගණන් බලා ඇත. තායි ජාතික සුරූපිනියන් 25 දෙනකු පමණ එහි සේවයට යොදවා ඇති අතර ඔවුන් එක අයෙක් දිනක් තුළ උපදවන ආදායම රුපියල් ලක්ෂය ඉක්මවන අගයකින් යුක්තය. වාර්තාවන ආකාරයට එම මහා පරිමාණ ජාවාරම වටලනු ලබන්නේ පහත සඳහන් ආකාරයටය.

පසුගිය දිනක කොල්ලූපිටිය පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චානක ගමආරචිචි වෙත එක්තරා පුද්ගලයෙක් විසින් වැදගත් තොරතුරක් ලබාදෙමින් සඳහන් කර සිටින්නේ කොල්ලූපිටිය මුහුදු තීරය ආසන්නයේ එක්තරා ස්ථානයක සුපිරි පන්නයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් නීති විරෝධී ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවත් එහිදී ‘කම් සැප’ පිණිස අධික මිල ගණන් යටතේ සුරූපී තායි ලඳුන් මිලදීගත හැකි බවත්ය. තම පොලිස් බල ප්‍රදේශය මුල් කරගනිමින් වාර්තා වූ එම තොරතුර පිළිබඳ විමසිලිමත් වන උප පොලිස් පරීක්ෂකවරයා එතැන් සිට ඒ පිළිබඳව තම විමසුම් ඇස යොමුකරන්නට ගන්නා අතර ඒ හරහා වැදගත් තොරතුරු රැසක් ඔහු විසින් අනාවරණය කර ගැනීමට සමත්වන්නේය. ඉන් අනතුරුව ඒ පිළිබඳව තම ප්‍රධානියා වන කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන සිල්වා දැනුවත් කරන උප පොලිස් පරීක්ෂකවරයා එහිදී තම ප්‍රධානියා අමතමින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ තමන් විසින් සොයාගත් තොරතුරු සියයට සියයක් නිවැරදි බවත් හැකි ඉක්මනින් අදාළ වැටලීම සිදුකිරීම පිණිස කටයුතු කරන ලෙසත්ය.

ඒ අනුව එම රහසිගත තොරතුරු පිළිබඳ අවධානය යොමු කරන ස්ථානාධිපතිවරයා උප පොලිස් පරීක්‍ෂකවරයා අමතමින් එම වැටලීම සිදුකළ යුතු ආකාරය පිළිබඳවත් ඒ සඳහා අනුගමනය කළ යුතු උපාය උපක්‍රම පිළිබඳත් මූලික උපදෙස් ලබාදෙන අතර අදාළ වැටලීම සිදුකරනු ලබන්නේ ඉන් අනතුරුවය. ඒ අනුව අපරාධ මර්දන ඒකකයේ පොලිස් නිලධාරියෙක් තමන් සමීපයට කැඳවන උප පොලිස් පරීක්‍ෂකවරයා තරුණ ව්‍යාපාරිකයෙක් ලෙස වෙස් වලාගන්නා ලෙස ඔහුට උපදෙස් ලබාදෙන අතර වැටලීම සිදුකරනු ලබන්නේ ඔහුගේ මූලිකත්වයෙන්ය. වැටලීම සිදුකරන ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් සහිතව ඉකුත් දිනක අදාළ ස්ථානය වෙත ළඟා වන පොලිස් නිලධාරීන් පිරිස පළමුව ව්‍යාපාරිකයෙක් ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරියාව සම්බාහන මධ්‍යස්ථානය වෙත පිටත් කොට හරින්නේය. ඒ අනුව සම්බාහන මධ්‍යස්ථානය වෙත ළඟාවි ඇති නිලධාරියාව පිළිගනු ලබන්නේ තායි සුරූපිනියක් විසින්ය. පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කර ඇති ඇය ඉන් අනතුරුව වෙස්වලාගත් පොලිස් නිලධාරියාගේ අවශ්‍යතාව පිළිබඳව විමසීමේදී ඔහු විසින් සඳහන් කර සිටින්නේ තමන්ට තායි සුරූපිනියක් මාර්ගයෙන් මසාජ් එකක් කරගතයුතු බවක්ය. මිලගණන් විමසීමේදී පිළිගැනීමේ නිලධාරිනිය විසින් පවසා සිටින්නේ ඒ සඳහා පැයක කාලයක් පිණිස රු. 6000 ක මුදලක් අයකරන බවත් ඒ සඳහා තමන් කැමති සුරූපිනියක් තෝරාගැනීමට ගනුදෙනුකරුට අවස්ථාව ලබාදෙන බවත්ය. අදාළ කොන්දේසිවලට යටත්ව රු. 6000 ක් පිළිගැනීමේ නිලධාරිනියට ලබාදෙන වෙස් වලාගත් පොලිස් නිලධාරියා ඉන් අනතුරුව තායි සුරූපිනියන්ගෙන් එක අයෙක් තෝරාගන්නා අතර ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා ඇතුළු වන්නේ ඊට යාබදව පිහිටි කාමරයක් වෙතය. එම සුරූපී තායි ජාතික තරුණියට හරියාකාර ඉංග්‍රීසි දැනුමක් තිබී නැත. කෙසේ වුවත් කැඩුන ඉංග්‍රීසියෙන් පොලිස් නිලදාරියා හා කතා බහේ යෙදී ඇති මෙම තායි යුවතිය මද වෙලාවකින් පවසා ඇත්තේ සම්බාහනයට අමතර තවත් සේවාවන් අවශ්‍ය නම් ඒ සඳහා ඇය සූදානම් බවත් ඒ සඳහා අමතර රු.10,000ක මුදලක් අයකරන බවත්ය.

එහිදී ව්‍යාපාරික වෙස් ගත් පොලිස් නිලධාරියා පවසා සිටින්නේ තමන් සන්තකයේ එවැනි මුදලක් ඒ වන විට නොමැති බවත් තමන් සන්තකයේ ඇත්තේ රු. 9000 ක මුදලක් පමණක් බවත්ය. තම සේවාව ලබා ගැනීමට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ මුදල් පසුම්බියට තට්ටු කිරීම මේ කියන තායි කතුන්ගේ උපක්‍රමයක් බැවින් ඇය අවසානයේදී තීරණය කර ඇත්තේ අතේ ඇති මුදලට ගනුදෙනුකරු සමග යහන්ගත වීමටය. එතෙක් වෙලා ව්‍යාපාරිකයෙක් සේ වෙස් වලාගනිමින් ව්‍යාජ රංගනයක යෙදුන පොලිස් නිලධාරියාට තම ඉලක්කය සාර්ථක කර ගැනීමේ තීරණාත්මක මොහොත උදා වන්නේ ඒ ආකාරයටය.

ඒ අනුව අදාළ මුදල ගෙවීමෙන් අනතුරුව තායි සුරූපිනිය සමග යහනගතවීමට මත්තෙන් තමන් සතු ජංගම දුරකථනය ක්‍රියාත්මක කරන පොලිස් නිලධාරියා පිටත රැකවල්ලා සිටින පොලිස් කණ්ඩායමට ඒ බව දැනුම් දීමට කටයුතු කරන අතර මෙම මහා පරිමාණ ගණිකා ජාවාරම පොලිසිය විසින් වටලනු ලබන්නේ ඉන් අනතුරුවය. තමන් වෙත ලැබුන තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වෙන පොලිසිය අදාළ සම්බාහන මධ්‍යස්ථානය වෙත කඩා පනිනු ලබන්නේ ඉන් අනතුරුවය. පළමුව පිළිගැනීමේ නිලධාරිනිය ලෙස කටයුතු කළ තායි ජාතික කාන්තාවගෙන් ප්‍රශ්න කර සිටින පොලිසිය වැඩිදුරටත් සෝදිසිකිරීම් ආරම්භ කර ඇත්තේ ඉන් අනතුරුවය. ඒ අනුව පොලිස් නිලධාරියා සමග යහන්ගත වීමට සූදානම්ව නිරුවතින් පසුවූ තායි ජාතික සුරූපිනිය ඇතුළු තවත් තායි ජාතික කාන්තාවන් 23 දෙනෙක් හා සිංහල ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන ඇති පොලිසිය ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් අරඹා ඇත. ඒ ඔස්සේ අනාවරණය කරගත් තොරතුරු වලට අනුව මෙම ගණිකා ජාවාරම සිදුකර ඇත්තේ සංචාරක වීසා මත මෙරටට පැමිණි තායි ජාතික තරුණියන් පිරිසක් විසින්ය. ඔවුන් කීපදෙනකුගේ සංචාරක වීසා බලපත්වල වලංගු කාලසීමාව පවා ඉක්ම ගොස් ඇත. ඒ අනුව ඔවුන් මෙරට රැඳී සිට ඇත්තේ නීති විරෝධී අයුරින්ය. මෙම සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළු වීම සඳහා එක අයෙකුගෙන් අයකර ඇති මුදල රු. 6000 ක්ය. තායි ජාතික තරුණියක් සමග එක රැයක් ගතකිරීම පිණිස එක් අයෙකුගෙන් අයකරන මුදල රු. 30000 ක්ය. සිංහල ජාතිකයෙකු විසින් පවත්වාගෙන ගොස් ඇති මෙම මහා පරිමාණ ගණිකා ජාවාරම සඳහා යොදවාගෙන ඇති තායි ජාතික කාන්තාවකගේ දිනක ආදායම රු. ලක්ෂය ඉක්මවන බව පොලිසිය විසින් හෙළිකරගෙන ඇත. මෑතකදී කොළඹ අවටින් වටලන ලද මහා පරිමාණ ගණිකා ජාවාරම මෙය බව සැක කරන පොලිසිය මෙම වැටලීම සිදුකර ඇත්තේ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතය. අත්අඩංගුවට ගත් කාන්තාවන් පිරිස පොලිස් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ව ඇප මත නිදහස් කිරීමට අධිකරණය විසින් කටයුතු කර ඇත.

"දිවයින"
රුවන් ජයවර්ධන
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,555 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,599 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,032 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,094 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,258 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,392 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,581 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,063 Downloads



Top 10 Commenters

Latest Comments

Top