Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
20
තම කුසින් උපන් බිලිඳා ලිඳට දැමූ කුරිරු මවට අවසානයේ සිදු වූ දේ

- තම කුසින් උපන් බිලිඳා ලිඳට දැමූ කුරිරු මවට අවසානයේ සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,977 Views
දරුවාගේ ගෙල රෙදි පටියකින් ගැට ගසලා......

උදරයේ ගෙඩියක් ඇති බව පවසමින් විවිධ තැන්වලට ප්‍රතිකාර ලබා ගත්තා.....

මුන්දලම පොලිස් වසමට අයත් ගල්කුලිය මොහොරිය ජනපදයේ ජීවත් වූ නිමාලිට ද අත් වූයේ එවන් ඉරණමකි. සල්ලාලයකුට රැවටී ඔහුට දාව නිමාලි විසින් බිහිකළ දරුවා මෙලොව එළිය දැකීමටත් පෙර පාළු ළිඳකට දැමීමට සිතක් පහළ වූයේ සමාජයට මුහුණ දීමට නොහැකි නිසාය.

නිමාලි ජයසුන්දර නැගෙණියන් දෙදෙනෙක් සහ සහෝදරයෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. ඇය ජීවත් වූ ගම්මානයේ බොහෝ දෙනාගේ ජීවනෝපාය වූයේ ගොවිතැනයි. නිමාලිගේ දෙමව්පියන් ද ගොවිතැන් කටයුතු පවත්වාගෙන යමින් දරුවන්ගේ අඩුපාඩුකම් සොයා බලා ජීවිකාව පවත්වාගෙන ගියේ අගහිඟකම් රැසක් මධ්‍යයේ ය.

නිමාලි පවුලේ වැඩිමලා වීමෙන් ඇය හිස මත පැටවුණු බර මෙතෙකැයි කියා කිව නොහැක. දරුවන් තිදෙනකුගේ අවශ්‍යතා සපුරාලීමට දෙමව්පියන්ට නොහැකි බව වටහාගත් නිමාලි අධ්‍යාපන කටයුතු හමාර වීමට පෙර ඊට සමුදී පවුලේ වැඩි වගකීම් භාරගැනීමට ඇය වගබලා ගත්තාය.

ඒ හේතුවෙන් ඇය පෞද්ගලික ආයතන කිහිපයක වර වරින් වර රැකියාවේ නිරතවෙමින් පවුලේ අගහිඟකම් මකාලීමට පංගුකාරියක් වූවාය. කාලය ගත වීමත් සමග ආවාහ විවාහ වන කාලය එළැඹෙත්ම ඇය ප්‍රදේශයේම දැන හඳුනා ගන්නා අයෙක් සමග විවාහ වන්නේය. ඒ අතරතුර සිය නැගණියන්ගේ සහ සහෝදරයාගේ විවාහ කටයුතු සිදු කිරීමට ද කටයුතු කළේය. නිමාලි විවාහ වී වසරක් පමණ ගිය පසු දරු සුරතල් බැලීමේ භාග්‍යය උදාවිය.

එහෙත් දරුවා මෙලොව එළිය දැක මාස තුනක් පමණ ගත වූ පසු ඔවුන්ගේ කැදැල්ලට කණකොකා හඬන්නට පටන් ගත්තේ ඇය නොසිතූ විරූ අන්දමට ය. නිමාලිට ස්වාමිපුරුෂයාත්, ස්වාමිපුරුෂයා ට නිමාලිත් නුරුස්සන ස්වභාවයක් ඇති විය. අවසානයේ දෙදෙනාගේ මේ මත ගැටුම් හේතුවෙන් නීත්‍යානුකූලව වෙන්වීමට නිමාලි තීරණය කළාය. ඒ මීට වසර එකොළහකට පමණ පෙරය. ඇය සිය දරුවා සමග ඔවුන්ගේ නිවසේ ජීවත්වීමට පැමිණියේ ඉන් අනතුරුවය. දෙමවුපියන් දෙදෙනාට අමතරව සොහොයුරා සහ ඔහුගේ බිරිඳ එම නිවසේ ජීවත් වූහ. පසුව ඇය සේවා ස්ථාන කීපයක සේවය කර අනතුරුව මීට වසර කීපයකට පෙර කටුනායක ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවයට ගියේ ඉන් ලැබෙන සොච්චම් පඩිය ප්‍රමාණවත් නොවන නිසාය.

කාලය ගෙවී ගියේය. මේ අතරතුර ඇයට කිසියම් පුද්ගලයෙක් සමීප වූයේ ඇයගේ හදවතටත් හොරාය. ගමෙන් සිදාදියට පැමිණි නිමාලි ඇගේ තනිකම පාලූව මකාලන ආරක්ෂකයා ඔහු යයි සිතුවාය. ඔහුගේ බස්වලට මුලාවී ඇගේ සියලූ දේ පුද කිරීමට තරම් ඇය ඔහුට බද්ධ වූවාය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඔහු නිසා නිමාලි ගැබිනියක වීමයි. පෙම්වතාගේ රැකවරණය ඉදිරියටත් ලැබේ යැයි ඇය සිතුව ද ඔහු ඇයටත් හොරා පලා ගියේය. කිසිත් කර කියා ගත නොහැකි නිමාලි සිදාදියෙන් උරුමකරගත් දරුගැබක් සමග නැවතත් ඇගේ මහගෙදරට පැමිණියේ සියලූ බලාපොරොත්තු සුන් කර ගනිමිනි.

පියකු නැති දරුවකු මේ මෙලොවට දායාද කර සමාජයෙන් ලැබෙන අවමන් ගැරහිලි ගැන බොහෝ දුර කල්පනා කළාය. සිරුරේ ඇතිවන වෙනස්කම් අන් අයගෙන් සඟවා ගන්නේ කෙසේද යන්න ඇයට මහත් ගැටලූවක් විය. සිය මවටවත් තමා මුහුණ පා සිටින තත්ත්වය පිළිබඳව කීමට ඇය මැළි වුණා ය. අවසානයේ නිවැසියන්ට හා තම අසල්වැසියන්ට උදරයේ ගෙඩියක් ඇති බව පවසමින් විවිධ තැන්වලට ප්‍රතිකාර ලබා ගැනීමට ගියාය. වෛද්‍යවරු මෙය තෙල් ගෙඩියක් යැයි පැවසූ බව ද අන් අයට හැඟවූවාය.

මේ අතරතුර පවතින අගහිඟතාවයන් හේතුවෙන් ඇය එම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ආරක්ෂක අංශයේ සේවය කිරීමට ද ගියාය. ශාරීරික හා මානසිකව පවතින ගැටලූ ඉවසා කල් ගත කළ ඇයට ඉකුත් 3 වැනිදා වන විට තදබල අමාරුවක් ඇති විය. ඒ ඇයගේ දරු ප්‍රසූතිය සූදානම් වීම ය. නිවසේ සිටින දෙමාපියන් දෙදෙනා ද එදින උදෑසනම හේනේ වැඩ කටයුතුවලට ගොස් සිටියා ය. ඇයගේ සොහොයුරා සහ බිරිඳ එදින නිවසේ නොසිටියහ. නිවසේ කිසිවෙකු නොසිටීම ද ඇයට මහත් අස්වැසිල්ලක් විය. උදෑසන 10.30 ට පමණ දරුවා මෙලොව එළිය දුටු අතර ඒ සැණින් ඇය කිසිත් නොබලා කුඩා බේසමක් ගෙන දරුවා දමා ඇඳ යටින් තැබුවාය. සුළු වෙලාවකින් හේනේ වැඩට ගොස් පැමිණි දෙමව්පියන් දිවා ආහාරය ද ලබාගෙන නැවත හේනට යෑමට පිටත් විය. දෙමව්පියන් නිවසින් පිටත් වූ පසු ප්‍රසූත කළ දරුවා දමා සිටි බේසම ගෙන දරුවාගේ ගෙල රෙදි පටියකින් ගැට ගසා නිවස ආසන්නයේ පිහිටි වත්තේ ප්‍රයෝජනයට නොගන්නා ළිඳකට එම සිරුර දැමුවාය.

සිද්ධිය වී පැය කීපයක් ගත වූ පසු නිමාලිගේ සිරුරේ කලින් තිබූ ස්වභාවය දක්නට නොමැති නිසා ඒ සම්බන්ධව සැක සිතී අවට සිටි පුද්ගලයෙක් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට නිමාලිගේ මෙම වෙනස් වීම සැක සහිත බව පවසා ඇමතුමක් ලබා දුන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වූ මුන්දලම පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා ඇතුළු කණ්ඩායමක් එම නිවසට පැමිණ සිද්ධිය සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කෙළේය. දිගින් දිගටම නිමාලිගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී තමා අලූත උපන් බිලිඳා රෙදි පටියෙන් ගැටගසා නිවස අසල පාළු ළිඳට දැමූ බව සඳහන් කළාය. එම ළිඳ අඩි තිහක් පමණ ගැඹුරු ය. ළිඳ තුළ ජලය නොතිබිණි. අනතුරුව පුත්තලම මහෙස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා පුත්තලම අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියම කළේය. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලින් නිගමනය වූයේ එම බිරිඳ බිලිඳා ප්‍රසූත කිරීමටත් පෙර මියගොස් සිටි ඇති බවටය. සිද්ධියට සම්බන්ධ සැකකාරිය මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඇය මේ වන විට පුත්තලම රෝහලේ බන්ධනාගාර නිලධාරිනියගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ඒ. ධර්මසේන, සහකාර පොලිස් අධිකාරි වීරසිංහ යන අයගේ අධීක්ෂණය යටතේ මුන්දලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ඒකනායක, උප පොලිස් පරීක්ෂක සරත්, පොලිස් සැරයන්වරුන් වන 33514 ජයවර්ධන ,27775 ප්‍රේමසිරි, 33631 ප්‍රේමරත්න ඇතුළු නිලධාරීන් සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු සිදු කරයි.

"දිවයින"
අමරනන්ද විජේසේකර
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,577 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,617 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,036 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,101 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,263 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,395 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,586 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,068 Downloads



Top 10 Commenters

Latest Comments

Top