සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනාවලියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ එකගත්වය පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.
කරුණු 20 කින් සමන්විත අදාළ යෝජනාවලිය ඊයේ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලැබුවේ මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේදීයි.
මේ අතර, නැගෙනහිර පළාතේ දෙමළ දේශපාලන පක්ෂ 10කගේ සහය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට ලබාදීමට තීරණය කර තිබෙනවා.