Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
19
"මාව රවට්ටලා මෙතෙන්ට එක්කගෙන ආවේ, දැන් මේකෙන් බේරිලා යන්න දෙන්නේ නෑ.." - ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො වනසන ආයුර්වේද සම්බාහන ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

- "මාව රවට්ටලා මෙතෙන්ට එක්කගෙන ආවේ, දැන් මේකෙන් බේරිලා යන්න දෙන්නේ නෑ.." - ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො වනසන ආයුර්වේද සම්බාහන ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,475 Views
මල්ලි සල්ලි දෙන්නකෝ. දුන්නම එයා එක්ක එන්නම්..
මෙහේදී නම් බෑ මල්ලී. ඒවට වෙන ප්ලේස් තියෙනවා. ආවම කියන්නම්..
ඒ ගාණට හැපි එන්ඩින්ග් එකකට වඩා බෑ මල්ලී..
 
“මගේ නංගී මෙඩිකල් කොලේජ්. එයාට සල්ලි යවන්න ඕන නිසා මේක කරන්නේ. ”

“අම්මාට හොඳටම අසනීපයි. මාසෙකට බෙහෙත්වලට විතරක් රුපියල් විසිදාහක් විතර යනවා. අම්මා බලාගන්න ඉන්නේ මම. ඒකයි මේක කරන්නේ.”

“මාව රවට්ටලා මෙතෙන්ට එක්කගෙන ආවේ. මම රස්සාවක් හොයාගෙන කොළඹ ආපු කෙනෙක්. දැන් මේකෙන් බේරිලා යන්න දෙන්නේ නෑ.”

මේ සියල්ල පැරණි සෑම්පලයේ සම්බාහන ආයතනවල කියැවෙන දෙබස්ය. දැනට වසර කිහිපයකට පෙර “ස්පා” අත්දැකීම්වලින් පත්තර පිටු පිරවීම් අතරේ තිබුණේ මෙවැනි දෙබස්ය.
 
වැරදිලා හෝ නංගී මෙඩිකල් කොලේජ් ඉන්නවා යැයි කියනා අක්කාගෙන් නංගී ඉන්නේ කුමන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේද ඇසුවොත් දෙන්නට උත්තර නැත.
 
දුන්නත් ඔවුන් දන්නා එකම විශ්වවිද්‍යාලය “කොළඹ කැම්පස් එක” පමණි. අම්මාට මාසෙකට විසිදාහක් යන ලෙඩේ කුමක්දැයි ඇසුවොත් උත්තර නැත.
 
රවට්ටාගෙන පැමිණ බලෙන් රස්සාවේ යොදවනා තරුණිය ළඟ නවීන පන්නයේ ජංගම දුරකථනයකි.
 
සම්බාහනය අතරේද ඇයට ෆේස්බුකියේ හිතැත්තන්ගෙන් එක දිගට ”මැසේජ්” ය. ඇයව බලෙන් මෙහි රඳවාගෙන සිටින බව ඒ ඇත්තෝ නොදන්නවා විය යුතුය. නැති නම් මැයගේ ජංගමයෙන් පොලිසියට ඇමැතුමක් නොගියද ඔවුන්ගේ ජංගමයෙන් යා හැකිය.
 
මේ හමස් පෙට්ටියේ කතාන්දර මැද 2019ද අවසන් වීමට ළංව ඇත. දැන් කරළියේ සිටිනා “ස්පා” දූතියන්ගේ කතා හාත්පසින් වෙනස්ය. ඕනෑම ක්ෂේත්‍රයක් සේම මේ කියනා සම්බාහන ක්ෂේත්‍රයද පරිණාමනය වේ.
 
කාලයට අනුව ගොඩනැඟේ. එකල කැම්පස් කතා කියාගෙන පැමිණි ”ස්පා” දූතියන් දැන් එන්නේ මුද්‍රිත මාධ්‍යවල නළඟනන්ගේ ෆොටෝ ගන්නා අයවලුන් පෙරමුණේ තබාගනිමිනි. මෙරට එකී පත්තරවලින් පළවූ ඡායාරූප ශිල්පීන් කිහිප දෙනකුම දැන් යෙදී ඇත්තේ එකී රස්සාවේ ය. ”ස්පා” එකට යෑමට වඩා ඔවුන් හරහා ස්පා එක නිවෙසටම ගෙන්වා ගැනීම දැන් සිදුවේ.
 
පැයට රුපියල් පන්සියයෙන් ඇරැඹී රුපියල් විසිඅට දහසක් දක්වා යන “සැප ස්පා” එවන් එක් වෙනසක් වෙනුවෙන් පමණකි.
 
සම්බාහනය ගැන නොලියැවුණු පුවත්පතක් හෝ නොකියැවුණු විද්‍යුත් මාධ්‍යයක් මෙරට නැත. එහෙත් ඒ කියවූ බොහෝමයක් ඒවා කොහේ හෝ මුල්ලක පවත්වාගෙන ගිය හා වලානෙන් හෝ මිරිහානෙන් පැන ඇල්ලූ ඒවාය.
 
ස්පා ගුහාවල් නොව ස්පා මන්දිර රටේ හැදුණේද රටේ මිල අධිකම රූපලාවණ්‍ය ක්‍රම උලාගෙන එන තැනට පැමිණියේද ගාමන්ට් කෙල්ලන්ගේ සිට විධායක ශේ‍ර්ණියේ රැකියා කරනා තරුණියන් අමතර ආදායමක් ලෙස “ස්පා” රැකියාව ආරම්භ වුණේද එකී මැඩම්ගේ තැන වැටලීමෙන් පසුවය.
 
සම්බාහන මධ්‍යස්ථාන කරන්නෝද, ඒවායින් සැපය ලබන්නෝ ගැනද ගැටලුවක් නැත. නමුදු නූතන ස්පා ශාපය දැන් නව තරුණ වියට එළැඹෙන පාසල් සිසුන් ඉලක්කකොට තිබීම නම් දරුණු සමාජ ගැටලුවක් වෙනවාට සැක නැත.
 
ලිංගිකත්වය ගැන උපන් කුතුහලයකින් යුත් උසස් පෙළ, සාමාන්‍ය පෙළ වයස් සීමාවේ පාසල් සිසුන් ඉතාම පහසුවෙන් මෙකී මර උගුලට හසුවේ. සියල්ල සිදුවන්නේ එක් බෝඩ් ලෑල්ලකට පිටුපසිනි. එනම් ”ආයුර්වේද සම්බාහනය” ලෙසිනි.
 
බැලූ බැල්මට ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයකි. පිහිටා ඇත්තේද කොළඹ ප්‍රධාන බාලක පාසල් කිහිපයක් මැදය. බැලූ බැල්මට එය අඩුම තරමේ “ස්පා” හෙවත් සම්බාහන මධ්‍යස්ථානයක් යැයි හෝ කියන්නට නොහැකි තරම්ය.
 
සැබෑවටම සිංහල බෙහෙත් බඩු කඩයක් මෙනි. එකම වෙනස නම් ඇතුළු වන ස්ථානයේ CCTV කැමරා පමණි.
 
“සිංහල බෙහෙත් බඩු කඩයකට CCTV කැමරා මොකටද”?
 
ප්‍රශ්නයකි. අපි ඊට ඇතුළු වුණෙමු. අතහැර දැමූ ගරාජයක මෙන් යකඩ බඩු වටේටම ගොඩගසා තිබේ. ඒ අතරින් ඉහළට එක් අයකුට පමණක් එකවරට යා හැකි පඩිපෙළකි. පඩි පෙළ ආරම්භයේම මුද්‍රිත ප්ලාස්ටික් පුවරුවකි”.
 
“කාන්තා පිරිමි ලිංගික දුබලතා සඳහා ප්‍රතිකාර”. සිංහල බෙහෙත් බඩු කඩේ තවමත් සම්බාහන මධ්‍යස්ථානයක්ය යන්නට අපිට හේතු නැත.
 
කෙසේ හෝ අවසානයේ අපි පඩිපෙළ කිහිපයක්ම නැඟ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණියෙමු. රාක්කවල ඇසිරූ තෙල් බෙහෙත් කුප්පි බෝතල් රැසකි. හොඳින් ඇද පැලඳගත් මහත්මයකුද සිටින වග පෙනේ.
 
”එන්න මල්ලී මොකද්ද වෙන්න ඕනෑ.” ඒ මහත්තයා ඇසීය. මහත්තයාට උත්තරයක් දෙන්නට පෙර කවු‍ෙදා් නෝනා කෙනකු, අභ්‍යන්තරයෙන් මතු විය. මීළඟ ප්‍රශ්නය එන්නේ නෝනාගෙන් බව ඉවෙන් මෙන් දැනුණු නිසා ”පොඩි ටී්‍රට්මන්ට් එකක් කරගන්න” ඇසක් කුඩා කරමින් අපි පිළිතුරු දුන්නෙමු ”. මල්ලී මෙහේ ඉස්කෝලෙද” කිසි විටෙකත් ඒ ප්‍රශ්නය නම් අපි බලාපොරොත්තු වූයේ නැත.
 
සැබෑවටම තවත් කතා කරන්නටද දෙයක් නැත. මොවුන්ගේ පිරිසුදු ඉලක්කය පාසලේ දරුවන්ය. ඊට අදාළ විශාල කතාවක් ඒ ප්‍රශ්නය තුළම සැඟව තිබේ. ”නෑ අපිට මෙතැන ගැන විස්තර කිව්වේ මෙහෙ ඉස්කෝලේ යාළුවෙක්”. ඒ බොරුව සාදන්නට ගිය කාලය වැඩි බැවින් අසුවේද නොවේද යන්න හිතේ සිරකර පිළිතුර ලබාදුන්නෙමු.
 
“හරි මල්ලී එන්න. ඩොක්ටර් ළඟින් වාඩි වෙන්න. ඉස්සෙල්ලා එයා බලලා තමයි ඇතුළට ගන්නේ” මෙතෙක් වෙලා අප දෙබස දෙස බලා සිටි මුලින් ප්‍රශ්නය ඇසූ මහතා ‍ෙදාස්තර කෙනකු බව වැටහුණේ දැන්ය. හොඳයි වාඩි වෙලාම බලමු.”
 
“මල්ලීගේ නම” “මල්ලීගේ ඇඩ්‍රස් එක” “මල්ලිගේ වයස” සාමාන්‍ය ලැගුම් හලක පවා ජාතික හැදුනුම්පත බලා වයස ස්ථිර කරගනී. මෙතැන එවන් යමක් සිදුනොවන්නේ පාසල් ළමයින්ගේ ස්ථිර කරගන්නට වයසක් නැති බැවින් විය යුතුය.
 
කිසිවිටෙක හැඳුනුම්පත ඉල්ලා සිටීමක් සිදු නොවිණි. දැන් වැඩේ හරිය. මුහුණ රැලි වැටුණු. සිරුරේ අස්ථි පෑදුණු කාන්තාවක් එලියට රැගෙන ආවේ මුලින් පැමිණි නෝනාය. ඇයට අඩුම තරමේ පාසල් යන දරුවන් දෙදෙනකුවත් සිටිය යුතුය.
 
“මෙන්න, ඊළඟ කෙනා පුළුවන් නේද” ඇය ඇසුවේ අදාළ කාන්තාවගෙනි. ඇය හිස සැලීය. දැන්ම ඉක්මන් විය යුතු නැත.” අපිට කෙනෙක් තෝරා ගන්න බැරිද? වෙන තැන්වල පුළුවන්නේ. මෙයා විතරද ඉන්නේ.” ඒ පැනය අපගෙන්ය.” මෙයා මරු මල්ලී වයස විසි හතරයි”. මේ නෝනාට ඇස් නොපෙනෙන්නේද නැතිනම් අපේ හිසේ අං පෙනෙන්නේද නොදනිමු.
 
මේ වයසක ආච්චිට විසි හතරක්. “වෙන අය නැද්ද ඔයාලා ළඟ.” නැවතත් පුරුදු පැනයම ඇසුවේ අපේ අරමුණ සම්බාහන මධ්‍යස්ථානය ගැන තොරතුරු සොයාගැනීම බැවිනි.” තව එක්කෙනෙක් ඉන්නවා. එයා එන්න ටිකක් වෙලා යාවි. මල්ලි සල්ලි දෙන්නකෝ. දුන්නම එයා එක්ක එන්නම්.” “ඉස්සෙල්ලා එයාව බලලා ඉමුද.” “හරි සල්ලි දෙන්න. ඊට පස්සේ පොඩ්ඩක් වාඩි වෙලා ඉන්න. ගාණ දෙදාහයි. එක්දාස් පන්සීයක් දාලා දෙන්න.” මුදල් නොදී තවදුරටත් සිටීමට හැකියාවක් නැති බැවින් මුදල් දෙන්නට සිදුවිය.
 
මුදල් රැගෙන ඇය ගිය අතර වයස විසි හතරේ කාන්තාව තවදුරටත් අසල සිටී. තමන්ට ලැබුණු සේවාදායකයා රඳවා තබා ගැනීමට ඇය නෙක උපක්‍රම දෑසින් හා අත පයින් කරමින් සිටී. අපි බබාලා වුවහොත් ආ කාරිය කරගත නොහැකිය.
 
“මේකයි අක්කේ මසාජ් එකකට විතරක් නම් මෙතෙන්ට එන්නේ නෑ. තව මොනවා හරි කරගන්න පුළුවන් වේවි නේද.” තව මොනවා හරි කිව්වේ.” ඇය දැන් අප ඉදිරියේ බබා වන්නට සූදානම් වේ.”අක්කා දන්නවනේ ඉතින් ඔය මොන මොනවා හරි” මඳක් නළියමින් එසේ පැවැසූ විට ඇගේ සිතේ සැකයක් වේ නම් එය දුරුවන වග සිකුරු ය.
 
“මල්ලීගේ පර්ස් එකේ කීයක් තියෙනවද තව.” ලැබුණේ අපූරු පිළිතුරකි. සැබැවින්ම ප්‍රතිප්‍රශ්නයකි.” තව එක්දාස් පන්සීයක් විතර තියෙනවා අක්කේ.” ”ඒ ගාණට හැපි එන්ඩින්ග් එකකට වඩා බෑ මල්ලී.” අක්කාගේ රඟය දැන් දැන් එළියට පනී. ”හැපි එන්ඩින්ග්” යන්නේ අර්ථය දන්නෝ දනිති.
 
එසේ නම් මුදල් පසුම්බිය ටිකක් බර වුණා නම් යන්නට හැකි දුර බොහෝ වනු ඇත. “හෙට සල්ලි අරන් එන්නම් අක්කේ. අවුලක් නැද්ද” මල්ලීගේ දැඩි ඉල්ලුම නිසා කඩන්නට පුළුවන් “ගාණ” දැන් අක්කා සිහින දකිනවා ඇත. “මෙහේදී නම් බෑ මල්ලී. ඒවට වෙන ප්ලේස් තියෙනවා. ආවම කියන්නම්. දැන් සල්ලි ගෙව්ව වැඩේ මොකද කරන්නේ. මසාජ් එක ගන්නවද” මෙතැනින් මාරුවන්නට දැන් වේලාව පැමිණ තිබේ.
 
නෝනා එළියට පැමිණියහෝත් හිත මාරුවන්නට පහසු නොවනු ඇත. එළියේ තවත් මිතුරකු ඇතැයි කියා පැමිණි බොරු දුරකථන ඇමැතුමකින් යන්නතම් එළියට පැමිණුනෙමු. මේ ස්ථානය පිළිබඳ අටුවා නොලියා අත්දැකීම පමණක් දැනට ලියන්නෙමු. ඒ අනුව අපගේ මීළග ඉලක්කය වූයේ බාලක විදුහල ඉදිරිපිට ඇති ”ස්පා” එකයි. එනම් සම්බාහන මධ්‍යස්ථානයයි.
 
එහි තෙල් බෙහෙත් කතා කිසිත් නැත. අමු අමුවේ ”ස්පා” කියා බෝඩ් ගසා තියෙන එතැනට යන්නට නැඟි ත්‍රිරෝද රථයේ රියැදුරා කිව්වේ අපූරු කතාවකි. “මල්ලී ඔය ප්ලේස් එක දැන් දවස් තුනකට කලින් පොලිසියෙන් ඇල්ලුවා. දැන් ගියාට වැඩක් නෑ. වහලා ඇති. ජරා ප්ලේස් එකක්නේ”. ඒ අනුව අපගේ ඉලක්කය වාසනාවකට මෙන් නීතියේ ඇසට යොමුවී තිබේ. දැන් ඒ “ලිංගික ගුබ්බෑයම” නැත. සතුටකි.
 
අවාසනාවට ඒ සතුට වැඩිවෙලා තිබුණේ නැත. අදාළ සම්බාහන මධ්‍යස්ථානය මෙන්න අපූරුවට විවෘතව පවතී. “මෙන්න මුන් මේක ආයෙත් ඇරලා.” ඒ ත්‍රිරෝද රථයේ රියැදුරාය. කටින් නොකීවට සිතෙන් ඊට වඩා දෑ කියමින් අපි ත්‍රිරෝද රථයෙන් බැස ගතිමු. අනතුරුව සම්බාහන මධ්‍යස්ථානය ඉදිරිපිට මඳ වෙලාවක් කරක් ගසා ඇතුළට රිංගා ගත්තෙමු.
 
පොඩි පෝලිමකි. කිහිප දෙනෙක් ”සැප” බලාපොරොත්තුවෙන් සිටිති. අපි මඳකට පුටුවකට බර වූයේ අපිට පෙර සිටි අයවලුන්ට ඉඩ දීමටය. ඒ අසල තිබූ කුඩා දැන්වීම් පත්‍රිකාවක් අතට ගත්තේ ගෙවී ගිය ඇසිල්ලටය. එය නම් මෙරට ”ස්පා” ජාවාරමේ අපූර්ව දැන්වීම් උපායකි”. ස්පා උදෑසන 8 සිට රාත්‍රි 9.30 දක්වා “අවුරුදු 60ට ඉහළ 50%ක වට්ටමක්” “ඔබේ උපන් දිනයට 50%ක වට්ටමක්.” “ආබාධිත අයට 50%ක වට්ටමක්.” “කුලී රියැදුරන්ට කොමිස්” “කණ්ඩායම් සඳහා 3ට 1ක් නොමිලේ” අවාසනාවන්තම වැකිය තිබුණේ මිල ගණන්ය.
 
“වැටුප රු.75,000ක් පුහුණු තෙරපිවරියන් බඳවා ගැනේ”. එය අවාසනාවන්ත වුණේ මෙම ”ස්පා” නමින් කියැවෙන ගණිකා ගුබ්බෑයම් තිබෙන්නේ කොළඹ ප්‍රධාන කාන්තා විදුහලක් ඉදිරිපිට වීමයි. ඒ අනුව බාලක විදුහලින් පිරිමි දරුවන් මෙන්ම කාන්තා විදුහලෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ කර එළියට බහින දියණියන් මේ අමනුස්සයන්ගේ ඉලක්කයන්ය. ඔවුනට මේ දරුවන් බව පෙනෙන්නේ නැත. ඔවුන් පුරුදුව ඇත්තේ මස් විකුණා ලාභ ලබන්නටය.
 
අප එතැන තවදුරටත් රැඳී සිටියේ නැත. නීති අංශ විසින් වැටලීම් කර ඒ සැණෙකින් නැවත කිසිදු බයක් සැකක් නැතිව ‍ෙදාරවල් හැර සිය ජාවාරම කරගෙන යන්නට මොවුනට ඇති “හයිය” ගැන සොයා බැලිය යුතුය. ඒ පිටුපස බොහෝ විට ඇත්තේ “දී කිරට බළල්ලුත් සාක්කිය” මට්ටමේ කතාවක් විය යුතුය. ඒ දිනය එසේ අවසන් විය.
 
කුඩා වයසේ සිට තරුණ වියට කෙමෙන් පා තබද්දී ඇතිවන වෙනස්කම් නිසා තරුණ පාසල් සිසුන්ගේ මනසේ “ලිංගිකත්වය” යන්න පිළිබඳ කුතුහලයක් ඇතිවේ. උදේ‍යාගය පිරි මෙම වයස තුළ ඔවුන් හැකි උපරිම මට්ටමින් සිය කුතුහලය විසඳාගන්නට උත්සාහ කරන්නට යෙදේ. මත්ද්‍රවය ආදියට පාසල් සිසුන් යොමුවීමේ අවදානම වැඩි මේ හේතුව නිසාය. ඔවුන් හරි වැරැද්ද දන්නේ නැත. සොයන්නේද නැත. ඔවුනට ඇවැසි ”ඒ මොකද්ද” කියා සොයාගැනීම පමණි.
 
අවසානයේ පහන් දැල්ලට ළං වූ සලබයාට සිදුවූ දේ ඔවුනට ද සිදුවේ. ගමේ පාසල්වල මෙන් නොව කොලොම්පුරේ පාසල්වලට එන නව යොවුන් වයසේ සිසුන් අතේ යහමින් මුදල් ද ගැවසේ. නූතන අධ්‍යාපනය ටියුෂන්වලට සින්නක්කර වීම එක් හේතුවකි. බැවින් සිය ලිංගික කුතුහලය විසදාගන්නට ඔවුන් තෝරාගන්නා පහසුම හා ලාබම ක්‍රමය මෙවන් ස්පා උගුල්ය. ඔවුන්ට ප්‍රජනනය ගැන කියා දෙන්නේ ස්පා එකේ අක්කාය.
 
ජීවිතයේ තැළී පොඩිවී නැති පොඩි එවුන්ව අන්දන්නට පහසුය. කුඩා පෙලඹවීමකින් ලොකු මුදලක් සොයාගත හැකිය. සිද්ධිය නොදන්නා නිසා ලොකු ලොකු දේවල් ඉල්ලන්නේද නැත. තර්ක විතර්ක නැත. අහිංසක පොඩි පැටවුන්ට බෝලේ බස්සන්නට ඉතා පහසුය. අක්කා සනසන්නට වැඩි වැඩියෙන් මුදල් ගේන්නට දරුවන් පෙලඹේ. එක්කෝ ගෙදරින් සල්ලි ගත්තාට පන්ති යන්නේ නැත.
 
නොවේ නම් දරුවා සොරකමට පුරුදු වේ. එය අරඹන්නේ නිවෙසෙනි. මුල්ම සොරකම එතැනින් අරඹා එය නවතින්නේ බොහෝ දුර ගොසිනි. සමහර විට පොඩි ”ගතමන්ට්” එකකට හෙරොයින් වැනි භයානක දෙයක් ස්ථාන දෙකක් අතර රැගෙන යන්නට භාර ගනී.
 
පාසල් නිල ඇදුමින් ඉස්කෝල බෑගයේ දමාගෙන රැගෙන යන හෙරොයින් ගැන පොලිසිය සැක හිතන්නේ නැත. ඉන් දරුවාට වන හානිය දිගුකාලීනව නැවත ප්‍රතිසංස්කරණය කළ නොහැකි එකකි. මේ සියල්ලේ ප්‍රයෝජන ගන්නේ ස්පා එකේ අක්කාය.
 
සියල්ල අවසානයේ මෙවන් ගුබ්බෑයමකින් එළියට බහින පුද්ගලයකුට කිසිදා සාර්ථක පවුල් ජීවිතයක් උරුම නැත. සිය බිරියගෙන් සතුටු වන්නට නොහැකි සැමියකු මෙවන් ගුබ්බෑයම්වලින් එළියට බසී. දෙවනුව කී ස්පා එකේ උපන් දිනයට 50%ක වට්ටමක් ලබා දේ. මෙම ස්පා එක පිහිටා ඇත්තේ මුලින් කී පිරිමි විදුහල ඉදිරිපිටය.

උපන් දිනයට වට්ටම් දෙන්නට තරම් මෙහි එන ”කස්ටමර්ස්ලා” ඔවුන්ට සාමාන්‍ය වී තිබේ. එනම් නිතිපතා පැමිණේ. අප දුටු අනෙක් ස්පා මෙන් මොවුන් වඩා හැඩකාර පිරීගිය අඟපසඟින් යුත් තරුණියන් තබාගෙන සිටින්නේ නැත. එවන් අයවලුන් ඕනෑ වන්නේ තරමක් හෝ මෙවන් ජීවිතයක් අත්දැකීම් ඇත්තවුන්ටය.

ස්කෝලෙන් එළියට බසින පැටවුන්ට ඕනෑ නැත. තායි, මැලේසියා මෙන්ම වැල්ලවත්ත, බම්බලපිටියේ නමගිය ස්පා කරන විනාශයට වඩා අතිවිශාල විනාශයක් සිදුකරන්නේ මෙවන් ගුබ්බෑයම්ය. එවන් ඉහළ පෙළේ ඒවාට යන්නට “නවක ලිංගික යාචකයන්” පුහුණු කරන්නේ මේවායේය. මේවාට තිත තැබූ දිනෙක ඒවා නවතිනු ඇත. අමුවෙන්ම කතාව එසේය. ඉතිරිය ඔබට බාරය. ඔබට නම් මේ ඔබේ දරුවාය. රටට නම් මේ රටේ අනාගතය ය.
 
මනෝජ් කොඩිතුවක්කු
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,832 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  12,162 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,707 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,473 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,777 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,948 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,264 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,372 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,721 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,047 Downloads



Top 10 Commenters

Latest Comments

Top