ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබීමට නියමිතයි.
කොළඹ 7 - බස්නාහිර පළාත් සෞන්දර්ය කලා නිකේතන ශ්‍රවණාගාරයේදී උදෑසන 10ට මෙම ගිවිසුම අත්සන් කරන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ඊයේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.
එහිදී ද අද අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.