Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
"මම දැන් බයෙන් ඉන්නේ. ඒ පෝරිසාදයා තව මාස දෙකකින් නිදහස් වෙලා එනවා. ඒකා මගෙන් පළිගනිවී.." - තම බිරිඳගේ ශරීරයේ 80 පොළකට තුවාල සිදු කළ නරුම සැමියෙක් ගැන ඇඟ කිළිපොලා යන කතාව - Photos

- "මම දැන් බයෙන් ඉන්නේ. ඒ පෝරිසාදයා තව මාස දෙකකින් නිදහස් වෙලා එනවා. ඒකා මගෙන් පළිගනිවී.." - තම බිරිඳගේ ශරීරයේ 80 පොළකට තුවාල සිදු කළ නරුම සැමියෙක් ගැන ඇඟ කිළිපොලා යන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,414 Views
"එයා ඒ ඇණේ තියෙන ලෑල්ලෙන් මගේ ඔළුවට එක දිගට ගැහැව්වා..."
"මගේ ඔළු කට්ට පුපුරලා ගියා. මට දරාගන්න බැරි වේදනාවක් ඇති වුණා.."
"අපිට පුදුම මෙපමණ තුවාල වෙලත් ඔබ ජිවත්වන එකයි.."
 
ගෘහස්ථ, හිංසනය සඳහා දැඩි දඬුවම් ලබා දිය යුතු බව කියමින් එංගලන්තයේ හැම්ප්ෂයර් ප්‍රාන්තයේ කාන්තවන් විශාල පිරිසක් යෝධ පෙත්සමක් එහි අධිකරණය ඉදිරිපත් කිරීමටත්, ඒ මඟින් තම අයිතිවාසිකම් දිනා ගැනීමට දැවැන්ත උද්ඝෝෂණයක් ඇරඹීමටත් සුදානම්ව සිටිනවා.
 
මෙම පෙත්සම සඳහා මූලිකව කටයුතු කරන්නේ 'හෙලන් බ්‍රයන්ට්' නම් 45 හැවිරිදි කාන්තාවක්. ඇය ඉතා දරුණු ලෙස ගෘහස්ථ හිංසනයට ගොදුරු වී සැමියාගේ පහර කෑමට ලක්ව රෝගාතුරව මැරී ඉපැදුණු කාන්තාවක්.

එම පහරදීම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ පොලීසිය ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව පැවැති නඩු විභාගයේදී වරදකරු වූ ඔහුට 8 වසරක සිර දඬුවමක් නියම කෙරුණා.
 
එහෙත් හෙලන් මේ දිනවල පසුවන්නේ මර බියෙනුයි. ඊට හේතුවන්නේ හෙලන්ට මාරාන්තික ප්‍රහාරය එල්ල කළ ඇගේ සැමියා ඉදිරි දිනකදී නිදහස ලබා නැවත නිවසට පැමිණිමට නියමිත බැවිනුයි.
 
අට වසරක දඬුවම් ලැබූ ඔහුගේ දඬුවම් කාලය කොන්දේසි කිහිපයකට යටත්ව වසර පහක් දක්වා අඩු කිරීම හේතුවෙන් ඔහු ලබන දෙසැම්බරයේදී නිදහස ලබන බව හිරගෙදර බලධාරියෙකු හෙලන්ට දන්වා තිබෙනවා.
 
එය ඇසූ හෙලන් දැඩි ලෙස බියට පත්ව සිටින්නේ ඔහු හිරෙන් එළියට පැමිණි පසු තමාට අත්විය හැකි ඉරණම ගැන සිතමිනුයි.
 
හෙලන්ගේ සැමියා වූ 'ලුක් වඩුවේල්' හෙලන්ගේ අසල්වැසියෙක්. ඒ නිසා ඇයට ඔහු නිතර හමුවුණා. දිනක් ඇය සිටියේ රූපවාහිනියේ විකාශය වූ පාපන්දු ක්‍රීඩා තරඟයක් නරඹමිනුයි.
 
ඒ මොහොතේ ලුක් ද ඇගේ නිවස අසළ ගැවසෙන්නට වුණා. මෙය දුටු හෙලන් තමන්ගේ පාළුව තනිකම නැතිකරගැනීමේ අදහසින් ලුක්ට නිවසට පැමිණිමට ඇරයුම් කළා.
 
මෙසේ හෙලන්ගේ ජිවිතයට ඇතුළු වූ ලුක් පසුකාලීනව ඇගේ නිවසේ බින්න බැස්සා.
 
ලුක් දරුණු ගති පැවතුම් ඇත්තෙක්. කලින් දිනකදී තරුණියකට හිංසා කොට ඇය නිවසක ඉහළ මාලයකින් පහළට තල්ලු කිරීමට තැත් කිරීමේ වදරට ඔහු සිර දඬුවම් ද ලැබුවා. ඒ බව දැන දැනත් හෙලන් ඔහු සමඟ එකට ජිවත් වන්නට වුණා.
 
අවසානයේ ඇයටත් ලුක් නිසා දරුණු ලෙස ගැහැට විඳින්නට සිදු වුණා. දහ අට මාසයක් තිස්සේ ඔහුගේ හිංසාකාරී ක්‍රියාවන්ට ඇය මුහුණ දුන්නා.
 
දිනක් ඔහු නිවසට පැමිණියේ හොඳ හැටි බීමතිනුයි.
 
එසේ පැමිණි ඔහු කෑ ගසමින් නිවස පරීක්ෂා කළා. ඒ ඔහු තුළ තිබූ කිසියම් සැකයක් නිසායි. තමා නැති අතරේ හෙලන් තවත් පිරිමියෙකු සමඟ කාලය ගත කරන බවට ඔහු සැක කළා. අවසානයේ ඒ බව විමසමින් ඔහු ඇයට දරුණූ ලෙස පහර දුන්නා.
 
සැමියාගේ ගුටිබැට වලින් බේරීම සඳහා හෙලන් ජනේලයකින් එළියට පැනීමට ද තැත් කළා. එහෙත් එය වැළකූ ලුක් ඇයව කොරිඩෝව දිගේ ඇදගෙන ගොස් කැඩි බිදී තිබුණු වීදුරු කැබලි ගොඩක් උඩට ඇද දැම්මා. එහිදි ඇය දරුණු ලෙස කැපුම් තුවාල ලැබුවා.
 
එයින්ද නොනැවතුණු ලුක් ඇණයක් පිටතට එන ලෙස සවිකර තිබූ ලෑල්ලක් ගෙන ඉන් ඇගේ සිරුරේ හැම තැනකටම පහර දුන්නා. ඇණය වැදීමෙන් ඇගේ හිස පපුව පිට ප්‍රදේශය බරපතල තුවාල සිදුවී අධික ලෙස ලේ වහනය වුණා.
 
"එයා ඒ ඇණේ තියෙන ලෑල්ලෙන් මගේ ඔළුවට එක දිගට ගැහැව්වා. මගේ ඔළු කට්ට පුපුරලා ගියා. මට දරාගන්න බැරි වේදනාවක් ඇති වුණා. මම මහා හඬින් කෑ ගැහැව්වා.."
 
ඇගේ කෑගැසීම ඇසුණූ අසල්වාසීහු ඇගේ නිවසට දිව ආවා. ඉන්පසු ඔවුන් මේ බව පොලීසියට දැනුම් දුන්නා. සැණෙකින් එහි පැමිණි පොලිස් නිලධාරින්ට දැකගත හැකිවූයේ බරපතල තුවාල ලැබූ හෙලන් වීදුරු කටු ගොඩක් උඩ වැටී සිටින ආකාරයයි.
 
පොලිස් නිලධාරින් ඇය වහා රෝහලකට ඇතුළු කිරීමට කටයුතු කළ අතර රෝහලේදී ඇයට ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව සැත්කමකට ද භාජනය කෙරුණා. සෙන්ටීමීටර් දෙක හමාරක පමණ විශාල කැපුම් තුවාලයක් හා සිරුර පුරා තිබූ තවත් කැපුම් තුවාල 80කට පමණ ද ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරුන්ට සිදුවුණා.
 
"ඔබගේ තුවාල හරිම දරුණුයි. අපිට පුදුම මෙපමණ තුවාල වෙලත් ඔබ ජිවත්වන එකයි.."
 
වෛද්‍යවරයෙක් ඇයට එසේ පවසා තිබුණා.
 
පොලීසිය ඉන් අනතුරුව හෙලන්ගේ සැමියා ලුක් අත්අඩංගුවට මිනීමැරීමට තැත් කිරීමේ වරදට ඔහු අධිකරණය ඉදිරිපත් කළා.
 
ලුක්ට එරෙහිව පැවති නඩු විභාගයේදී ඔහු වරද පිළිගැනීම නිසා අධිකරණය ඔහුට වසර 8ක සිරදඬුවම් නියම කළා.
 
අපරාධ ස්ථානයේ තිබී භායට ගත් කැඩුණු කතුරක්, ඇණයක් සහිත ලෑල්ලක්ද ඉස්කුරුප්පුවක් ද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
 
සැමියාගේ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් හෙලන් මේ වන විට වසර පහක කාලයක් ගෙවා ඇතත් ඇය තවමත් පසුවන්නේ රෝගී තත්ත්වයෙන්.
 
"මට තවම කට ඇරන්න බෑ. ඒ නිසා කතා කරන්නත් අමාරුයි. මගේ බෙල්ල හරවගන්න බෑ. තවමත් මම ඉන්නෙ බයෙන්. මගේ ඇඟ පුරා තියෙන තුවාල කැළලි දකිනකොට මට හිතෙනවා කවුරුහරි මගේ පිටිපසින් ඇවිත් මට පහර දෙන්න උත්සහා කරනවා වගේ. ඒක මට මානසික වදයක්. මෙහෙම දෙයක් මේ සමාජයේ කිසිම ගෑනියෙකුට සිද්ධ වෙන්න නරකයි. මේ වගේ පෝරිසාදයෙක්ට අධිකරණයෙන් දෙන දඬුවම් මදි. කාන්තාවෝ සියල්ලෝම ඒ සඳහා පෙළ ගැසෙනවා.."
 
"මම දැන් බයෙන් ඉන්නේ. ඒ පෝරිසාදයා තව මාස දෙකකින් නිදහස් වෙලා එනවා. ඒකා මගෙන් පළිගනිවී.."
 
එසේ පවසන ඇය ලුක්ට නිදහස ලබාදීමට එරෙහිව අධිකරණය පෙත්සමක් ඉදිරිපත් කිරීමටත්, ඒ සම්බන්ධයෙන් ඉහළ අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් කටයුතු කරමින් ඉන්නවා.
 
"මේ ක්‍රියාව මම කරන්නේ මං වගේ මෙවැනි ඉරණම් වලට පත්වී සිටින සෑම කාන්තාවක් වෙනුවෙන්. ගෘහස්ථ හිංසනය එංගලන්තයෙන් තුරන් කළ යුතුයි. ඒ සඳහා මේ යෝධ පෙත්සම සකස් කරනවා.."
 
රෝහණ ආර්යරත්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,575 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,614 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,034 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,100 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,263 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,395 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,586 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,066 Downloads



Top 10 Commenters

Latest Comments

Top