දැනට ඇමරිකාවේ සිරදඬුවම් විඳින මෙක්සිකෝ මත්ද්‍රව්‍ය පාතාල නායක ජෝකින් එල් - චාපෝ ගුස්මාන්ගේ පුත්‍රයෙකු මෙක්සිකෝ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ ආරක්ෂක අංශ සහ මත්ද්‍රව්‍ය කල්ලි අතර, විශාල ගැටුමක් හට ගෙන තිබෙනවා.
උතුරුදිග මෙක්සිකෝවේ කුලියකන් නගරයේදී එල් චාපෝගේ මත්ද්‍රව්‍ය කල්ලියේ සන්නද්ධ පිරිස් එරට පොලීසිය වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, මාර්ග බාධක යොදා මෝටර් රථ ගිනි තැබීමටත්, පෙළඹී ඇති බව සඳහන්. කෙසේ හෝ තවදුරටත් ප්‍රචන්ඩ ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහා එල් චාපොගේ පුත්‍රයා වන ඔවිඩියෝ ගුස්මාන් ලෝපෙස් මුදා හැරි බවයි මෙක්සිකෝ පොලීසිය ප්‍රකාශ කලේ.
සිය පියා අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු ඇමරිකාවට මත්ද්‍රව්‍ය සපයන ප්‍රධානතම මෙක්සිකෝ පාතාල කල්ලිය වන සිනලෝවා මෙහෙයවන බවයි විශ්වාස කෙරෙන්නේ.