රත්නපුර, නිවිතිගල 39 හැවිරිදි එක්දරු මවක මරා කුරුගම්මෝදර ගඟට විසිකර මාස 6කට පසු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැක තිදෙනා ලබන 29 දක්වා රිමාන්ඩ් කරන ලෙස රත්නපුර මහෙස්ත්රාත්වරයා නියම කළා.
2019-03-21 වැනි දින හෝ ඊට ආසන්න දිනක නිවිතිගල, කිරිබත්ගල වතු නිවාසයක පදිංචිව සිටි 39 හැවිරිදි විජය ලෙච්චමි නමැති එක්දරු මව ඝාතනය කිරීමෙන් පසු ත්රිරෝද රථයකින් රැගෙන ගොස් කිරිඇල්ල ප්රදේශයේ පිහිටි කුරුගම්මෝදර ගඟට විසි කළ සැකකරුවන් තිදෙනකු මෙම ඝාතනය සිදුවී මාස හතකට පසු රත්නපුර පොලිසියේ නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාව ඝාතනය වී මාස 6ක් ගතවුවත් නිසි ප්රගතියක් සිදුවී නැති බව තහවුරු කරගත් රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා මෙම පරීක්ෂණ කටයුතු රත්නපුර පොලිසියේ නීතිය බල ගැන්වීමේ ඒකකයට භාරදීමට කටයුතු කර තිබුණා.
ඒ අනුව එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.ඩී. ලයනල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වා සැකකරුවන් තිදෙනා පසුගිය 16 වැනි දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 23,27 හා 32 වැනි වියේ පසුවනවා.
අයෙක් ත්රිරෝද රියැදුරෙක් වන අතර අනෙක් දෙදෙනා යටියන්තොට පදිංචි සොහොයුරන් දෙදෙනෙක්.