බොක්සිං තරගයකදී එල්ල වූ පහරක් හේතුවෙන් මොළයේ ආබාධයකට ලක්වූ ඇමෙරිකානු බොක්සිං ක්‍රීඩක පැට්‍රික් ඩේ එම තරඟයෙන් දින 4කට පසුව ජීවිතක්ෂයට පත් වුනා.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 27ක්.
ඇමෙරිකාවේ චිකාගේ නුවර පැවැති ඔහුගේ සුපිරි වෙල්ටර්වේට් බර පංතියේ 10 වන වටයේදී ඔහු ආබාධයකට ලක් වූ අතර එසේ ආබාධයට ලක් වුයේ චාල්ස් ක්‍රොන්වෙල් එල්ල කළ පහරකින්නුයි. අනතුරුව ඔහු කෝමා තත්ත්වයට පත්වූ අතර පසුව ඔහු ජීවිතක්ෂයට පත් වුනා.
21 හැවිරිදි ඇමරිකානු කොන්වෙල් මෙම තරඟයෙන් අනතුරුව සඳහන් කළේ "මම කවදාවත් මෙය සිදුකිරීමට අදහස් කළේ නැහැ, මට කිරීමට අවශ්‍ය වූයේ ජයග්‍රහණය පමණයි," යනුවෙනුයි.
ඩේ ඔහුගේ වෘත්තීය සටන් 22 න් 17 ක්ම ජයගෙන ඇති පරාජයන් හතරක් හා එක් තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් කරගෙන තිබුනා.