හැගීම් වලට වහල් නොවී සිටියද තමාටත් විටෙක තරහක් දැනෙන බව ඉන්දියානු හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි පවසයි. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ තමන්ට අත්විදීමට වන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ඉගිකරමින් ඔහු මේ බව සදහන් කර සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
‘‘මටත් අනිත් අය වගේම සමාන හැගීම් තිබුණත් ඒවා මම ඒ අයට වඩා පාලනය කරනවා. මටත් එක හා සමාන කලකිරීම් ඇති වෙනවා. මටත් එක වෙලාවකට තරහා යනවා. නමුත් වැදගත් වන්නේ මට පාලනය කළ හැකි වඩාත් හොද දෙය ගැන සිතීම පමණයි.’’ යනුවෙන් මහේන්ද්‍ර සිං දෝනි එහිදී කියා තිබෙනවා.
කණ්ඩායමක් වශයෙන් අවශ්‍ය වන්නේ ජයග්‍රහණය කිරීම පමණක් බවත් ඒ සදහා සෑම කෙනෙකුම දායක වීම වැදගත්ම සාධකයක බවත් දෝනි පවසයි.