බලන්ගොඩ විකිළිය ප්‍රදේශයේ අවුරුදු 58 ක පමණ වයසැති කාන්තාවකට ඇයගේ මස්‌සිනා කෙනකු විසින් (16 දා) පොල්ලකින් හිසට පහරදීම නිසා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
මෙයට හේතුව වී ඇත්තේ තම ගෙවත්තේ රිළව් එළවීමට වෙස් මුහුණක් දමාගෙන කළු රෙද්දක් පොරවාගෙන වත්තට ගොස් ආපසු පටු පාරක් දිගේ එමින් සිටියදී ඇයගේ මස්‌සිනාට මෙම කාන්තාව මුණගැසී අවතාරයක් යෑයි සිතා පොල්ලකින් හිසට පහරදී පලාගොස් ඇති බවයි.
පසුව මැය වෙස් මුහුණ ගලවා ඇයි මල්ලියේ මට ගැහුවේ කියා විමසන විට පහරදුන් පුද්ගලයාට සිද්ධිය වැටහී ඇති බවත් සදහන්. කෙසේ නමුත් ඔහුද මැදිහත් වී කාන්තාව රෝහල්ගත කර ඇති බව රෝහල් පොලිසිය සඳහන් කරයි.