Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
හයර් එකක් ‍යන බව පවසා පාලු ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් ත්‍රීරෝද රථ රියදුරුගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයාට වැඩ වැරදුන හැටි

- හයර් එකක් ‍යන බව පවසා පාලු ප්‍රදේශයකට කැඳවාගෙන ගොස් ත්‍රීරෝද රථ රියදුරුගේ ගෙල කපා ඝාතනය කළ පුද්ගලයාට වැඩ වැරදුන හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,552 Views
වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේදී පසුගිය 9දා ඝාතනය කොට තිබූ තරුණයාගේ ඝාතනය සිදුකල බවට සැකකෙරන පුද්ගලයෙකු සැකපිට සැඟව සිටියදී අද (17) අළුයම අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය කියයි.

වවුනියාව සින්නපුදුකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කේග සුරේන්ද්‍ර ප්‍රකාශ් තරුණයා පසුගිය 09 වනදා වවුනියාව කෝවිල්කුලම් ප්‍රදේශයේදී ත්‍රී රෝදයකින් තවත් අයෙකු කුලී ගමනක් සඳහා රැගෙන යාමෙන් පසුව අතුරුදහන්ව තිබූ අතර පසුව කල්ලිකුලම් කැලෑවකදී එම තරුණයාගේ මළ සිරුර පුලුස්සා තිබියදී පොලීසිය විසින් සොයාගනු ලැබීය.

අනතුරුව එම මිය යාම ඝාතනයක් බවට හෙලි වීමෙන් පසුව ක්‍රියාත්මක වූ වවුනියාව පොලිස් කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය විසින් සතියක කාලයක් තුලදී සන්නිවේදන තාක්ෂණය යොදාගනිමින් ඝාතනය සිදු කල බවට සැකකෙරෙන වවුනියාව මුරුගනූර් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි නඩරාජා ක්‍රිෂ්ණලෝජන් නැමති 25 හැවිරිදි තරුණයෙකු මාතර ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් පසුව පොලීසියට පාපොච්චාරණයක් සිදු කොට ඇති අතර එහිදී සැකකරු විසින් අදාල ඝාතනය සිදු කල අයුරු පොලීසියට පවසා ඇත.

සැකකාර තරුණයා විසින් මිය ගිය තරුණයාට ත්‍රී රෝදයක් ඇති නිසාවෙන් කුලී ගමනක් පසුගිය 07 වනදා නෙඩුන්කේනි ප්‍රදේශයට රැගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කලද එය අසාර්ථක වීමෙන් පසුව පසුදින නැවතත් ඕමන්ත කල්ලිකුලම් ප්‍රදේශයට රැගෙන ගොස් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කොට ත්‍රී රෝදරථයේම ඉන්ධන ගෙන සිරුරට දමා පුලුස්සා මියගිය තරුණයාගේ ගෙලේ තිබූ රන්මාලය හා මුදල් රුපියල් 2800 ක් රැගෙන පලා ගොස් ඇති අතර එහිදී ඝාතනය සඳහා යොදාගත් පිහිය ඇතුලු මිය ගිය තරුණයාගේ අනෙකුත් දෑ වැසිකිලි වලකට දමා තිබියදී පොලීසිය විසින් සොයාගනු ලැබීය.

සැකකරු විසින් මිය ගිය තරුණයාගේ රන් මාලය මාතර ප්‍රදේශයේ රුපියල් 89000කට උකස් තබා තිබි ඇති අතර එයද සොයාගැනීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අද (17) දින වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා උතුරු පලාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන මහතාගෙ උපදෙස් පරිදි වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාගේ අධීක්ෂණයෙන් වව්නියාව පොලිස් අධිකාරී තිස්ස ලාල්ද සිල්වා මහතා සහ සහකාර පොලිස් අධිකාරී මල්වලගේ මෙහෙයවීමෙන් නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.ජී.සී.පී. කෝරලගෙදර මහතාගේ නායකත්වයෙන් පොලිස් සැරයන් වරුන් වන 23279 කුලතිස්සල 42521 ජේසුදාසන් පොලිස් කොස්තාපල් වරුන් වන 40201 නිශ්ශංක, 45401 ජීවානන්දන්, 52391 කරුණාතිලක, 74331 සාලිය, 78448 වීරසේනල රියදුරු 75533 යන නිලධාරීන් දායක වී ඇත.

"මව්බ්ම"
මුලතිව් ශෂිකුමාර්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,970 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,340 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,342 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,500 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,576 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,586 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,944 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top