Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
17
"වෙළද පොළට දාන්න බැරි නිසා වළවල් කපලා ඒ වළවල් වලට රාබු දාලා මාස දෙකක් විතර වහලා තිබ්බා.." - කොළඹින් ගමට ගොස් ගොවිකම් කරන නීලාගේ කතාව

- "වෙළද පොළට දාන්න බැරි නිසා වළවල් කපලා ඒ වළවල් වලට රාබු දාලා මාස දෙකක් විතර වහලා තිබ්බා.." - කොළඹින් ගමට ගොස් ගොවිකම් කරන නීලාගේ කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,182 Views
"මගේ අත් දෙකින්ම සකස් කරපු සහල් දරුවන්ට යවනවා..."

"ගමේ මිනිස්සු දවසේ පඩිය අරන් රයිස් ගෙනත් කනවා. කොත්තු ගෙනත් කනවා.."

“කුරුණෑගලින් ඉඩමක් මිලදී ගන්න කියලා එද්දි මගේ හිතේ මැවිලා තිබුණේ පොල් ගස් වලින් පිරුණු ඉඩමක්. ඒත්, එක යායට බැඳුණු එරමිණියා ගාලක් තමයි මේ ඉඩමේ තිබ්බේ....”   
 ගමින් නගරයට යන මිනිස්සු තමාට උරුම දේ අහිමි කර ගනිද්දී නගරයෙන් ගමට ගොස් අහිමි දේ හිමි කර ගන්න වෙහෙසෙන අපූරු කාන්තාවක් පසුගිය දිනෙක පොල්පිතිගම ඉරුදෙනියාය ප්‍රදේශයෙන් මුණ ගැසුණි.   

කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර් 90ක් පමණ දුරින් පිහිටි ඉරුදෙනියාය ප්‍රදේශයේ වෙසෙන ඇය, නීලා රුක්මණී බොතේජු නම් ඇය 62 හැවිරිදිය.   

ඇය පිළියන්දල ප්‍රදේශයේ උපත ලබා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පිඟන් සංස්ථාවේ රාජකාරි කොට විශ්‍රාම ගත් තැනැත්තියකි. ඇය විශ්‍රාම සුවය ගත කරන්නට ඇගේ උපන් ගමේ සිට කිලෝමීටර් දෙසීයක් පමණ දුරින් පිහිටි පොල්පිතිගම ඉරුදෙනියාය ප්‍රදේශය තෝරා ගත්තාය

පර්චස් 15 ක වසර 55 ක්ම ජීවත් වූ ඇය අක්කර දහයක් තරම් ඉතා විශාල භූමි භාගයක නිදහසේ ජීවත් වන්නේ ඇගේ දෑතින් ම බොහෝ දෑ වවමින් ඒවා භුක්ති විඳිමින්ය.   
වසර 8 ක් වැනි කෙටි කාලයක් තුළදී එම ඉඩමෙහි කොස්, දෙල්, පොල්, කෙසෙල්, අඹ, පේර, නෙල්ලි, චෙරි, ඩ්‍රැගන් ෆෘට්, කාමරංගා, දෙළුම්, දොඩම් වැනි පලතුරු වලින් පිරී ගොසිනි.   

ඉතාමත් ශුෂ්ක ප්‍රදේශයක සරුසාර ඉඩමක් පවත්වාගෙන යන නීලා බොතේජු මහත්මිය උදේ සිට සවස් වන තුරුම ගෙවිලියක්ව වගා කරන්නීය.   

ජීවිතේ කෙදිනක වත් උදැල්ලක් අතින් ගෙන තණකොළ උදලු ගා දමන්නට වත් නොදත් බොතේජු මහත්මිය මේ වන විට ගොවි කටයුතු සියල්ලක්ම ඉගෙන ගෙන සිටින්නීය. ඇගේ දායකත්වයෙන්ම වවන කුඹුරේ වී තම්බා සහල් කරගන්නට ද ඉගෙන ගත්තාය. අපට අහිමිව යන බොහෝ දේ හිමි කර ගන්නට උත්සාහ කරමින් උපන්දා සිට තමා දුටු කුස්සියේ ගෑස් ළිප ඉවත් කර දර ළිපේ තමාගේම දෑතින් කෑම පිසින්නට පටන් ගත්තාය.   

කොළඹ සිට පැමිණෙන ඕනෑම කෙනෙකුට ගමේ කමට, ගමේ සිරිත් විරිත් වලට සලකන්නට ඇය පුරුදු වූවාය, ලබු කැටයේ වතුර දමා එන අමුත්තන්ට සංග්‍රහ කළාය. මේ නිසා මේ අපූරු කාන්තාව පිළිබඳව අපි ඇය සමගම කතා කළෙමු.   

මම මේ තත්ත්වයට පත් වුණේ හිතාමතාම නෙවෙයි. අපේ ගෙවල් ළඟ ඉරුදෙනියාය පදිංචි කෙනෙක් වැඩට ඇවිත් හිටියා. මං එයාට කිව්වා මට කුරුණෑගලින් ඉඩමක් හොයලා දෙන්න කියලා. ඒ වෙනකොට මහත්තයා හිටියේ විදෙස් ගත වෙලා. මහත්තයා පිඟන් සංස්ථාවෙන් ඉවත් වුණාට පස්සේ විදෙස් රටක රැකියාවක් කළා. මහත්තයා ලංකාවට ආවට පස්සෙ අපි ඉඩම බලන්න ගියා.   

කුරුණෑගලින් ඉඩමක් කිව්වම අපේ හිතේ මැවිලා තිබුණේ පොල් ගස්. ඒ උනාට මේ ඉඩම සම්පූර්ණයෙන්ම වැහිලා තිබුණේ එරමිණියා යායකින්. මේ ඉඩමට ඇතුළු වෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මම වත්තට ඇතුළු නොවී මේ පාරේ ඉඳලම ඉඩම දිහා බලලා කමක් නෑ. මේ ඉඩම මම ගන්නවා කියලා කිව්වා. ඊට පස්සේ අපිට කැලේ සුද්ද කරන්නම දවස් ගානක් ගියා. ඉඩම බලාගන්න කෙනෙක් යෙදෙව්වා. නමුත් ඒ අය සාර්ථක වුණේ නෑ. ඒ අය අපිට ඇතැම් අවස්ථාවල වංචා කළා. ඒ නිසා මමයි මහත්තයයි දෙන්නම තීරණය කළා මෙහි පදිංචි වෙන්න. අපි කුඩාවට ගෙයක් හදලා දෙදහස් එකොළහේදී මේ නිවසේ පදිංචි වුණා. එහෙම ඉඳිද්දී ගමේ ජීවත් වෙන්න ඕන කියලා හිතලා හැමදේම ගමේ මිනිසුන් එක්ක කතාබහ කරලා පුරුදු උනා. එතකොට තමයි මට තේරුණේ මේ සරල ජීවිතේ කොච්චර නම් වටිනවද කියලා. මම ගොඩක්ම කැමැතියි මේ ගස් වලින් ලැබෙන ස්වභාවික සුළඟ විඳින්න.   

අපේ ගේ ළඟමයි පොතුවිල වැව තියෙන්නේ. අපි සමහර වෙලාවට වැවෙන් නාන්න යනවා. මේ හැම දේකටම ටික ටික අපි පුරුදු වුණා. ඒ පුරුදු වුණේ දුකෙන් නම් නෙවෙයි. ගොඩාක් සතුටින්.   
මෙහි ආවට පස්සෙයි මම දන්නේ එළවළු පලතුරු භෝගවලට කොච්චර වස විස දානවද කියලා. ඒ නිසා මං හිතුවා වස විස නැති කෑම අපේ අනාගත පරපුරට දෙන්න ඕනේ කියලා. මට එක පුතෙක් ඉන්නවා. එයාට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. මං ඒ අයට වස විස නැති කෑම කවන්න ඕන කියලා තීරණය කළා. ඒ අය වෙනුවෙන් මම ගම් කුකුළන් ඇති කරනවා. දවස් පහළවකට වතාවක් මම බිත්තර 45ක් දරුවන් වෙනුවෙන් කොළඹට යවනවා. මගේ අත් දෙකින්ම සකස් කරපු සහල් දරුවන්ට යවනවා. ඔවුන්ට එළවළු පලතුරු පලා වර්ග පුළුවන් තරම් යවනවා.   
 
 
දැන් හිතෙනවා ඒ කාලේ අපි කොළඹට වෙලා කොළ කැඳ කියල මොනවා බිව්වද දන්නේ නෑ කියලා. දැන්නම් මට ඕනතරම් අලුත් කොළ වර්ග තියෙනවා. මුකුණුවැන්න, වැල්පෙනෙල, පොල්පලා, ඉරමුසු, මොනරකුඩුම්බිය, කුප්පමෙනිය, හාතවාරිය, හැමදේම මෙහෙ තියෙනවා. මම මේ දේවල් මෙහිදී හොඳට හඳුන ගත්තා. මං හැමදාම කොළ කැඳ හදනවා. ඇති තරම් අල වර්ග, පලතුරු වර්ග, එළවළු වර්ග අපිට කන්න තියෙනවා. මස් මාළු වුණත් ශීතකරණයේ නොදා කන්න ඕන තරම් දේවල් තියෙනවා.   

අපේ වගාවන් වලට කාබනික පොහොර දාන්න ඕන නිසා ලොකු කුකුළු කොටුවක් පවත්වාගෙන යනවා. කුකුළු පොහොර අපේ වගාවන් වලට යොදනවා. බේරගන්න බැරිම රෝගයක් ආවොත් විතරයි අපි රසායනික තෙල් පාවිච්චි කරන්නෙ.   

පහුගිය කාලේ අපි අක්කර දෙකක රාබු වගාවක් දැම්මා. ඒ කාලේ දඹුල්ල මාකට් එකේ රාබු කිලෝ එකක් රුපියල් අටයි. ඒ උනාට රාබු ගලවලා සෝදනකොට කිලෝ එකකට වියදම යනවා රුපියල් 12 ක්. කිලෝමීටර් ගානක් දඹුල්ලට අරං ගිහින් විකුණන එකේ තේරුමක් නැති නිසා අපි ඩෝසරයක් ගෙනත් මේ සියලුම රාබු ඩෝසර් කරලා පැත්තක ගොඩ ගැහුවා. ඊට පස්සේ වළවල් කපලා ඒ වළවල් වලට රාබු දාලා මාස දෙකක් විතර වහලා තිබ්බා. ඒ වළවල් උඩ දෙමුහුන් කළ පේර වගාවක් වැව්වා. ඒවට වෙනත් පොහොර දාන්ඩ වුණේ නෑ. පේර වගාව ඉතාමත් සාර්ථකයි. දැන් අපි පේර වෙළෙඳපොළට යවනවා. 
 
අපි මහන්සි වෙලා වැඩ කළත් අපිට හිතෙනවා ඇත්තටම ගම කියන්නේ සුරපුරයක් ද කියලා. ගමේ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නෑ. ඒ නිසා ගමේ මිනිස්සු රුපියල් 600, 700ට දවසේ වැටුපට වැඩකරලා හැන්දෑවට රයිස් ගෙනත් කනවා. කොත්තු ගෙනත් කනවා. අපිට වෙලාවකට හිනහත් යනවා. මෙච්චර දර තියෙද්දි ගෑස් ළිප පාවිච්චි කරනවා. මිනිස්සු අලුත් වෙන්න ගිහින් විනාස වෙලා තියෙන්නෙ කියලා හිතෙනවා.

අපේ ඉඩම අක්කර දහයක්. මේ අක්කර 10 පුරාවටම අපි හැම භෝගයක්ම වවනවා. අපි ගමේ මිනිස්සු එක්කත් සුහදව ජීවත් වෙනවා. අපේ වත්තෙ වැඩ කරන්න ගමේ කාන්තාවෝ එනවා. ඒ අයටත් අපි උදව් කරනවා. අපේ ගෙවල් ළඟ පන්සලක්, දේවාලයක්, තියෙනවා. පහුගිය දවස්වල පෙරහර තිබුණා. ඒ පෙරහර එක දිගට දවස් 7 ක් තිබුණා. මුළු පෙරහැරටම කොළ කැඳ හදලා දෙන්න මට පුළුවන් වුණා. මං තනියම ඒ අයට කැඳ හදලා දුන්නා. මං ඒ දේවල් කරන්නේ ඉතාමත් කැමැත්තෙන්. අපි මෙහෙට එන්න පෙර ඇදහිලි පිළිබඳ විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් මේ වැඩ කරගෙන යද්දී තේරෙනවා මේවගේ යම් යම් සත්‍ය තියෙනවා කියලා. ඒ නිසා අපි ඒ දේවල් වලටත් ගරු කරමින් තමයි මේ සියලුම වැඩ කටයුතු කරගෙන යන්නේ. මෙහෙට ආව මුල් කාලෙදි අපි ගොඩක් බයෙන් ජීවත් වුණා. මොකද වටපිටාවටම වන අලි කඩා වදිනවා. අපි අපේ වත්ත වටේට විදුලි වැට යොදලයි තියෙන්නෙ. ඒ වුණාට හිටවපු පොල් පැළ වන අලියන් ගලවලා දාලා තිබුණා. ළඟපාතට වන අලි ඇවිත් යනවා. මේ පැත්තෙ ගොඩක් වන සත්තු ඉන්නවා. මොනරා, කලවැද්දා, ඉත්තෑවා, ඌරා වැනි සත්තු නිතර දකින්න ලැබෙනවා. ඉතින් අපි මේවා කොළඹ ඉඳලා දකින්න පෙරුම් පුරන්න ඕනෑ. නමුත් අපි අද මේ සියලුම දේ විඳින, සතුටින් ජීවත්වන දෙන්නෙක් බවට පත් වෙලා.   

මේ විදිහට අපිට වගාවන් සාර්ථකව කරගෙන යන්න කෘෂිකර්ම නිලධාරීන් උදව් කරනවා. ඒ අය අපිට උදවු කරන්නේ ගොඩක් කැමැත්තෙන්. ඒකට හේතුව තමයි ගම්වල ඉන්න ගොඩක් අය තමන්ට ඕන විදිහටයි වැඩ කරන්නේ. අපි නිලධාරීන් කියන විදියටම වැඩ කටයුතු කරන්නෙ උත්සහ කරනවා.   

අපි කොළඹ ඉන්න කාලේ ලස්සන ලස්සන එළවළු මාකට් වලට ගිහින් තේරුවා. ඒත් දැන් තමයි තේරෙන්නේ එළවළු ලස්සන කරන්න කොච්චර දේවල් කරනවද කියලා. මම දැනගත්තෙ ඉරුදෙනියාව වගේ දුෂ්කර පළාතකට ඇවිත් එළවළු වවන්න ගත්තට පස්සේ. ගොඩක් ගොවියන් පුරුදු වෙලා ඉන්නෙ රසායනික තෙල්, පොහොර යොදන්න. සමහර එළවළු වර්ග අස්වනු කඩලා, ඇසුරුම් කරලත්, කෘමිනාශක වර්ග යොදනවා. විශේෂයෙන්ම තක්කාලි, වැටකොළු, ගෝවා, රාබු, නෝකෝල්, බීට්, පතෝල වගේ එළවළු වලට රසායනික ද්‍රව්‍ය යොදනවා. මේ නිසා තමයි එළවළු මෙච්චර ලස්සනට තියෙන්නෙ කියලා මම තේරුම් ගත්තා. නමුත් වෙළඳපොලේ තියන පණුවෝ කාලා ඇදකුද වෙච්චි එළවළු පලතුරු වලට ඒ තරම් රසායනික තෙල් පොහොර යොදන්නේ නෑ. අපි නිරෝගීව ඉන්න නම් මේ තෙල් පොහොර භාවිතා නොකරන කෑම තමයි කන්න ඕනේ කියලා මම මෙහෙට ආවට පස්සෙ තේරුම් ගත්තා. ඒ නිසා මම පුළුවන් තරම් කාබනික පොහොර යෙදූ කෑම බීම අපි ගෙදර පාවිච්චි කරනවා. කොළඹින් එන අයට හුරු කරන්න මම උත්සාහ කරනවා.   
ඇය මේ දේවල් කීවේ ඉතාමත් සතුටිනි. ඇගේ සියලුම වැඩකටයුතු වලට සහයෝගය දෙන ඇගේ සැමියා වන අනුර බොතේජු මහතා ද මේ සියලු ක්‍රම අනුමත කරමින් ඒ ප්‍රදේශයේ ජීවත්වන පක්ෂීන්ගේ පිහාටු ගොඩක් සිහිවටන ලෙස අප හට ලබා දෙන්නට ද අමතක නොකළේය.   

කාබනික පොහොර යොදලා කහ, ඉඟුරු, තුඹ, වම්බටු, එළබටු, තිබ්බටු, මුරුංගා වැනි එළවළු බෝග අතර මහා පරිමාණයෙන් වට්ටක්කා, පිපිඤ්ඤා, කොමඩු වැනි වගාවන් ද කරන්නීය.
 
චාන්දනී දිසානායක




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,550 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,597 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,031 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,092 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,258 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,391 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,580 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,063 Downloads



Top 10 Commenters

Latest Comments

Top