Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
17
"රූපය නිසාම ජීවිතයම වරද්ද ගත්ත අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා.." - අංජුලා රාජපක්ෂ - Photos

- "රූපය නිසාම ජීවිතයම වරද්ද ගත්ත අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා.." - අංජුලා රාජපක්ෂ - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56 Views
"කවදාවත් මම ජිම් එකකට ගිහින් ව්‍යායාම කරලා නැහැ.."

"කෑම පාලනය කරන්නෙත් නැහැ.."

අංජුලා රාජපක්ෂ කියන්නේ වර්ෂ ගණනාවක් තිස්සේ රංගනයත් එක්ක ජිවත් වෙන රංගන ශිල්පිණියක්. විවිධ නිර්මාණ එක්ක දකින්න ලැබෙන අංජුලා එදා වගේම අදටත් ලස්සන නිසා බොහෝ දෙනෙක්ගෙන් ආදරය ලබනවා. රසික ආදරය එක්ක රංගන ක්ෂේත්‍රයේ රැදී ඉන්න අංජුලා ගැනයි මේ.

ඉතිං අංජුලා කොහොමද?
හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා.

එන්න එන්නම ලස්සන වෙනවා. මොකක්ද රහස?
රහසක් නැහැ. උපතින්ම ලැබුණ ලස්සන තමයි තාමත් තියෙන්නේ.

ඇඟ ලස්සනට තියන් ඉන්න ව්‍යායාම කරනවාද?
නැහැ කවදාවත් මම ජිම් එකකට ගිහින් ව්‍යායාම කරලා නැහැ. ඇඟ අඩු කර ගන්න කියලා කෑම පාලනයක් කවදාවත් කරන්නෙත් නැහැ. ඒත් හැමදාම එකම ශරීර ප්‍රමාණයක ඉන්නවා. නමුත් නිවසේදී වැඩ කාර්යක්ෂමව ඉටු කරන්න පුරුදුවෙලා ඉන්නවා.

කාන්තාවක් ලස්සනට ඉන්න එක වැදගත්ද?
ඔව්. රුවැති දුවයි, කටැති පුතයි කියලා අපේ පැරණි කියමනක් පවා නිර්මාණය වී තිබෙන්නේ නිකං නොවෙයිනේ. දරුවෙක් ලැබෙන්න ඉන්න කොටමයි අම්මා කෙනෙක් අධිෂ්ඨාන කරන්නේ රූමත් දුවෙක් ලැබෙන්න කියලා. විශේෂයෙන්ම කාන්තාවකට ආකර්ශනයක් සොඳුරු බවක් ලැබෙන්න නම් අනිවාර්යෙන්ම කාන්තාවක් ලස්සන වෙන්න  ඕනේ.

ලස්සන තිබූ පමණින් කෙනෙකුට හැමදේම ලැබෙනවාද?
නැහැ. රූපය ලස්සන වූ පමණින් කෙනෙකුට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ලස්සනත් සමග කාන්තාවකට තිබිය යුතුම දෙයක් තමයි බුද්ධිමත් බව. අනිත් දේ තමයි හැසිරීම. කතා කරන විලාසය. මේ හැමදේම නැතුව කාන්තාවක් ලස්සන වූ පමණින් ඇයට ලැබෙන දෙයක් නැහැ. ලස්සන නිසා ලෝකය ජයගත් අය වගේම රූපය නිසාම ජීවිතයම වරද්ද ගත්ත අය ලෝකයේ  ඕනෑ තරම් හමුවන්නේ ඒ නිසා.

ලස්සන කෙනෙක් අවලස්සනව පේන්න බලපාන කරුණු මොනවාද?
මම හිතන්නේ එහෙම වෙන්න බලපාන ප්‍රධාන දේ තමයි අපිරිසිදුකම. අනිත් දේ තමයි ප්‍රියමනාප විදිහට කතා කරන්න දන්නේ නැති එක. තමන් ලස්සනයි කියලා උදම් වෙන්න යනකොටත් අපි දන්නේම නැතුව අපේ ලස්සන වියැකී  යන්න පුළුවනි.

කෑම බීම ගැනීමේදී සැලකිලිමත් ද?
මෙහෙමයි මම කෑම වැඩිපුර ගත්තා කියලා මහත්වීමක් වෙන්නේ නැහැ. කොහොම කෑම ගත්තත් මම මාංශ ආහාරවලට කැමති නැහැ. පළා වර්ග, එළවළු, පලතුරු නිතර වැඩිපුර ආහාරයට ගන්නවා. උදේ පාන්දර ෆ්‍රෙෂ් මිල්ක් වීදුරුවක් බොනවා.

සම ලස්සනට තියා ගන්න නිවසේදී සිදුකරන ප්‍රතිකර්ම මොනවාද?
සතියකට වරක් පිරිසිදුව ලබා ගත් කෝමාරිකා මදය මුහුණේ ගාන්න පුරුදු වෙලා ඉන්නවා. කෝමාරිකාවලින් මුහුණේ ඇති වන වෙහෙසකර බව නැති වෙනවා. ඊට අමතරව ඉඳහිට වෙලාවක් ලැබුණාම කඩල පිටිවලට මී පැණි ස්වල්පයකුයි, දෙහි බිංදු කිහිපයක් දමා එයට අයිස් වතුරෙන් මිශ්‍රකර මුහුණේ ආලේප කරනවා. එය විනාඩි 20ක් විතර කියලා සෝදාහරිනවා. මෙම ස්වභාවික සත්කාරයෙන් සමට නැවුම් බවක් ලැබෙනවා.

කෙනෙක් ලස්සනට ඉපදෙන්නේ?
මම නම් හිතන්නේ කෙනෙක් ලස්සන වෙලා ඉපදෙන්න පෙර පිනක් තිබිය යුතුයි.

පුංචි කාලේ මතකයේ තිබෙනවාද?
ඔව්. ඉස්සර අම්මී බලෙන් මැල්ලූම් කවනවා. මැල්ලූම් කන්න මම ආස නැහැ. ඒත් අම්මී පෙරැත්ත කරන නිසා මැල්ලූම් ටික කාලා වතුර බොනවා. තැඹිලි වතුර, පලතුරු යුෂ වගේම වතුරත් ගොඩක් බොන්න දෙනවා බලෙන්ම. ඒ දවස්වල නම් එච්චර දැනුනේ නැහැ මේ දේවල් සම ලස්සන වෙන්නයි නිරෝගීකමටයි උපකාරී වෙනවා කියලා. ඒත් දැන් නම් හිතනවා අම්මී කරපු හැමදේම මගේ හොඳටමයි නේද කියලා.

ආ... තව අම්මා මම පොඩි කාලේ කහයි, කොහොඹ කොළයි වෙනිවැල්ගැටයි තම්බලා ඒ වතුරෙන් ඇඟ සෝදනවා. මේ ඖෂධිය වතුර විෂබීජ නාශකයක් නිසා එය සමේ පැහැයටත් ඉතාම හිතකරයි. කොච්චර හොඳ වුණත් මේ වගේ ස්වාභාවික සත්කාරනම් අපට දැං කෙරෙන්නේ නැහැ.

පැහැපත් සමක්, එහෙමත් නැතිනම් සුදු සමක් තිබීම රංගනයෙන් ඉදිරියට යන්න වාසියක් වුණාද?
මම ගොඩක් සුදු නිසාම දක්ෂතාවය තිබුණත් ඇතැම් රංගන අවස්ථා ගිලිහී ගිය අවස්ථා තිබුණා.  මුලදී මට ලැබුණේ වෙස්ටන් චරිත විතරයි. ආසාව තිබුණත් දක්ෂතාව තිබුණත් ගැමි චරිත රඟ දැක්වීමට අවස්ථාවක් ලැබුණේ නැති තරම්.

දැං කාලේ තරුණ ළමයි අවුරුදු 12 - 15 වෙනකොට පේෂල් දානවා, ක්ලීනප් කරනවා, විටමින් වර්ග ගන්නවා සම සුදු වෙන්න කියලා. ඇත්තට නම් අපේ තරුණ කාලේ හම සුදු වෙන්න එවැනි දේවල් කරනවා කියලා දැන සිටියේත් නැහැ. කොණ්ඩය කලර් කරපු එකටත් ගෙදරින් මුලදී කැමති වුණේ නැහැ.

ලෝකයේ දැකපු ලස්සනම කාන්තාව කවුද?
එහෙම විශේෂ කෙනෙක් නැහැ. ඒත් මම හරිම කැමතියි හැම දරුවෙක්ම තමන්ගේ දරුවෙකු වගේ සිතා ආදරෙන් කරුණාවෙන් සලකන, උසස් ගතිගුණ තියෙන උතුම් අම්මලාට. ඔවුන් රූපෙන් ගොඩක් ලස්සන නැතිවෙන්න පුළුවන්. නමුත් හදවතින් ගොඩක් ලස්සනයි.

ජීවිතයේ ලස්සනටම සැරසුන දවස?
2018 ජනවාරි 19 වෙනිදා. මම සැබෑවටම මනාලියක් වූ දිනය. එදා මාව හැඩගැන්වූවේ රූපලාවන්‍ය ශිල්පී ලක්ෂිත ජයසිංහ. ඔසරියකින් සැරසී හිටපු එදා මම හරිම චාම්ව හිටියේ. එදා මා ගාවට ආපු ගොඩක් අය මාව අගය කළා. ‘ඔයා අද නම් හරිම ලස්සනයි’ කියලා.

අධ්‍යාත්මිකව සිත දියුණු කර ගන්න මොනවාද කරන්නේ.
මම බෞද්ධ කෙනෙක්. ඒ වගේම ආගමට දහමට අනුව ජීවිතය හැඩගස්වා ගෙන ජීවත්වෙන්න නිතර උත්සාහ දරනවා. ඒ වගේමයි පුළුවන් හැම වෙලාවකම සතුටින් ඉන්නත් මම පුංචි කාලේ ඉඳලාම පුරුදු වෙලා ඉන්න දෙයක්.

අසුන්තා එදිරිසූරිය



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top