හංවැල්ල - ඇඹුල්ගම ප්‍රදේශයේදී පසුගිය මස 15 වනදා පුද්ගලයෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මිරිහාන කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ සැකකරුවන් හෝමාගම සහ කඩුවෙල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 22 සහ 26 යන වයස්වල පසුවන දැඩිගමුව සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදී ජංගම දුරකථන 3 ක්ද පොලිස් භාරයට ගෙන තිබුණා.
..