බියගම පොලිස් වසමේ පේරගස් හන්දිය, බියගම ලිපිනයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඊයේ (15) සමත් වුණා.
එහිදී ගණිකා නිවාසය කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් හා ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් එක් සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 40, 45 වයස්වල පසු වනවා.
ඔවුන් අද දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.