බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් කුමරිය මේ දිනවල පාකිස්ථානයේ සංචාරයක් නිරත වන අතර මේ පුවත ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නට සමත්ව තිබෙනවා.
විලියම් සහ කේට් යුවළගේ ප්‍රථම පාකිස්ථාන චාරිකාව දින 5 ක් පුරා ක්‍රියාත්මක වන අතර, එහි සැළසුම් ආරක්ෂක හේතූන් මත හෙළිදරව් කර නැහැ.
මේ අතරතුර කේට් කුමරිය ලොවක් ආදරය දිනූ වේල්සයේ සුරූපිණිය ඩයනා කුමරියගේ අඩිපාරේ ගමන් කරමින් ඇය මීට පෙර පාකිස්ථානු සංචාරයකදී භාවිතා කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටීම විශේෂත්වයක් වුණා.
ඩයනා කුමරිය පාකිස්ථානයේ සංචාරයක නිරතව ඇත්තේ 1991 වසරේදී යි. එනම් මීට වසර 28කට පෙර යි.
එමෙන්ම ඩයනා කුමරිය පාකිස්ථානයේ සංචාරය කළ අයුරු සිහි ගැන්වෙන කෘතියක්ද විලියම් - කේට් යුවළට තෑගි ලෙස ලැබුණා.
මේ අතර ඔවුන් දෙදෙනා පාකිස්තානයේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් විසින් පවත්වන ලද පිළිගැනීමේ උත්සවයක් සඳහා ද සහභාගී වී තිබෙනවා.