දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මධ්‍යම, සබරගමුව, දකුණ, වයඹ, බස්නාහිර සහ ඌව පළාත්වලටත්, අනුරාධපුරය, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම දිවයිනට දකුණු සහ ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ක්‍ෂණිකව රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මෙම මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 80 දක්වා ඉහළ යා හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දෙනවා.