Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
16
18 වනදා අගමැතිට සහ දයා ගමගේට ජනාධිපති කොමිසමට පෙනී සිටින්නැයි නියෝග

- 18 වනදා අගමැතිට සහ දයා ගමගේට ජනාධිපති කොමිසමට පෙනී සිටින්නැයි නියෝගHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

954 Views
නීතිඥ නියෝජනයක් මගින් හෝ තම අයිතිවාසිකම් වෙනුවෙන් කොමිසම හමුවේ මේ මස 18 වනදා යලි පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ අමාත්‍ය දයා ගමගේට රාජ්‍ය ආයතනවල වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම ඊයේ නියෝග කර තිබෙනවා.
 
ඒ මත්තල ගුවන්තොටුපලේ වී ගබඩා කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළවයි.
 
මැතිවරණ වේදිකාවේ ලබා දුන් පොරොන්දු අනුව මත්තල ගුවන්තොටුපලෙහි වී ගබඩා කිරීමට තීරණය කළ බව ජනාධිපති කොමිසම හමුවේ අනාවරණ වුණා.

ඒ වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපති බණ්ඩාර දිසානායක ලබා දුන් සාක්ෂි අනුවයි.
 
2015 දී ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැතිවීම මත එම පහසුකම් ලබා ගැනීමට ගුවන්තොටුපල බලධාරින් සමඟ සාකච්ඡා කළ බව සඳහන් කළ ඔහු, වටිනා වායු සමීකරණ ඇතුළු පද්ධතීන් තිබෙන බැවින් එහි ගබඩා පහසුකම් ලබාදීම ගුවන්තොටුපල බලධාරින් තරයේ ප්‍රතික්ෂේප කළ බව ද කොමිසම හමුවේ ප්‍රකාශ කළා.
 
කෙසේ වෙතත්, ඒ ගැන අමාත්‍ය දයා ගමගේ සමඟ නැවත නැවත සාකච්ඡා කළ බවත්, මැතිවරණ වේදිකාවේ දුන් පොරොන්දු අනුව මත්තල වී ගබඩා කිරීම අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලීම මත සිදුකළ බවත්, වී අලෙවි මණ්ඩලයේ හිටපු සභාපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන චරිත රත්වත්තේ ද ඊට අදාළව තමන්ට දැනුම්දීම් සිදුකළ බව ඔහු මෙහිදී ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.
 
ගුවන්තොටුපලට ගොස් යතුරු ලබා ගන්නා තුරු ගුවන්තොටුපල බලධාරින් ඒ ගැන දැන නොසිටි බවට සඳහන් කළ ඔහු ඊට යොදා ගත් මාස 6 න් මාස 3 ක කාලයක් සඳහා කුලී මුදල් නොගෙවූ බව ද කොමිසම හමුවේ ප්‍රකාශ කළා.
 
මෙහිදී සාක්ෂි දුන් මත්තල ගුවන්තොටුපලේ කළමනාකරු උපුල් කලන්සූරිය, වී ගබඩා කිරීම නිසා ගබඩාවේ විදුලි පද්ධතියට මෙන්ම වායු සමීකරණ පද්ධතියට ද බරපතල හානි සිදුව ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.
 
ඒ අනුව, කොමිෂන් සභා ආඥා පනතේ 16 වන වගන්තියට අනුවයි නීතිඥ නියෝජනයක් මගින් හෝ තම අයිතිවාසිකම් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය දයා ගමගේට මේ මස 18 වනදා එහි පෙනී සිටින ලෙස නියෝග කර ඇත්තේ.
 
එසේම, අද දිනයේ අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන චරිත රත්වත්තේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති අජිත් ඩයස්ට ද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,967 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,339 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,342 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,500 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,576 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,586 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,944 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top