Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
23 වන උපන්දිනයට දින දෙකක් තිබියදී, මඟීන් 359කගේ ජිවිත රැක ගනිමින්, ත්‍රස්තවාදීන්ට දිවි පුද දුන් Neerja Bhanot ගේ සංවේදී කතාව - Video & Photos

- 23 වන උපන්දිනයට දින දෙකක් තිබියදී, මඟීන් 359කගේ ජිවිත රැක ගනිමින්, ත්‍රස්තවාදීන්ට දිවි පුද දුන් Neerja Bhanot ගේ සංවේදී කතාව - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,615 Views
අවි ආයුධ රැගත් ත්‍රස්තයින් 4ක් එක්වරම කඩා වැදිලා..
ගුවන් සේවිකාවන් 10 දෙනෙකුට අත් වූ ඉරණම..
Neerja නිසා මඟීන් 300 ගණනකගේ ජිවිත ගැලවුණු හැටි..
 
මේ සත්‍ය කතාව, ගුවන් යානා ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු දවසක් ගැන. මේක හරියට සිද්ධ වෙන්නේ 1985 සැප්තැම්බර් 5 වැනිදා. ඉන්දියාවේ ඉඳලා ඇමරිකාව බලා පිටත් වෙන්න තිබුණූ Pam Am Flight 73 ගුවන් යානය පිටත් වෙන්න නියමිතව තිබුණා.
 
මේ ගුවන් යානයේ පළමු නැවතුම වුණේ පකිස්ථානයේ කරච්චි නුවර. මේ ගුවන් යානයේ හිටියා එක්තරා ගුවන් සේවිකාවක්. ඇය නමින් Neerja Bhanot.

මේ ගුවන් සේවිකාව අනිත් ගුවන් සේවිකාවන්ට වඩා ටිකක් විතර විශේෂයි. ඒ වගේම ඇගේ 23 වන උපන්දිනයට තිබුණේ තව දවස් දෙකක් විතරයි.

ඇය ගුවන් යානයේ අසුන් පනවමින් ඉන්න අවස්ථාවේ මේ ගුවන් යානයේ කවුළුවලින් පිටත අමුතු දෙයක් සිදු වෙමින් තිබුණා.
 
ඒ තමයි, අවි ආයුධ රැගත් ත්‍රස්තවාදීන් හතර දෙනෙක් මේ යානය පැත්තට එනවා. මේක දැකපු ඇය වහාම ක්‍රියාත්මක වෙලා ගුවන්යානා නියමුවන්ට රහස් කේතවලින් මේ පණිවුඩය දැනුම් දෙනවා.
 
එතනදී ගුවන් නියමුවන් මේ යානය අරන් යන්න බැරි වෙන්න රහස් දොරටුවකින් එළියට යනවා.
 
දැන් මේ යානයේ මඟීන් 370කට ආසන්න ප්‍රමාණයක් සහ ගුවන් සේවිකාවන් 10ක් ඉන්නවා.
 
ගුවන් යානයට ගොඩ වුණු ත්‍රස්තවාදීන් මේ ගුවන් සේවිකාවන්ව ආසනවලට තියලා ගැට ගහනවා.
 
හැබැයි Neerjaව ගැට ගහන්නේ නැහැ. ඒකට හේතුව ඇය සික් ජාතිකයෙකු වීම. හැබැයි ඇයට රාජකාරි ගොඩක් පමුණවනවා.
 
මේ යානයේ ඉන්න සියලුම මඟීන්ට කෑම බීම දෙන්න වුණේ තනිවමයි. Neerja බොහෝම සිනාමුසු මුහුණින් ඒ කාර්යය සිද්ධ කළත්, ඇයගේ යටි හිතේ තිබුණා වෙනම අරමුණක්.
 
මේ ගුවන් යානයේ හිටපු සියලූම මඟීන්ගෙන් ශක්තිමත්ම මඟියා තෝරගන්න ඇයට හැකියාව ලැබෙනවා.
 
ඊට පස්සෙ ඒ පුද්ගලයාට ඇය සඟරාවක් ලබා දෙනවා. ඒ පිටු අතර තියෙනවා හදිසි දොරටු විවෘත කිරීමේ ක්‍රමය. ඉතින්....... මේ අතරවාරයේ අර ත්‍රස්තවාදීන් තීරණය කරනවා ඇමරිකානු ජාතිකයින් මරා දමන්න.
 
ඇමරිකානු ජාතිකයින් තෝරගන්න මඟී බලපත්‍ර එකතු කළේ අර ගුවන් සේවිකාව.
 
ඉතින් ඇය සූක්ෂම විදිහට ඇමරිකානු ගුවන් මඟීන්ගේ බලපත්‍ර 41ක් සඟවනවා.
 
ටික වෙලාවකින් ත්‍රස්තවාදීන් තීරණය කරනවා මේකේ ඉන්න සියලූම මඟීන් මරලා දාන්න.
 
ත්‍රස්තවාදීන් මේ ගුවන් යානය ඇතුළේ දිගට හරහට වෙඩි තියනවා. ඉතින් අර ගුවන් සේවිකාව ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා.
 
ඇය හදිසි දොරටුවක් විවෘත කරලා රබර් පඩිපෙළ පහළට දානවා.
 
ඒත් එක්කම... අර සඟරාව ලබා දීපු පුද්ගලයාත් දැනන් හිටියා, හදිසි දොරටුව විවෘත කරන විදිහ. ඉතින් ඔහුත් එක හදිසි දොරටුවක් විවෘත කරනවා.
 
Neerjaට හදිසි දොරටුව විවෘත කරලා පහසුවෙන් එතනින් ගැලවී යන්න අවස්ථාව තිබුණා.
 
නමුත් ඇය එහෙම කරන්නේ නැහැ. ඇය මුල් තැන දෙන්නේ මේ යානයේ සිටි මඟීන්ට යි.
 
ඇය මේ යානයේ ඉන්න මිනිස්සුන්ට උදව් කරනවා මෙතනින් පැන ගන්න.
 
ඉතින් ඇය මිනිස්සුන්ට පැනලා යන්න උදව් කරන බව දුටුව ත්‍රස්තවාදින් ඇයට එකදිගට වෙඩි ප්‍රහාර කිහිපයක්ම එල්ල කරනවා.
 
ඒත් එක්කම පාකිස්ථානයේ කමාන්ඩෝ භටයින් එතනට ඇතුළු වෙනවා. එතනින් පස්සෙ මේ ත්‍රස්තවාදීන් ඝාතනය වෙනවා.
 
ඉතින් මේ ප්‍රහාරයෙන් මිනිස්සු 359 දෙනෙකුගේ ජිවිත බේරගන්න හැකියාව ලැබිලා තියනවා.
 
ඒත් එක්කම, මඟින් 19 දෙනෙකු පමණ ජිවිතක්ෂයට ලක් වෙනවා.
 
ඒ 19 දෙනා අතර Neerja කියන වීර ගුවන් සේවිකාවක් ඉන්නවා.
 
මේ වීර ක්‍රියා හේතුවෙන්, ඇය ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානය වන අශෝක චක්‍රයෙන් පිදුම් ලබනවා.
 
ඇය ගැන කතුවැකියක් 'නිව්යෝක් ටයිම්ස්' පුවත්පතෙත් පළ වනවා.
 
ඇමරිකානු රජය විසිනුත් ඇයට සම්මානයක් පිරිනමනවා.
 
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇයට 'භාරත්වීර්' ගෞරව නාමය පුද කරනවා.
 
මේ සත්‍ය සිදුවීම ඇසුරින් පසුකාලීනව චිත්‍රපටයක් පවා නිර්මාණය වූ අතර Sonam Kapoor රංගනයෙන් දායක වූ මෙම චිත්‍රපටයේ නම Neerja. IMDb 7.7ක් දිනාගන්න සමත් වුණු මේ චිත්‍රපටය සම්මාන කිහිපයකටත් නිර්දේශ වෙනවා. (මෙම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් බලන්න පුළුවන්.)
 
Credit: WATAPITA (වටපිට)





Neerja හින්දි චිත්‍රපටයේ දර්ශන කිහිපයක් පහතින්...


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,967 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,339 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,342 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,500 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,576 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,586 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,944 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top