අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට පුද්ගලයන් 127 දෙනෙකු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැඩිම පිරිසක් එනම්, 33 ක් තමිල්නාඩුවෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, උත්තර් ප්‍රදේශ්, කේරළ, තෙලංගානා, මහාරාෂ්ට්‍ර, කර්නාටක සහ දිල්ලි ප්‍රාන්තවලින්ද අයි.එස්. අනුගාමිකයන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අතර බහුතරයක් දැනට මැලේසියාවේ සිටින මතභේදකාරී අදහස් පතුරන සකීර් නායික්ගේ දේශනවලින් අන්තවාදී අදහස්වලට යොමුවූ අය බවයි අනාවරණ වී ඇත්තේ.
එමෙන්ම බංග්ලාදේශය ක්‍රියාත්මක කොටගත් ජමාත් උල් මුජහඞීන් ත්‍රස්ත කල්ලිය ඉන්දියාවේ කේරළ, කර්නාටක සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවල ව්‍යාප්ත වන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.