දකුණු කොරියානු ගායිකාවක සහ රංගන ශිල්පිනියක වන 25 හැවිරිදි Sulli සිය නවාතැනේ මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.
සැබෑ නාමය ‘චෝයි ජින් රී’ වන මේ කලාකාරිනිය 14 සඳුදා සියොන්ග්‍නම් හි පිහිටි ඇගේ නිවසේ වැටි සිටිය දී සොයාගෙන ඇති බවයි එරට පොලිසිය ප්‍රකාශ කරන්නේ.
“පෙර දින රාත්‍රියේ දුරකතනයෙන් කතා කිරීමෙන් පසු නැවත ඇය සම්බන්ධ කරගැනීමට අපොහොසත් වීම නිසා ඇයගේ කළමනාකරු ඇගේ නිවසට පැමිණ තිබෙනවා,” යනුවෙන් ප්‍රකාශ කරන සියොන්ග්‍නම් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ Sulli දැඩි මානසික අවපීඩන තත්වයකට මුහුණ දී ඇති බව යි. “පෙනෙන විදියට ඇය සියදිවි නැතිකරගෙන තියෙනවා, කෙසේ නමුත් අපි වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනවා.” යනුවෙන් පොලිසිය වැඩිදුරටත් සදහන් කර සිටිනවා.
SM එන්ටර්ටේන්මන්ට් විසින් 2009 දී එළිදැක්වූ ජනප්‍රිය K-pop කාන්තා සංගීත කණ්ඩායමක් වන f(x) හි සාමාජිකාවක ලෙස Sulli කටයුතු කර තිබෙනවා. 2015 දී ඇය එම කණ්ඩායමෙන් ඉවත්ව ඉන්පසු රංගන කටයුතු වෙනුවෙන් ඇය වැඩි කාලයක් කැප කර තිබෙනවා.