බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් කුමරිය පාකිස්ථානයේ සංචාරයක් සඳහා ඉස්ලාමාබාද් නුවරට ඊයේ ළඟාවුණා.
වසර ගණනාවක් ප්‍රචන්ඩ ගැටුම් පැවති පාකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය වර්ධනය වී ඇති බව පෙන්නුම් කිරීමට පාකිස්ථානයට මෙය අගනා අවස්ථාවක් ලෙසයි සැළකෙන්නේ.
පාකිස්ථානයට ආවේණික සල්වාර් කමීස් ඇඳුමෙන් සැරසුණු කේට් කුමරිය සහ විලියම් කුමරු ගුවන් තොටුපලේදී මල් කුමර කුමරියන් සමඟ පිළිගනු ලැබුවේ විදේශ අමාත්‍ය ෂා මෙහෙමුද් කුරේෂි විසින්.
විලියම් සහ කේට් යුවළගේ ප්‍රථම පාකිස්ථාන චාරිකාව දින 5 ක් පුරා ක්‍රියාත්මක වන අතර, එහි සැළසුම් ආරක්ෂක හේතූන් මත හෙළිදරව් කර නැහැ.
කෙසේ නමුත් ඔවුන් ඓතිහාසික මෝගල් අගනුවර වූ ලාහොරයේ මෙන්ම ඇෆ්ගනිස්ථාන දේශසීමාවේ කඳුකර ප්‍රදේශවලද සංචාරය කිරීමට නියමිත බව සඳහන්.
කේට් සහ විලියම් යුවළ, විලියම් කුමරුගේ මව, ඩයනා කුමරියගේ සමීප මිතුරෙකු වූ වත්මන් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ද මුණගැසෙනු ඇති.