මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින් මුණ ගැසී දෙමළ ජනතාවගේ ගැටළු පිළිබදව සාකච්ඡා කිරීමට උතුරු - නැගෙනහිර දෙමළ ජාතික පක්ෂ 5ක් තීරණය කර තිබෙනවා.
ඒ, ඊයේ යාපනයේ පැවති සාකච්ඡාවකදියි.
ඒ අනුව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා සන්ධානය, ටෙලෝ සංවිධානය, ඊ.පී.ආර්.එල්.එෆ්., ඉලංගෙයි තමිල් අරසු හා ප්ලොට් සංවිධානය යන පක්ෂ අදාළ තීරණයට කැමැත්ත පළ කර ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුතු ටී.එන්.පී.එෆ්. පක්ෂය ජනාධිපති අපේක්ෂකයින් හමුවීමේ තීරණයට කැමැත්ත පළ කර නැහැ.
..