Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
15
ටියුෂන් යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් කුරුණෑගලදී පැහැරගන්න හැදූ තැත වරදී

- ටියුෂන් යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් කුරුණෑගලදී පැහැරගන්න හැදූ තැත වරදීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

30,480 Views
දුරකථනය උදුරගෙන සිසුවියගේ පියාටත් තර්ජනය කරලා..
සැකකරුවන් දෙදෙනාට සිදු වූ දේ මෙන්න..
 
අවුරුදු 16ක සිසුවියක් අනුරාධපුරයේ සිට කුරුණෑගල පෞද්ගලික පන්තියකට සහභාගිවීම සඳහා පසුගිය 10දා කුරුණෑගලට පැමිණි අවස්ථාවේ තරුණයන් දෙදෙනකු විසින් යතුරුපැදියක නංවා පැහැරගෙන යෑමට උත්සාහ කළ පුවතක් කුරුණෑගල පොලිසියෙන් වාර්තා වනවා.
 
අනුරාධපුරයේ සිට බස් රථයකින් කුරුණෑගලට පැමිණ ඇත්තේ අලුයම 05.30ට පමණයි.
 
කුරුණෑගලින් බැස පෞද්ගලික පන්තිය කරා තනිව ගමන් කරනවිට පිටුපසින් පැමිණි යතුරුපැදියේ සිටි තරුණයන් දෙදෙනා විසින් සිසුවිය බලෙන් යතුරුපැදියට නංවා ගැනීමට උත්සාහ දරා ඇති අතර එක් තරුණයෙක් සිසුවිය ළඟ තිබූ දුරකථනයද උදුරාගෙන තිබෙනවා.

උදුරගත් දුරකථනයෙන් එම තරුණයා සිසුවියගේ පියාටද තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.
 
ඒ අතරතුර කුරුණෑගල නුවර පාරේ සිදුවන මෙම සිදුවීම දුටු පුද්ගලයකු කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පුෂ්පලාල් මහතාට දැනුම්දීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ ඔහු තම නිලධාරීන් සමඟ සිද්ධිය සිදු වූ ස්ථානයට ගොස් යතුරුපැදිය සමඟ එක් තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
අනෙක් සැකකරු පොලිසියෙන් මිදී පලාගොස් ඇති බව සඳහන්.
 
පලාගිය සැකකරු ළඟ තිබූ සිසුවියගේ දුරකථනය උපයෝගි කරගෙන අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඉතා සූක්ෂ්ම ලෙස ක්‍රියාකර ඔහුද අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 5ක් පමණ තිබී හමු වූ බව පොලිසිය පවසනවා.
 
මෙම සිදුවීම සිදුවීමට මොහොතකට පෙර හමුදා නිලධාරියකුටද පහරදී ඇති අතර කුරුණෑගල දඹුලු හන්දියේ ඇඟලුම් සේවයට යන තරුණයකුටද පහරදී ඔහු සතු රුපියල් 5,000ක මුදලක් කොල්ලකා තිබෙනවා.
 
පහරදීමට ලක්වූ හමුදා සෙබළා කුරුණෑගල ශික්ෂණ රෝහලේ මේ වනවිටත් ප්‍රතිකාර ලබනවා.
 
අත්අඩංගුවට ගත් තරුණයන් දෙදෙනා වයස අවුරුදු 27ක් වන බවත් මොවුන් නයිලිය හා හෙරලියාවල පදිංචි බවත් පොලිසිය හෙළිකරගෙන තිබෙනවා.
 
හෙළිකරගත් තොරතුරු අනුව මොවුන් දෙදෙනා ඉතා දීර්ඝ කාලයක සිට මත්කුඩුවලට ඇබ්බැහි වී සිට ඇති බවත් ඔවුන් සන්තගේ තිබූ උල් පිහියක්ද සොයාගත් බව පොලිසිය පවසනවා.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද 14දා දක්වා රිමාන්ඩ් භාරයේ තබා ඇති අතර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
 
මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,565 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,610 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,034 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,097 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,261 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,395 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,581 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,066 Downloads



Top 10 Commenters

Latest Comments

Top