මැලේසියානු ත්‍රස්ත මර්දන ඒකකයේ ප්‍රකාශක අයොබ් ඛාන් සඳහන් කළේ ඔවුන්ගේ පදිංචි ස්ථාන සහ ජංගම දුරකථන පරීක්ෂා කිරීමෙන් සැක කටයුතු මහා පරිමාණ ගනුදෙනු පිළිබද අනාවරණ වූ බවයි.
එහිදී හුවමාරු වූ මුදල් මැලේසියාවේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා පසුගිය වසර කිහිපය තුළ යොදා ගත් බව විශ්වාස කෙරෙනවා.
එමෙන්ම, අත්අඩංගුවට ගත් පුද්ගලයන් පදිංචිව සිටි ස්ථානවල තිබී එල්.ටී.ටී.ඊ. ධජ, පෝස්ටර් සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ද සොයා ගත් බවයි පොලිස් ප්‍රකාශකයා සදහන් කළේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පණ ගැන්වීම සඳහා මොවුන් කටයුතු කරමින් සිට ඇති බවටයි සැක කෙරෙන්නේ.
මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර්ට 2016 වසරේ ප්‍රහාරයක් එල්ල කොට තුවාල සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි බව සඳහන්.
එවන් පසුබිමක සේරුනුවරදී පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව යාපනය - කොණ්ඩාවිල් ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී කිලෝ 15 බැගින් බරැති ක්ලේමෝ බෝම්බ දෙකක් ද ඊයේ සොයාගනු ලැබුවා.
මීට පෙර ද ඔහු රැදී සිටි නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී අත්බෝම්බ 5ක්, සී - 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, සජීවී පතොරොම් 230ක් ඇතුළු තවත් යුද උපකරණ කිහිපයක් සොයා ගත්තේ සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.