Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
14
2020 ජනවාරි ඇමෙරිකන් ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට එරෙහිව තරඟ වදින යකඩ ගැහැනිය Kirsten Gillibrandගේ වතගොත මෙන්න - Photos

- 2020 ජනවාරි ඇමෙරිකන් ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට එරෙහිව තරඟ වදින යකඩ ගැහැනිය Kirsten Gillibrandගේ වතගොත මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22 Views
ලොව සුදු වේදනාව හා කළු වේදනාව කියා දෙයක් නැහැ. ඇත්තේ එකම වේදනාවක්..
ට්‍රම්ප් විසින් ඇමෙරිකාව වෛරයෙන් බෙදා වෙන් කර තිබෙනවා...
ගිනි අවිභාවිතයේ දැනට පවතින නීති රීති වල සිදුරු වසා දැමිය යුතුව තිබෙනවා...
 
“ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමෙරිකාව වෛරයෙන් බෙදා වෙන් කර තිබෙනවා. මම ජනාධිපතිවරණයට එන්නේ ඒ වෙනුවෙන් සටන් කර යළි මේ රටට අධ්‍යාත්මික එකමුතුභාවය ගෙන ඒමටයි“
 
එසේ පවසන්නේ 2020 ඇමෙරිකානු ජනාධිපති පොරපිටියට පැමිණ සිටින කාන්තාවන් සතර දෙනාගෙන් වඩාත් කැපී පෙනෙන ඩිමොක්‍රටික් නිව්යෝක් සෙනෙට් මන්ත්‍රිවරියක් වන ක්‍රිස්ටන් ගිලිබ්රෑන්ඩ්ය. මේ ලොව පුරා විවිධ රටවල ජනාධිපතිවරණ පැවැත්වෙන සමයකි.

ඇමෙරිකාවද 2020 ජනවාරි 15 පැවැත්වෙන ජනාධිපතිවරණයට සූදානම් වෙමින් සිටී. ට්‍රම්ප් පාලනයෙන් බැට කමින් සිටින ඇමෙරිකන් මධ්‍යම පන්තිය සහ පහළ කොටස් ට්‍රම්ප් එරෙහි අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් වටා එක්වෙමින් සිටිති.
 
කර්ස්ටන් නිර්භයව කරන ප්‍රකාශ දැඩිය.
 
“දූෂිතයා ඔබගේ මිතුරකු නම් ඔබ ඔහුට විරුද්ධව ක්‍රියාත්මක නොවේ. එය සාධාරණද?” ඇය ප්‍රශ්න කරයි.

ඇමෙරිකාව ගිලගෙන නැවත හිස ඔසවමින් සිටින වර්ණවාදය ඇය පිළිකුලෙන් යුතුව හෙළා දකියි.

“දරු ප්‍රසූතියට යන කළු කාන්තාවක් මරණයට පත් වීමේ ඉඩකඩ සුදු කාන්තාවකට වඩා හතර ගුණයක් වැඩියි. ලොව සුදු වේදනාව හා කළු වේදනාව කියා දෙයක් නැහැ. ඇත්තේ එකම වේදනාවක්. එකම කුසගින්නක්” ඇය පවසයි.
 
2019 මාර්තු 17 ආරම්භ කළ ඇගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉහළින්ම සලකා බැලෙන්නේ ජාතික ආර්ථිකයක් ගොඩනැඟීම, අනවසර සංක්‍රමණිකයන් පිළිබඳව සාධාරණව බැලීම, ගිනි අවිභාවිතය යථාවත් කිරීම යන කරුණුයි. ඊට අමතරව පැයකට ඩොලර් 15ක අවම වැටුපක්, පවුලටම වැටුප් සහිත නිවාඩු, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට බදු සහන, තම සේවා ස්ථානයේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන අයට විශේෂ සහන ආදී ආකර්ෂණීය මැතිවරණ පොරොන්දු රැසකින් ඇය ජනතාව ආමන්ත්‍රණය කරමින් සිටී. විරැකියාව තුරන් කිරීම පමණක් නොව රැකියා සුරක්‍ෂිතභාවය ඇති කිරීම ඇගේ අවධානය යොමුවී ඇති තවත් ක්‍ෂේත්‍රයකි.

කම්කරු ආදී සුළු පරිමාණ රැකියාවල යෙදී සිටින්න සේවයේ යෙදී සිටියදීම පුහුණු වැඩසටහන්වලට අවස්ථාව ලබා දී වඩා යහපත් රැකියා අවස්ථාවන් ලබා ගැනීමට වාතාවරණය සකස් කර දීම මෙන්ම කාන්තා හා පුරුෂ වැටුප් සම කිරීමද ඇගේ තවත් අරමුණකි.

පරිසර සංරක්‍ෂණය සහ ගෝලීය උෂ්ණත්වය අවම කිරීම වෙනුවෙන් ඇය යෝජනා කර ඇති වැඩපිළිවෙළ Green New Deal යනුවෙන් හැඳින්වේ.
 
“ගිනි අවිභාවිතයේ දැනට පවතින නීති රීති වල සිදුරු වසා දැමිය යුතුව තිබෙනවා. ගිනි අවි නිදහසේ භාවිත කිරීමට අවස්ථාව දීම තරම් දරුණු අපරාධයක් තවත් නැහැ.” පවසන ජනාධිපතිවරණ අපේක්‍ෂිකාව ගිනි අවි භාවිතය අවම කිරීම දැඩි නීති රීති පැනවීමට බලාපොරොත්තු වේ.
 
හමුදා ක්‍රියාමාර්ගවලට කලින් සෑම විටම සාකච්ඡා මාර්ගය අප තෝරා ගත යුතුයි. පවසන ඇය බොහෝ විට ට්‍රම්ප් ප්‍රතිපත්ති විවේචනය කළද Singapore Summit යනුවෙන් හැඳින් වූ උතුරු කොරියන් නායක කිම් ජෝං අන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් සිංගප්පූරුවේදී හමු වී සාකච්ඡා කිරීම අගය කළාය. එයින් ඇය පෙන්වා දුන්නේ සාමාන්‍යයෙන් කිසිවෙක් නොකරන ප්‍රතිවාදියාගේ පවා යහපත් දෙය අගය කිරීමේ ගුණයයි.
 
රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින් ඇය පැවැසූ අදහස්ය මේ.
 
“අප විකල්ප ශක්ති ප්‍රභවයන් කෙරේ උපරිම අවධානය යොමු කළ යුතුයි. හරිත ශක්තීන්, සුළඟ, සූර්ය ශක්තිය, භූ උෂ්ණත්ව ශක්තිය, ජල ශක්තිය, ජීව ඉන්ධන, ආදී පරිසර හිතකාමි ශක්ති ප්‍රභව අපේ අවශ්‍යතාවන්ට වැඩි වැඩියෙන් යොදා ගැනීමේ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ විය යුතුයි. Solar Panels ආරම්භ කළේ අපි. අපි අවශ්‍ය තරමට බදු සහන නොදී ඒවා මෙහි නිෂ්පාදනයට අතහිත නොදුන් නිසා චීනය දැන් ඒ වෙළෙඳපොළ අල්ලා ගෙන සිටිනවා. අප අතට ගත් හැකි බොහෝ නිෂ්පාදන ක්‍රියාවලියන් පිටරටවලින් ඩැහැ ගන්නා තුරු අප බලා සිටිනවා. පිරිසුදු වාතය, පිරිසුදු ජලය මනුෂ්‍යයාගේ මූලික අවශ්‍යතාවක්. ඒත් එය අද ඉන්න දරුවන්ට ලැබෙනවාද? රටකට නායකයකු හෝ නායිකාවක අවශ්‍ය වන්නේ ඒ රටේ ආර්ථික දියුණු කොට ඒ ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට නොවේද?”
 
“ඇය වෙහෙසී වැඩ කරන කෙනෙක් වසර 150ක් එක දිගට රිපබ්ලිකන් පක්‍ෂය ජයගත් දිස්ත්‍රික්කය ඩිමොක්‍රටික් පක්‍ෂයට දිනා ගත හැකි ඇගේ උත්සාහය නිසයි. වෙන අය කෙළින් කතා නොකරන මාතෘකා ඇය එළිපිටම කතා කරනවා. ඇත්තෙන්ම ඇගේ ප්‍රතිවාදියා ජනප්‍රියතාව ගිලිහෙමින් පවතින ඩොනල්ඩ් ට්‍රම්ප් නොවේ. ඇය සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අනෙක් අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ටයි ඇය අභියෝගයක් වී ඇත්තේ.” දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස ඒ.
 
ලෝකයේ බලවත්ම රාජ්‍යයක ජනාධිපති අපේක්‍ෂිකාව ලෙස පත් වීම දක්වා ඇය පැමිණ ඇත්තේ දුෂ්කර චාරිකාවකි.
 
1966 දෙසැම්බර් 9 උපත ලබා ඇති ක්‍රිස්ටීන් Asian Studies විෂයෙහි උපාධිධාරිනියකි. ඇය පසුව නීතිඥවරියක් බවට පත් වූවාය. අගතියට පත් කාන්තාවන් සහ පැල්පත් වාසීන්ගේ නීති ගැටලුවලට පෙනී සිටිමින් මහජන ආදරය දිනා ගත්තාය. ව්‍යාපාරිකයකු වන Jonathan Gillaubrand හා විවාහ වී සිටින ඇය පුතුන් දෙදෙනකුගේ මවකි.
 
වෛද්‍ය ලංකා සිරිවර්ධන
මව්බිම


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top