Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
"මට තවත් සමාජය කරන මේ වෙනස්කම් දරාගන්න බෑ. මේ ජීවිතෙන් සමුගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද.." - HIV කියා ගමක්ම කොන් කළ දියණියන් 3 දෙනෙකු හෙළි කළ අනුවේදනීය කතාව - Video

- "මට තවත් සමාජය කරන මේ වෙනස්කම් දරාගන්න බෑ. මේ ජීවිතෙන් සමුගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද.." - HIV කියා ගමක්ම කොන් කළ දියණියන් 3 දෙනෙකු හෙළි කළ අනුවේදනීය කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,086 Views
අපි පාරේ යනකොට ඇතැම් අය කෙළ ගහලා අහක බලා ගන්නවා..
කිසිම කෙනෙක් අපිත් එක්ක කතා කරන් නෑ. වාහනයකටවත් නඟින්න දෙන් නෑ..
මේ රෝහලේ වෛද්‍යවරුන් දෙවිවරුන් වගේ අපිව ආරක්ෂා කළා...
 
මිනිස් සිතකට ඕනෑම වේදනාවක් දරාගත හැකිය. එහෙත් සමාජය ඉදිරියේ කොන් වීම එසේ නැතිනම් නොසලකා හරින කෙනකු සේ ඉන්නට සිදුවීම ඉවසිය නොහැකි කාරණාවකි.
 
මේ කොන් වීම සිදු වන්නේ නොකළ වරදක් නිසාවෙන් නම් ඒ වේදනාව දරාගෙන ජීවත්වීම කොයි තරම් අභාග්‍යයක්ද? මේ වටපිටාව තුළ මුළු මහත් සමාජයම තමන්ට එරෙහි වන්නේ යැයි සිතා ජීවිතය විනාශ කර ගැනීමට පවා තීරණය කිරීම අප අනුමත නොකළත් වරදක් යැයි කිව නොහැකිය.
 
මේ අනුවේදනීය කතාව තුළින් අපට ඉගෙන ගැනීමට ඇති දේත් එමටය.

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අලුත්ගම නිරංගමුව ගම්මානයේ ජීවත්ව සිටින දියණියන් සය දෙනකු මෙම කතාවෙහි කතා නායිකාවන් ලෙස හඳුන්වා දිය හැකිය. මේ දියණියන් සය දෙනා ඒඩ්ස් රෝගයට ගොදුරු වී ඇතැයි කියා සමාජයෙන් කොන් වී සිටින්නේ ටික කාලෙක සිටයි. මේ ප්‍රචාරය නිසා ඔවුන්ට දිවි තොර කර ගැනීමට සිතුණු අවස්ථා නම් බොහෝමයි. මේ කතාවේ මුල මේ ආකාරයට සනිටුහන් කරන්නෙමි.
 
කාලෙකට පෙර මොවුන්ගේ පියා ළිඳකට වැටී මිය ගොසිනි. මව විදේශගත වී සිටින්නීය. ඒ මේ අසරණ දියණියන් සය දෙනා ජීවත් කරවීමට වෙනත් මඟක් නොමැති නිසාවෙනි.
 
මේ දුක්මුසු කතාවෙහි සැබෑ තතු සොයා අපි පසුගිය දිනෙක ගලේවෙල, අලුත්ගම නාරංගමුව ප්‍රදේශය වෙත ගමන් කළ මොහොතේ මේ සියලු දේ ගැන දැනගන්නට අපිට හැකිවිය.
 
අප එහි යනවිටත් ඔවුන්ගේ ජීවිත අනුවේදනීය තත්ත්වයට පත්වී තිබුණ බව මනාව පැහැදිලි විය. මේ දියණියන් සය දෙනාගෙන් වැඩිමලා එක් දරු මවකි. මේ අසත්‍ය කටකතා නිසා ඇයගේ සැමියාද ඇය හැර ගොසිනි. මොවුන් ජීවත් වනුයේ හරිහැටි නිම නොවුණු පුංචි කාමර කෑල්ලකය. දියණියන් සය දෙනකුට අවශ්‍ය ආරක්ෂාව එහි කිසි ලෙසකින්වත් නොතිබිණි.
 
මේ වටපිටාව තුළ සැබැවින්ම ඔවුන් ගෙවන්නේ දුෂ්කර දිවියකි.
 
මාස ගණනාවක් පුරාවට ඔවුන් ගෙවූ දුෂ්කර දිවිය කුසට හරිහැටි අහරක් නොමැතිව ක්ෂය වී ගිය ඔවුන්ගේ සිරුරු එයට කදිම සාක්ෂි දරන බව පෙනිණි. මේ සියල්ල අපේ නෙතට කඳුළක් ගෙන ආවේ නිතැතිනි.
 
මේ අසත්‍ය ඒඩ්ස් කතාව නිසාම පාසල් වියේ පසුවන දියණියන් තිදෙනකුටම අධ්‍යාපන වරම් පවා අහිමි වී තිබිණි.
 
මේ බව ඔවුන් පැහැදිලි කළේ දෙනෙතින් රූරා වැටෙන කඳුළු කැට එකිනෙක පිසලන අතරතුරය.
 
මිනිසුන් ක්‍රියාවෙන් වෙනස් කළද ආකල්ප අතින් වෙනස් කිරීම බොහෝ අසීරුය. ඊටත් වඩා නාගරික පෙදෙස් කෙසේ වෙතත් තවමත් ග්‍රාමීය ජනතාව තුළ සාවද්‍ය කරුණු පිළිබඳව ඇති පිළිගැනීම හා ඒ පිළිබඳ දැනුම ඉතා අල්පය.
 
මනසින් උසස් යැයි කියන මිනිසාම තම වර්ගයාට එරෙහිවම මෙවැනි පිළිකුල් සහගත ක්‍රියා සිදුකිරීම සැබැවින්ම සමස්ත සමාජයම ලජ්ජා විය යුතු කාරණාවකි. මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් පැතිරී යෑමට හේතුවී ඇත්තේ ඉතා සුළු කාරණාවකි.
 
මෙම පවුලෙහි දෙවැනි දියණිය මීට වසර කිහිපයකට පෙර විදේශගතවී ඇත. ඒ තම පියා අහිමි වූ පවුලට හව්හරණක් වීමේ අභිලාෂයෙනි. මුදල් හොයන්නට තරම් වයසක් නොවූ ඇය සිය බලාපොරොත්තු ආශා සියල්ල සිය පවුල වෙනුවෙන් කැප කරන්නට තරම් පරාර්ථකාමී වී තිබේ. නමුත් සිය පවුලට කණකොකා හඬනුයේද එතැන් සිටය.
 
විදේශගත වී කෙටි කලකින් ඇය නැවත සිය මවු රටට පැමිණියාය. ඒ ඇයට ඇතිවූ සමේ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහාය. නමුත් මේ තත්ත්වය ගම පුරා පැතිර යන්නේ ඇයට ඒඩ්ස් වැලඳී ඇතැයි යන ආරංචියත් සමඟය.
 
වැරැදි ආරංචිවලට පියාපත් ඇත. මේ දුර්මතය සමස්ත සමාජය පුරා පැතිරී යන්නේ නිමේෂයකිනි.
 
“මම මේ වෙනකොට සමේ රෝගී තත්ත්වය සඳහා දඹුල්ල රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. වෛද්‍යවරුන් කියන්නේ මේ රෝගය හොඳ කරගන්න පුළුවන් සාමාන්‍ය රෝගයක් කියලා. ඒ වුණත් ගමේ අය අපට කියන්නේ “ඒඩ්ස්” කියලා. අපිට කඩේකට ගිහින් බඩු මුට්ටුවක් ගන්න බෑ. කිසිම කෙනෙක් අපිත් එක්ක කතා කරන්නේ නෑ. අඩුම තරමේ අපිට වාහනයකටවත් නඟින්න දෙන්නේ නෑ. මට තවත් සමාජය කරන මේ වෙනස්කම් දරාගන්න බෑ. මේ නිසාමයි මම සියදිවි නසාගන්න ඕන කියලා හිතුවේ. ඒත් මේ රෝහලේ වෛද්‍යවරුන් දෙවිවරුන් වගේ අපිව ආරක්ෂා කළා. ඒ අය නිසයි අපි අදටත් ජීවත්වෙන්න හිත හයිය කරගත්තේ”
 
මෙසේ කියන්නේ විදෙස් සේවයේ නිරතව පැමිණි පවුලේ දෙවැනි දියණියයි. රෝගී තත්ත්වයක් නිසා පුංචි දරුවන්ගේ අධ්‍යාපන අයිතිය පවා උදුරා ගැනීම කිසි ලෙසකින්වත් සාධාරණ නොවේ. එය සැබැවින්ම ඔවුන්ගේ අනාගතයම සහමුලින්ම විනාශ කර දැමීමකි. ඊටත් වඩා ඔවුන්ගේ මනසට එල්ල කරන බලපෑම සුළුපටු නොවේ.
 
එම බලපෑම පෙර කී පරිදි වැඩිපුරම උරුම වූයේ පාසල් වයසේ පසුවන දරුවන්ටය.
 
මේ පිළිබඳව පාසල් යන වයසේ පසුවන පවුලේ වැඩිමහල් දියණිය පවසන්නේ මෙසේය.
 
“එදා නංගිලා දෙන්නා ඉස්කෝලේ ගිහිල්ලා හිටියේ නෑ. මම විතරයි හිටියේ. මට විදුහල්පතිතුමා එන්න කිව්වා. වෙනම ඩෙස්ක් එකක් පුටුවක් පාවිච්චි කරන්න කිව්වා. මම එහෙම පාවිච්චි කරන්න අයින් කරගත්තා. ඒත් එක්කම අනෙක් ළමයි ඔක්කොම ඉස්සරහා තමයි මට මේ දේවල් කිව්වේ. ඔයාලට සමාජ රෝගයක් තියෙනවා කියලා. ඒ වෙලාවේදී අනිත් ළමයි ඔක්කොමලා මාව පිළිකුල් කළා. හිතාගන්න බැරි වුණත් ඒ වෙලාවේදී දැනුණේ හොඳම යාළුවෝ, ගුරුවරු හැමෝම අපි දිහා බැලුවේ නරක විදියට. පස්සේ මම වෙනම ඩෙස්ක් එකයි පුටුවයි තියාගෙන පන්තියේ ඉන්නකොට ප්‍රින්සිපල් සර් නැවත කතා කරලා කිව්වා තවදුරටත් ඉස්කෝලේ ඉන්න එපා පොත් ටිකත් අරගෙන ගෙදර යන්න කියලා. ගිහිල්ලා මේ ලෙඩේ හොඳ වුණ කාලෙක ඉස්කෝලට එන්න කියලා කිව්වා. ළමයි ඔක්කොමලා මම යන දිහා බලාගෙන හිටියා. පස්සේ අපේ අක්කලා දෙන්නට ඉස්කෝලෙට එන්න කියලා අපේ නංගිලා දෙන්නවත් ඉස්කෝලේ එවන්න එපා කිව්වා.”
 
එමෙන්ම එම පවුලේ වැඩිමහල් දියණිය චිත්‍රා කුමාරි අපිත් සමඟින් පැවැසුවේ මෙවැනි අදහසක්.
 
“අපි මේ නඟන චෝදනාවල ඇත්ත ඔප්පු කරන්න නොකරපු දෙයක් නෑ. කොළඹ ගිහිල්ලා ලේ පරීක්ෂාවක් කළාම එහෙම රෝගයක් නෑ කියලා වෛද්‍ය වාර්තා අපට දීලා තියෙනවා. රෝහල්වල වෛද්‍යවරුන් අපට කියනවා මේ රෝගය හොඳ කරලා දෙන්නම් කියලත්. හැබැයි සමාජය අපිට කියන්නේ අපි “ඒඩ්ස්” රෝගීන් කියලයි. තේරෙන්නේ නෑ කොහොමද මේකෙන් නිවැරැදි වෙන්නේ කියලා. මේ හේතුව නිසාම අපි පාරේ යනකොට ඇතැම් අය කෙළ ගහලා අහක බලා ගන්නවා. ඒ වගේමයි ඇහෙන්නම කුණුහරුප කියනවා. මේ දේවල් දරාගන්න බැරි තැන තමයි අපි හත්දෙනාම ගේ ඇතුළට වෙලා වස බීලා මැරෙන්න තීරණය කළේ. තවත් මෙහෙමම අපිට අපහාස කරන්න ගියොත් වැඩිමලා විදියට මම ඒ තීරණයට එන්න හිතුවේ. තාත්තා නැති වුණාම අපි ගොඩක් අසරණ වුණා. අම්මා අපිව උස් මහත් කළේ ගොඩක් දුක් විඳලා. ලොකු නංගි විදේශගත වුණෙත් මේ නිසායි. ඒත් අන්තිමට එයාට හැදුණු සමේ රෝගය නිසා හැමෝම අපෙන් පළිගන්නවා. අපි මේ ජීවිතෙන් සමුගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?”
 
වැඩිමහල් දියණිය සිය අනුවේදනීය කටහඬ අවදි කළේ සමස්ත සමාජය කෙරෙහිම නැඟුණු බලවත් කලකිරීමකිනි. සැබැවින්ම ඔවුන්ට අත්වී ඇති ඉරණම කෙතරම් අසාධාරණද? නිවැරැදි අවබෝධයකින් තොරව මෙසේ අසරණ පවුලක්, නැහැදිච්ච පවුලක් යැයි කියා ලේබල් ගසමින් හංවඩු ගැසීම මෙලොව කිසිදු නීතියක් යටතේ සාධාරණ යැයි නිගමනය කළ නොහැකියි.
 
“අම්මා කීයක් හරි එවනකල් ඉන්න ඕන අපි ජීවත් වෙන්න. අම්මා සල්ලි එවන්න පරක්කු වෙනකොට අපිට කන්න බොන්න විදියක් නෑ. අපි බඩගින්නේ ඉන්න වාර අනන්තයි. මොකද අහල පහළ කිසිම කෙනෙක් අපි සමඟ කිසිම සම්බන්ධයක් නෑ. හාල් කිලෝ එකක් හරි ගේන්නේ දුර තියෙන කඩේකට ගිහින්. ඒත් දැන් හැමතැනම මේ කටකතාව පැතිර ගිහිල්ලා තියෙනවා.”
 
අපි මේ රෝගය පිළිබඳව දඹුල්ල මූලික රෝහලේ රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය දේවිකා සුදර්ශනී මහත්මියගෙන් විමසා සිටියා. ඇය ප්‍රකාශ කළේ මොවුන්ට වැලඳී ඇත්තේ සමේ රෝගයක් බවයි. නිවැරැදි වෛද්‍ය ප්‍රතිකාර මත සුවකරගත හැකි බව පැවැසුවාය.
 
සමාජය තුළ පැතිර ගිය කටකතා හේතුවෙන් එම රෝගීන්ගේ පෞද්ගලිකත්වයට විශාල හානියක් සිදුවී තිබෙන බවත්, තමන් එවැනි කාට හෝ පෙන්වීමට සිංහල භාෂාවෙන්ම වෙනත් සමාජ රෝගයක් නොවන මෙය සාමාන්‍ය රෝගයක් බවට සහතික කොට ලිපියක් ලබා දුන් බවත් වෛද්‍යවරිය තව දුරටත් ප්‍රකාශ කර සිටියාය.
 
පසුව මේ සිද්ධිය සම්බන්ධයෙන් ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය සිදු වී ඇති දේ පිළිබඳව අසතුට හා මාධ්‍ය මේ සම්බන්ධව පෙනී සිටීම ගැන සතුට පළ කළාය.
 
“මේ අසරණ දරුවන්ගේ සැබෑ තත්ත්වය සමාජය ඉදිරියට ගෙන එන්නට හැකියාව ලැබුණේ මාධ්‍ය නිසයි. එසේ නොවන්නට තවත් නොබෝ දිනකින් අපිට මේ අසරණ දරුවන්ගේ මළගම පවා ආරංචි වෙන්න ඉඩ තිබුණා. අපිත් මේ සමාජයේ මුදලින් ඉගෙන ගත්තේ. ඒ නිසා අපට වගකීමක් පැවරෙනවා. ඒ වගකීම නිසි ලෙස ඉටු කරන්නත් මේ දුර්මත සමාජයෙන් ඉවත් කොට නැවත මෙම දරුවන් සමාජගත කරන්නත් මම දැඩි උත්සාහයක නිරත වෙනවා”
 
“ගමේ සමිති සමාගම් නියෝජිතයන්, භික්ෂුන් වහන්සේලා, පොලිසිය සියල්ලම එකතු කරලා මේ අසරණ දරුවන්ට එවැනි රෝගයක් නොමැති බව අවබෝධ කරවන්නට උත්සාහ ගන්නවා. ඒ වගේමයි මේ පුවත සැලවුණු වහාම විදෙස් ඇමැතුම් පවා දරුවන්ට සහයෝගය දක්වමින් ගලා එන්නට වුණා”
 
මේ දරුවන් හය දෙනා ආරක්ෂා කරලීම තවදුරටත් සමාජයෙහි වගකීමක් බවට පත්වෙනවා. දුප්පත්කම තුරුලු කරගත් පියා අහිමි වූ දින සිට අනේක දුක් විඳිමින් ජීවත්වීමේ අරගලයට මුහුණ දෙන මොවුන් ආරක්ෂා කරලීම වගකීමකට එහා ගිය යුතුකමකි.
 
මෙවැනි අසත්‍යය සමාජය පුරා පැතිරී යන්නේ ළැව් ගින්නක් ලෙසිනි. මේ නිසාම මෙවැනි රෝග පිළිබඳව නිවැරැදි ආකාරයේ දැනුමක් සමාජගත කරලීම එක් අතකට වගකිවයුතු පාර්ශ්වයන්ගේද වගකීමකි. කනගාටුවට කරුණ වනුයේ මුළු මහත් ලෝකයම මෙවැනි දුර්මතයන්ගෙන් ඉවත්ව යමින් සිටින යුගයක ලාංකේය ජනයා තවමත් නොදියුණු මානසිකත්වයක එල්බගෙන සිටීමය.
 
එච්.අයි.වී. ඒඩ්ස් රෝගය යනු සුළඟින්, අතපත ගෑමෙන් හෝ ළඟ ඇසුරු කිරීමෙන් වැලඳීම සිදු නොවන රෝගයකි. එය බෝ වන්නේ ලිංගික එක් වීමකින් පමණකි.

එය අප අවබෝධ කරගත යුතුය. එසේ නොවන්නට මෙවැනි අසරණ දරුවන් සමස්ත සමාජය ඉදිරියේ මෙවැනි අපහාසයට ලක්කිරීම මිනිස්කමට පවා නිගා දෙන කාරණයකි. එහෙයින් වැදගත් වනුයේ බුද්ධියෙන් යුතුව පවත්නා තත්ත්වය අවබෝධ කරගෙන ජීවත්වීමටය.
 
නදීශා ගයානි ගුණතිලක
කේ.කේ. ආරියදාස (මව්බිම)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,944 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,329 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,338 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,491 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,572 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,021 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,585 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,936 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,482 Downloads



Top 10 Commenters

Latest Comments

Top