සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු මතුගම - අගලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මතුගම පොලීිසියට ලැබුණු පැමිණිලි 6 ක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මොහු සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් තුන්ලක්ෂ අසූහයදහස් පන්සියයක මුදලක් ලබාගෙන තිබෙනවා.
42 හැවිරිදි සැකකරු බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.