Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
14
"පහළට පනින්න හිතාගෙන මේ පාලමට එන කිසිම කෙනෙකුට මැරෙන්න උවමනාවක් නැහැ" - 1700 දෙනෙකුට මරණයේ දොරටුව විවර කළ ඇමරිකාවේ ගෝල්ඩන් ගේට් පාලමේ සැඟවුන කතාව - Photos

- "පහළට පනින්න හිතාගෙන මේ පාලමට එන කිසිම කෙනෙකුට මැරෙන්න උවමනාවක් නැහැ" - 1700 දෙනෙකුට මරණයේ දොරටුව විවර කළ ඇමරිකාවේ ගෝල්ඩන් ගේට් පාලමේ සැඟවුන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,687 Views
තවත් මිනිස්සු මැරෙන එක නවත්වන්න මොනවා හරි කරන්න ඕන.......

බේරා ගත්ත ජීවිතවලට වඩා මතකයට එන්නේ බේරා ගැනීමට නොහැකි වූ දෙදෙනා ගැන......

"පහළට පනින්න හිතාගෙන මේ පාලමට එන කිසිම කෙනෙකුට මැරෙන්න උවමනාවක් නැහැ. ඒ අයට දැනගන්න ඕන තමන්ට දයාවක් දක්වන්න කවුරු ම හරි ඉන්නවද කියන එක විතරයි. " ඒ, කෙවින් හයින්ස් ගේ මුවින් පිටවූ වදන් ය. ඔහු වසර 2000 දී ගෝල්ඩන් ගේට් පාලම (Golden Gate Bridge) මතට පැමිණියේ ඉන් පහළට පැන දිවි තොර කර ගැනීමට ය. මේ පාලම පිහිටියේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර ය.

දිවි නසා ගැනීමේ උත්සාහයක නිරත වූ 'කෙවින්' ඉන් මොහොතකට පෙර කීප දෙනෙකු විසින්ම දැක තිබුණි. එම ස්ථානයේ සිටි කාන්තාවකගේ ඡායාරුපයක් ගැනීමට පවා ඔහු උදව් කර තිබුණි.

දිවි නසා ගැනීමට තරම් වූ බරපතල ප්‍රශ්නයක පැටලී සිටින බවක් ඒ කිසිවෙකුට කෙවින්ගේ මුහුණින් නොපෙනුණි. කෙවින් පාලමෙන් පහළට පැන්නේය.

මීටර 75ක් පහළින් වූ, දැඩි ශීතලකින් යුත් ශාන්තිකර සාගර ජලයට වැටුණු 'කෙවින්' අදත් ජීවතුන් අතර සිටීම පුදුමයකි.

'ගෝල්ඩන් ගේට්' පාලම විවෘත කෙරුණේ 1937 මැයි මාසයේ දී ය. එදා මෙදා තුර එම පාලමෙන් පැන දිවි නසා ගත් පිරිස 1700කට අධික බව සංඛ්‍යා ලේඛනවල දැක්වෙයි.

ලොව වැඩිම වතාවක් ඡායාරූපගත කර ඇති ඉදි කිරීම ලෙසත්, වැඩිම පිරිසක් නරඹා ඇති පාලම ලෙසත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ දිවි නසා ගැනීම් සඳහා ලොව ප්‍රසිද්ධ ම ස්ථානයක් වූ 'ගෝල්ඩන් ගේට් පාලම'ය.

මෙම පාලම අසල ගැවසෙන ස්වේච්ඡා කණ්ඩායමක් සිටිති.

ඔවුන්ගේ රාජකාරිය දිවි නසා ගැනීම සඳහා පැමිණෙන අය අනුමාන කොට ඔවුන්ගේ දිවි බේරා ගැනීමට සහාය වීමය. ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ ඉතා සරල ක්‍රමයකි. ඒ ඔවුනට සවන් දීමය.

2018 දී පමණක් 214 දෙනෙක් පාලමෙන් පැනීමට උත්සාහ කළහ. ඒ අනුව සෑම දින දෙකකට එක් අයෙකු එවැනි ප්‍රයත්නයක නිරතව ඇත.

කෙසේවුවද,දිවි බේරා ගැනීම සඳහා සිටින ස්වේච්ඡා කණ්ඩායමට සහ නීති ක්‍රියාවට නංවන්නන් ට ස්තුති වන්නට 2018 වසරේ පාලමෙන් පහළට පැනීමට අවස්ථාව ලැබී ඇත්තේ විසිහත් (27) දෙනෙකුට පමණි.

මියා මුනායර් සහ කෙවින් බ්‍රිග්ස් පසුගිය විසි වසර පුරා 'ගෝල්ඩන් ගේට්' ස්වේච්ඡා කාණ්ඩයට එක්ව සිටින දෙදෙනෙකි. මියා සහ කෙවින් මේ වන විට මරණයෙන් ගලවා ගෙන ඇති ජීවිත සංඛ්‍යාව සිය ගණනකි.

ඔවුන් දෙදෙනාම පොලිසියේ රැකියා කරන්නෝ වෙති.

කෙවින් බ්‍රිග්ස් සිය සේවා කාලය තුළ, දිවි නසා ගැනීමට උත්සාහ කළ දෙසීයකට (200)අධික පිරිසක් සමඟ කතාබස් කොට ඔවුන් මරණයෙන් ගලවා ගැනීමට සමත්ව ඇත.

ලොව පුරා දිවි නසා ගැනීම් බහුලව වාර්තා වෙන අතර, වසරකට ලක්ෂ අටකට ආසන්න පිරිසක් දිවි නසා ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු කරයි.

එක්සත් ජනපදයෙන් පමණක් 2017 දී දිවි නසා ගැනීම් 47,000ක් වාර්තා විය.

එවැනි දිවිනසා ගැනීම් සඳහා බලපාන හේතු විවිධ විය හැකිය.නමුත් දිවි නසා ගැනීම් සහ මානසික සෞඛ්‍යය අතර දැඩි සම්බන්ධයක් පවතී. මානසික විෂාදය (depression) ඉන් ප්‍රධාන වෙයි.

දිවි නසා ගැනීම්වලින් 90%කට පමණ හේතු වී ඇත්තේ මානසික රෝග හෝ කිසියම් ද්‍රව්‍යයක් අනිසි ලෙස භාවිතා කිරීම බව එක්සත් ජනපදයේ දිවි නසා ගැනීම් වළක්වා ගැනීම සඳහා වන SAVE සංවිධානය පවසයි.

විෂාදය (depression) සුව කළ හැකි මානසික රෝගයක් වුවද බොහෝ විට එය කෙලවර වන්නේ දිවි නසා ගැනීමෙනි.

මියා මුනායර් 2010 දී වාර්තා චිත්‍රපටයක් නැරඹුවාය. ඒ ගෝල්ඩන් ගේට් පාලමේ අඳුරු පැතිකඩ පිළිබඳව තැනුණු වාර්තා චිත්‍රපටයකි.

"තව තවත් මිනිස්සු මැරෙන එක නවත්වන්න මොනවා හරි කරන්න ඕන කියල මට හිතුන." ඇය පැවසුවාය.

2011 දී 'ඒන්ජල්ස්' (Angels) නමින් සංවිධානයක් පිහිටුවා ගත් ඇය, පාලම මත ගැවසෙන්නට පටන් ගත්තාය. ඇයගේ කණ්ඩායමට වෘත්තීය මට්ටමේ පුහුණුවක් ද ලැබිණ. දොම්නසට පත්ව ඇති කෙනෙකු සමඟ කටයුතු කරන ආකාරය ඔවුන් හොඳින් හදාරා ඇත.

'ඒන්ජල්ස්' (Angels) කණ්ඩායම ආදරවන්තයන්ගේ දිනය හෝ නත්තල් උදාව වැනි විශේෂිත දිනවල පාලම මත සැරිසරති.

'ඒන්ජල්ස්' (Angels) කණ්ඩායමට බැඳී ජීවිත බේරා ගැනීමට කැමති පිරිස් රැස් කර ගැනීමටත්, ඔවුනට මනා පුහුණුවක් ලබා දීමටත් මියා මුනායර් සිය පෞද්ගලික ධනයෙන් ඩොලර් 10,000කට අධික මුදලක් වැය කළාය.

"අපි මිනිස්සු එක්ක කතා කරනවා. ඔවුන් තනි වී නැති බව අපි ඔවුන්ට ඒත්තු ගන්වනවා."

"අපි සවන්දෙනවා. බොහෝ විට ඒක තමයි හොඳම ප්‍රතිචාරය." මියා පැවසුවාය.

කෙවින් බ්‍රිග්ස් පොලිස් සේවයේ යෙදී සිටි කාලයේ ඔහුගේ මුර සංචාරය දිනපතා කෙරුණේ ගෝල්ඩන් ගේට් පාලම ඔස්සේ වැටී තිබුණු මාර්ගයක ය.
පාලමෙන් පැන දිවි නසා ගැනීමට උත්සාහ කළ අයෙකු සමඟ ඔහුගේ රාජකාරිය පළමුවරට සිදු වුනේ 1994 දීය.

"මේ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද? කියල ඒ කාලේ අපිට නිල පුහුණුවක් ලැබිල තිබුණේ නැහැ. ඒ කාන්තාව පාලමේ කණුවක් දිගේ ඉහළට නගිමින් ඉන්නව දැක්කම මම භීතියට පත් වුනා." කෙවින් බ්‍රිග්ස් පැවසීය.

"දිවි නසා ගැනීමට තැත් කරන කෙකෙකු සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැන මම කියවන්න පටන් ගත්තා."

පාලමෙන් පැනීමට උත්සාහ කළ දෙසීයකට (200) අධික පිරිසක් බේරා ගත් බ්‍රිග්ස් ගේ උත්සාහය අසාර්ථක වුයේ දෙවරක් පමණි.

"බේරා ගත්ත ජීවිතවලට වඩා මතකයට එන්නේ බේරා ගැනීමට නොහැකි වූ දෙදෙනා ගැන." ඔහු පැවසීය.

වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම දිවි නසා ගැනීම් වළක්වා ගැනීම සඳහා පාලම දෙපස බාධක ඉදි කිරීම 2017 දී ආරම්භ විය.

එය පාලමේ දිගට එහි දෙපස ඉදි වන දැලකි. වියදම ඩොලර් මිලියන 200 කි. ඉදි කිරීම නිමාවීමට නියමිතව ඇත්තේ 2021 දීය.

දිවි නසා ගැනීම සඳහා ගෝල්ඩන් ගේට් පාලමෙන් පහළට පැනීමෙන් පසුව ජීවිතය බේරී ඇත්තේ කීපදෙනෙකුගේ පමණි. එම පාලමෙන් පහළට වැටෙන කෙනෙකු ජලය මතුපිට ට පතිත වන්නේ පැයට කිලෝ මීටර 140ක වේගයෙනි.

සැන් ෆ්‍රැන්සිස්කෝ හි හදිසි මරණ පරීක්‍ෂක කාර්යාලය පවසන පරිදි එවන් වේගයකින් ජලයට පතිත වීම මාරක අනතුරක් වීමේ ප්‍රතිශතය 95%කි.
දිවි බේරාගත් ස්වල්ප දෙනාගෙන් කීපදෙනෙක් තම අත්දැකීම සහ පසුතැවීම ප්‍රසිද්ධියේ කතා කර ඇත. දිවි තොර කර ගැනීමට ගත් තීරණය ගැන ඔවුන් සියලු දෙනා පශ්චාත්තාප වෙති.

ඒ මොහොතේ තමන් හා කතා කිරීමට කවුරුන් හෝ සිටියේ නම් දිවි හානිකර ගැනීමට තමා උත්සාහ නොකරනු ඇතැයි දිවි බේරුණ තැනැත්තෙක්  පැවසීය.

"BBC සිංහල"

දිවි නසා ගැනීම් සඳහා ලොව ප්‍රසිද්ධ ම ස්ථානයක් වූ ගෝල්ඩන් ගේට් පාලම


මියා මුනායර් සහ කෙවින් බ්‍රිග්ස්


දිවි ගලවා ගැනීමට කැප වී සිටින ස්වේච්ඡා කණ්ඩායම (මියා මුනායර් නිල් පැහැති ඇඳුමින් සැරසී ඉදිරියෙන්)


කෙවින් බ්‍රිග්ස් සිය සේවා කාලය තුළ, දිවි නසා ගැනීමට උත්සාහ කළ 200කට අධික පිරිසක් සමඟ කතාබස් කොට ඔවුන් මරණයෙන් ගලවා ගෙන තිබේ


'ඒන්ජල්ස්' (Angels)


පාලම ඉදි කළ දා පටන් දිවි නසා ගත් පිරිස සංකේතවත් කිරීම සඳහා ප්‍රදර්ශනයට තබා ඇති පාවහන්






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,549 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,596 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,031 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,091 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,257 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,961 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,391 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,578 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,397 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,063 Downloads



Top 10 Commenters

Latest Comments

Top