අධික වර්ෂාව හේතුවෙන් නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවී පවතිනවා.
මේ හේතුවෙන් නාවලපිටිය බස් නැවතුම්පොළේ සිට ගම්පොළ දෙසට රථ වාහන ධාවනය කිරීමේ දැඩි දුෂ්කරතා මතුව ඇති බවයි එහි සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
නිසි ලෙස ජලය බැසයාමට අවශ්‍ය කාණු පද්ධතිය සකස් කර නොතිබීම හේතුවෙන් නාවලපිටිය නගරය අධික වර්ෂා අවස්ථාවන්වලදී නිරන්තරයෙන් ජලයෙන් යට වනවා.