Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
14
"මම සමාජයට වෛර කරනවා, පහසුවෙන් කළ නොහැකි දෙයක් මම කළා.." - විකෘති විනෝදාංශවලට කැමති වූ පුංචි ඇලීසා, තවත් අහිංසක සමනළියකගේ ජිවිතය බිලිගත් හැටි ලොවම කම්පා කරයි - Photos

- "මම සමාජයට වෛර කරනවා, පහසුවෙන් කළ නොහැකි දෙයක් මම කළා.." - විකෘති විනෝදාංශවලට කැමති වූ පුංචි ඇලීසා, තවත් අහිංසක සමනළියකගේ ජිවිතය බිලිගත් හැටි ලොවම කම්පා කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

38 Views
1994 වසරේ ජනවාරි 28 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ උපත ලද ‘‘ඇලිසා බුස්ට්මන් " ගේ ළමා කාලය කිසිසේත්ම සුන්දර නොවීය. දරුවෙකුට ඇවැසි ආදරය” ආරක්ෂාව සහ රැකවරණය ඇයට කිසිසේත්ම ලබා ගන්නට කරම් වාසනාවක් නොවීය. ඇගේ මව ‘‘ මිචෙල් බුස්මන් "මත්ද්‍රව්‍ය සහ මත්පැන් වෙනුවෙන් ඇබ්බැහි වීම නිසා විටින් විට බන්ධනාගාරගත වීම නිසා මවකගෙන් ලැබුන සෙනහස විඳින්නට තරම් ඇලිසා වාසනාවන්ත වූයේ නැත. එපමණක් නොව ඇගේ පියාද විවිධ සමාජ විරෝධී ක්‍රියාවන් නිසා බන්ධනාගාරගත වූයෙන් ඇලිසා ඇගේ අත්තම්මා සහ සීයා සමගය.

කෙසේ වුණත් දෙමව්පියන්ගේ වැරදි නිසා කුඩා දරුවන්ගේ මානසිකත්වය දැඩි ලෙසින් වෙනස් වී තිබෙන බැව් අත්තම්මා සහ සීයා තේරුම් ගත් නිසාම ඔවුන් ඇලිසා සහ ඇගේ බාල සහෝදරියන් තිදෙනා වෙනුවෙන් මානසික උපදේශන පවා ලබා දීමට තරම් බුද්ධිමත් වූහ. මේ වෙනුවෙන් වියපත් වැඩිහිටියන් ඇලිසා සහ කුඩා දරුවන් කැටුව ‘‘මිසුරි " ප්‍රදේශයේ පිහිටි ‘‘හාන්ත මාටින්ස් " ආරාමය වෙත ගියහ.

ඇලිසා දෙමව්පියන්ගෙන් නොලද සෙනහස” ආරක්ෂාව ගැන තැවුනේ නැත පාසලේ ඉගෙනුම් කටයුතු තුළ ඉදිරියෙන් සිටියාය. මිතුරු ඇසුර සමග බෙහෙවින් සමාජශීලී චරිතයක් වූවාය. කවි” ගී රචනයට හැකියාවක් ඇති නිර්මාණශීලී චරිතයක් වූ අතර පල්ලියේද බෙහෙවින් ක්‍රියාකාරී චරිතයක් විය.

මේ සියලූ හැකියාවන් අතර ඇලිසා තුළින් යම් මුරණ්ඩු ගති පැවැතුම්ද ප්‍රදර්ශනය විය. එහෙත් බොහෝ දෙනකු ඇයගේ මේ ගති පැවැතුම් ගැන එතරම් ගැටලූවක් ලෙසින් නොසලකා හැරියේ ඇලිසාගේ වයස සමග මෙම හැසිරීම බොහෝ සෙයින් සාමාන්‍යකරණය කරමින්ය. මුහුණුපොත” ඇතුළු ඇගේ සමාජජාල වෙතින් ප්‍රදර්ශනය වුණේ වෛරයයි. ඇය වතාවක් මෙහි සටහන් කර තිබුණේ ‘‘මම සමාජයට වෛර කරනවා. . . යනුවෙනි. ඊට අමතරව යූ ටියුබ් හි තමාගේ විනෝදාංශ ලෙසින් සඳහන් කර තිබුණේ මිනීමැරීම හා කැපීම යනුවෙන්ය.

මේ සමග 2007 වසරේදී ඇලිසා තියුණු ආයුධයකින් ඇගේ මැණික් කටුව කපා ගැනීමට කීප විටක් උත්සාහ ගත්තද එය ව්‍යර්ථ විය. තම සිරුර කපා ගැනීමේ මානසික ව්‍යාධිය ගැන අත්තම්මා සහ සීයා දැන සිටි නිසාම ඇලිසා රෝහල්ගත කරන ලදී. ඖෂධීය සහ මානසික උපදේශන ප්‍රතිකාරවලින් අනතුරුව රෝහලෙන් පැමිණි ඇලිසා නැවත සාමාන්‍ය ජීවිතයක් ගත කරන බැව් පෙනුනත් ඇය ද්විත්ව චරිතයක් රඟ පෑ බැව් පසක් වීමට වැඩි දිනක් ගෙවුණේ නැත.

ඇලිසාගේ නිවසට යාබදව නිවැසි ‘‘ එලිසබෙත් ඕල්ටන්. . නව හැවිරිදි දැරියක් වූවාය. ඇය නිතරම ඇලිසාගේ බාල සහෝදරියන් සමග සෙල්ලම් කිරීමට මෙම නිවසට පැමිණියාය. 2009 වසරේ ඔක්තෝබර් 21 වැනි දිනත් එලිසබෙත් මෙම නිවසට පැමිණියේ තම මිතුරියන් සමග සෙල්ලම් කිරීමටයි. ඒත් එදින එලිසබෙත් සෙල්ලමින් පසුව නැවත නිවසට පැමිණියේ නැත සුපුරුදු වේලාවට තම දියණිය නොපැමිණි නිසා ඇගේ මව වහාම එලිසබෙත්ගේ පමාව ගැන යුහුසුලූ වූවාය. ඒත් එලිසබෙත් ගැන ආරංචියක් නොවූයෙන් මව වහාම පොලිසියට පැමිණිලි කළාය.

පැමිණිල්ල මෙහෙයවමින් අවට සෝදිසියේ යෙදුන පොලිස් නිලධාරීන්ට ඇලිසාගේ හැසිරීම ගැන සැක පහල විය. ඇගේ නිවස පරීක්ෂා කරන විට හමු වූ දිනපොත්වලද සටහන්ව තිබුණේ මිනීමැරීමට ඇති ආශාවයි. ගෙවත්තේ හාරන ලද වළවල් කීපයක් විය. ඒවා සාමාන්‍ය මළ සිරුරු මිහිදන් කිරීමට හැකි තරම් ගැඹුරින් යුක්ත විය. පොලිසිය ඒ ගැන විමස විට ඇලිසාගේ පිළිතුර වූයේ මේ අන්දමින් වළවල් හෑරීම ඇගේ විනෝදාංශය බවයි. පොලිසිය ඇගේ පිළිතුරෙන් සෑහීමට පත් වූයේ නැත මෙම වළක් හාරන විට එලිසබෙත්ගේ මළ සිරුර හමු විය.

එලිසබෙත් මරා මේ අන්දමින් මිහිදන් කිරීමෙන් පසුව එයින් ඇය ලද සතුටත් දිනපොතේ සටහන් කර තිබුණි. ‘‘ පහසුවෙන් කළ නොහැකි දෙයක් මම කළා. . . ඒ ඇලිසා විසින් තබන ලද එක් සටහනකි. එහෙත් ඇලිසා ඒවා විකෘති කර තිබුණේ පොලිසිය විසින් යම් සැකයකින් ඇය දෙස බලන බැව් දැනගත් සැණින්ය. එහෙත් පොලිසිය විකෘති කරන ලද සටහන කෙසේ හෝ කියවා ගැනීමට සමත් විය. එලිසබෙත්ගේ ගෙල සිරකළ ආකාරය” පිහියෙන් ඇන ඇය මරා දැමූ අන්දම එහි සටහන්ව තිබුණි.

ඇලිසාගේ පාපොච්චාරණයෙන් පසුව ඇය වරදකාරිය බැව් සහසුද්ධයෙන්ම ඔප්පු විය. හෘදසාක්ෂියට වඩා ප්‍රබල වෙනත් සාක්ෂියක් නොමැති නිසා ඇලිසාට මෙම අහිංසක දැරිය ඝාතනයෙන් බේරී සිටින්නනට නොහැකි විය.

මේ වෙන විට ඇලිසාගේ වයස අවුරුදු 18 සපුරා තිබුණේ නැත. බාලවයස්කාරිණියක වූ නිසා ඇයට මරණ දඬුවම නියම කිරීමට මිසුරි රජයේ නීතියෙන් අවසර තිබුණේ නැත. ඒ නිසා ඇයට වසර තිහක සිරඬුවමක් නියම කරන ලදී. එහෙත් එලිසබෙත්ගේ මව නීතියෙන් ලද විසඳුම පිළිගත්තේ නැත. ඇයට අවශ්‍ය වූයේ තම සිඟිති දියණිය මරා දැමූ මිනීමරු ඇලිසාට මරණ දඬුවම පැනවීමයි. ඒ නිසා 2015 වසරේදී එලිසබෙත්ගේ මව නැවතත නඩු බවට පිවිසි අතර එහිදී ලබා දුන් තීන්දුව අනුව ඇලිසා ගේ පවුල විසින් මිලියන පහක වන්දි මුදලක් මියගිය එලිසබෙත්ගේ පවුලට ගෙවන ලෙස නියම කරන ලදී.

අහිංසක සමනලියකගේ ජීවිතය තවත් දැරියකගේ සිත උපන් විකෘති විනෝදාංශය විසින් ඉතාම අමානුෂික අන්දමින් බිලිගන්නා ලදී.

"දිවයින"
පුන්‍යා චාන්දනී ද සිල්වා


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top