අදට යෙදෙන වප් පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් බුත්තල - යුදගනාව රජමහා විහාර පුදබිම කේන්ද්‍ර කර ගනිමින් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වනවා.
උදෑසන 06.00 ට උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වුණා. අනතුරුව ධර්මානුශාසනාව සිදුකරනු ලැබුවේ යුදගනාව රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන් විසින්.
උදෑසන 07.30ට සජීවි විශේෂ ධර්ම දේශනය සිදුකරන්නේ පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමියන්.
එමෙන්ම, විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙනවා. සිත පිරිසිදු කර ගැනීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙන අතර, රාජකීය පණ්ඩිත පූජ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහින්ද හේරත් සහ වෛද්‍ය ආසිරි නිලංග ඊට එක්වනවා.
මීට අමතරව යුගාසන කාව්‍යමය ධර්ම දේශනය පෙරවරු 10 සිට 11 දක්වා පැවැත්වීමට නියමිතයි.
දුටුගැමුණු චරිතය ඇසුරෙන් ගොඩනැගුණු එය මෙහෙය වන්නේ කාව්‍ය විශාරද පූජ්‍ය හිනිදුම සරණසිරි හිමියන් විසින්.
දහවල් 12 සිට පස්වරු 1 දක්වා විශේෂ ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙන අතර, ඊට පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් සහ ජෝති්‍යර්වේදී නිශාන්ත පෙරේරා එක්වනවා.