සොරකම් කිහිපයකට සම්බන්ධ ගලේවෙල - යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු ගල්කිරියාගම පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
පසුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, ඔහු රැගෙන යාම සඳහා බන්ධනාගාර නිලධාරීන් පිරිසක් එහි පැමිණ ඇති බව සඳහන්.
එහිදී බිය පත් වූ සැකකරු වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා එහි ගොස් පසුව සිවිලිම මතට නැග සැඟව තිබෙනවා.
සැකකරු යළි පහළට ගැනීමට නිලධාරීන් කිහිප වරක්ම උත්සාහ කළත් පහළට පැමිණ නැහැ.
අනතුරුව බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය සමඟ එක්ව කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර පසුව එය ද ව්‍යර්ථ වී තිබෙනවා.
පසුව බන්ධනාගාර නිලධාරීන් සැකකරුගේ එක් පාදයකට වෙඩි තබා අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.