Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
"මමයි ප්‍රදීපුයි යාළු වුණු ගමන් මම ප්‍රදීප්ගේ කේන්දරය ඉල්ලාගෙන අපි දෙන්නා ගෙවල්වලට හොරා ගිහින් කේන්දර දෙක බැලුවා.." - ඕෂධී හෙවාමද්දුම - Photos

- "මමයි ප්‍රදීපුයි යාළු වුණු ගමන් මම ප්‍රදීප්ගේ කේන්දරය ඉල්ලාගෙන අපි දෙන්නා ගෙවල්වලට හොරා ගිහින් කේන්දර දෙක බැලුවා.." - ඕෂධී හෙවාමද්දුම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

76 Views
"විවාහ වුණු මුල් කාලේදී එයාට තරහ ගියාම එයත් කෑ ගහනවා, මමත් කෑගහනවා.."
"පස්සේ තේරුම් ගත්තා එහෙම හරි යන්නේ නැහැ කියලා.."
 
අලුත් මනමාලයෙක් නම් නැහැ. පරණ මනමාලයාම ආයෙත් අලුත් වුණා. එයා ප්‍රදීප් බුලත්සිංහල. දැන් විවාහ සංවත්සරයන් ගැනීම ගැන පොඩි රැල්ලක් තියෙනවානේ. ඒ රැල්ලත් එක්ක මටත් අලුත් ෆොටෝ ටිකක් ගන්න අදහසක් ඇතිවුණා. අපි විවාහ වුණේ මීට අවුරුදු දොළහකට කලින්. අපි විවාහ වුණේ 2007 අවුරුද්දේ අගෝස්තු විසිතුන්වැනිදා.

ඉතින් ඒ සංවත්සරයත් එක්ක මේ විදිහට ආයෙත් ෆොටෝ ටිකක් ගන්න ඕන කියලා අපිට හිතුණා. ඒකට විවාහ මංගල සැපයුම්කරැවන්ගේ සංගමයෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ සංගමයේ සුරංජිත් වික්‍රමආරච්චිට මම මේ පිළිබඳ යෝජනාව කිව්වහම ඔහු මේ සියලු අනුග්‍රාහකයින්ව මට හොයලා දුන්නා. ඒ අනුව තමයි අපි මේ වැඩේ කළේ.

මේ වගේ අදහසක් ඕෂධීට ඇති වුණාට පස්සේ ඒ ගැන ප්‍රදීප්ට කිව්වාම ඔහුගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
එයත් ඇත්තටම මේ වැඩේට ආසා කළා. එයා දැන් ආසාව වැඩිකමට ලබන අවුරුද්දෙත් අපි ආයේ ෆොටෝ ටිකක් ගමු කියලා තමයි කියන්නේ. ඇත්තටම කොයිතරම් කාර්යබහුල වුණත් ප්‍රදීප් හරීම ආසාවෙන් මේ වැඩේට මට උදව් කළා. අපි 2007 අවුරුද්දේ අපේ විවාහයටත් ඇන්දේ උඩරට ක්‍රමයට අනුවයි ඉතින්. මේ සැරේදී නම් අපි ඊට වඩා වෙනස් ඇඳුම් කට්ටලයකින් දෙන්නම හැඩවැඩ වුණා.
 
ඕෂධීට ප්‍රදීප්ව මුණගැසුණේ කොහොමද?
ප්‍රදීප්ව මුණගැහුණේ ටෙලිනාට්‍යකින්. ඒ ටෙලිනාට්‍යය කැමරාකරණය කළේ ප්‍රදීප්. ඊට පෙරත් නාට්‍ය කිහිපයකදී මට ප්‍රදීප්ව මුණගැහිලා තියෙනවා. හැබැයි ලොකු හිතවත්කමක් තිබුණේ නැහැ. එකම තැන වැඩකළත් උදේට මුණගැහුණාම “හලෝ ගුඩ් මෝනින් කියනවා. ආයේ යනවා. ටෙලිනාට්‍යයයෙන් පස්සේ අපි දෙන්නාගේම යාළුවෙක් වෙන හිරන්‍යා මනෝරත්න තමයි මේකට කපුකම කළේ.
 
හිරන්‍යා ප්‍රදීප් ගැන යෝජනාව ගෙනෙද්දී ඕෂධීගේ හිතෙත් ප්‍රදීප් ගැන අදහසක් ඇතිවෙලාද තිබුණේ..?
නැහැ.. එහෙම අදහසක් නම් හිතේ තිබුණේ නැහැ. හැබැයි ප්‍රදීප් ගැන ඒ වනවිටත් මගේ හිතේ ලොකු පැහැදීමක් තිබුණා. සෙට් එකේ එයා හැසිරෙන විදිහ, කතාබහ කරන විදිහ ඒ දේවල් එක්ක එයා ගැන මගේ හිතේ පැහැදීමක් තිබුණා. ඒ පැහැදීමත් එක්ක එයා ගැන මට හිරන්‍යා කියද්දී “මම ඒ ගැන ටිකක් හිතලා බලන්නම් කියලා එයාට කිව්වා. ඊට පස්සේ කේන්දර බලලා මව්පියන්ට කියලා අපි විවාහ වුණා.
 
ප්‍රදීප්ගේ හිතේ ඕෂධී ගැන අදහසක් ඇතිවෙලා ඒ යෝජනාව ගෙනත් තිබුණද? නැත්නම් හිරන්‍යාම හිතලා දෙන්නට යෝජනා කළාද?
ඒ කාලේදී ප්‍රදීප්ට එයාගේ ගෙදරින් විවාහ යෝජනා හොය හොයා තමයි ඉඳලා තියෙන්නේ. මගේ හිතවත්කම ගැනත් හිරන්‍යා ඒ දවස්වල එයාට කිය කියා ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ හිරන්‍යාට “ප්‍රදීප් මම ගැන ටිකක් උනන්දුයි කියලත් දැනිලයි තියෙන්නේ. ඒ නිසාම තමයි “මේ දෙන්නව එකතු කරන්න ඕනේ කියලා හිරන්‍යා හිතලා තියෙන්නේ.
 
ප්‍රදීප්ව විවාහ කරගන්න සැමියා කරගන්න ඔහු ළඟ තිබුණ සුවිශේෂී ගතිගුණ මොනවාද?
මම දැකපු අය අතරේ ප්‍රදීප් කියන්නේ බොහෝම නිහඬ චරිතයක්. එයාගේ පාඩුවේ වැඩේ කරගෙන වැදහත් විදිහට ඉන්න චරිතයක්. අනවශ්‍ය විහිළු තහළු කාටවත් කරන්නේ නැහැ. ඒ නිසා ඒ දේවල්වලට මගේ හිත ගියා. බොරු කියන්න ඕනේ නැහැනේ ප්‍රදීප්ගේ පෙනුමටත් මගේ හිත ගියා. ඔය දේවලුත් එක්ක ටිකින් ටික ප්‍රදීප්ගේ ආදරය මට තදින්ම දැනුණා. ඒ නිසා ප්‍රදීප් මගේ සැමියාම තමයි කියලා මම විශ්වාස කළා.
 
ගෙදරට කියන්න කලින් ප්‍රදීප්ගෙයි, ඕෂධීගෙයි කේන්දර දෙක ඕෂධී හොරෙන්ම බැලුවේ ඇයි?
ඒකට හේතුවක් තිබුණා. ඒ දවස්වල අපේ ගෙදරිනුත් මට විවාහ යෝජනා හොයනවා. ඉතින් අම්මලාගේ අදහස්වලින් මට තේරුණු දෙයක් තමයි අම්මලා ජ්‍යෝතිෂය කියන දේ ටිකක් විශ්වාස කරනවා කියලා. ඒ කියන්නේ කවදාහරි මම විවාහ වෙන කෙනාගෙයි මගෙයි කේන්දරය ගැන ටිකක් හොයලා බලනවා කියලා මට තේරුණා. ඒනිසා මමයි ප්‍රදීපුයි යාළු වුණු ගමන් මම ප්‍රදීප්ගේ කේන්දරය ඉල්ලාගෙන අපි දෙන්නා ගෙවල්වලට හොරා ගිහින් කේන්දර දෙක බැලුවා. අපේම වෙලාවට ඒ දෙක හොඳට ගැලපුණා. ඒ නිසා මම බය නැතිව අම්මාට ප්‍රදීප් ගැන කිව්වා. ඉතින් සුපුරුදු පරිදි අම්මා “මොනවා වුණත් මුලින්ම කේන්දර දෙක බලන්න ඕනේ. කියලා තමයි කිව්වේ. ඉතින් වැඩේ ෂුවර් කියලා දන්නවනේ. මාත් ප්‍රදීප්ගේ කේන්දරය ඉල්ලලා අම්මාට දුන්නා. සුපුරුදු පරිදි ගෙවල්වලින් අපිට ආශිර්වාදය ලැබුණා. අපි 2007 අගෝස්තු විසිතුන්වැනිදා විවාහ වුණා.
 
ඇත්ත කියන්න ඕෂධී විවාහවෙද්දී ගෙදර දොරේ වැඩ කටයුතු ගැන උයන පිහින වැඩ ගැන දැනීමක් තිබුණාද?
මම විවාහ වෙද්දී මට වයස අවුරුදු විසිදෙකයි. ඇත්තම කිව්වොත් පාසල් යන කාලේදී මට උයන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි උසස් පෙළ විභාගය කරලා මම ගෙදර ඉන්න කාලේදී මම ඔය හැමදෙයක්ම පුරැදු වුණා. රූපවාහිනියේ යන වැඩසටහන් බලාගෙන ඉඳලා පොත්පත්වලින් මම උයන්න තනියම ඉගෙනගත්තා. අම්මලා ගෙදර නැති වෙලාවල්වලදී මම ආසා කරන දෙයක් තනියම හදාගෙන කෑවා. සමහර වෙලාවට මම ආසා නැති කෑමක් ගෙදර හදලා තියෙනවා නම් මම ආසාකරන කෑමක් හදාගෙන කෑවා. ඔහොම ඔහොම කෑම හදද්දී මට ඒ දේවල් උයන්න පුළුවන්කම තිබ්බා. කොහොමටත් විවාහ වෙද්දී මට ඒ උයන පිහින කටයුතු ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා ඒක මට ලොකු ගැටලුවක් වුණේ නැහැ. විවාහ වුණ ගමන් අපි දෙන්නා වෙනමම පදිංචි වුණා. ඊට පස්සේ ටික කාලයක් ගියාම අපි අම්මලා එක්ක ආයේ පදිංචියට ආවා.
 
ප්‍රදීප් ඕෂධීට මුලින්ම දීපු තෑග්ග මතකද?
ඔව්.. හොඳට මතකයි. ප්‍රදීප් මට ලස්සන ඔරලෝසුවක් තෑගි කළා. ඉස්සර අර පාට පාට ඔරලෝසු මුහුණු මාරුකරන ඔරලෝසු තියෙනවානේ. ඉතින් ඒකක් තමයි ප්‍රදීප් මට මුලින් තෑගි කළේ.
 
ඕෂධී ප්‍රදීප්ට මුලින්ම දීපු තෑග්ග මතකද?
ඔව්නේ.. මම ප්‍රදීප්ට ලස්සන ටී ෂර්ට් එකක් තෑගි දුන්නා. ඒකටත් ප්‍රදීප් හරි ආසා වුණා.
 
ගෙදර දොර වැඩවලට ප්‍රදීප්ගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
එයාගේ වැඩකටයුතුත් එක්ක හැමවෙලේම මට උදව් කරන්න ලැබෙන්නේ නැහැ. හැබැයි එයා ගෙදර ඉන්න වෙලාවට උයන පිහින එකට පවා එයා සහයෝගය දෙනවා. කොහොමටත් ගෙවල් අස්පස් කරන එකට මට වඩා ප්‍රදීප් තමයි ඒවාට දක්ෂ. හැබැයි ගෙදර ඉන්න දවස්වලට පොල් ටික පවා ගාලා එයා මට සහයෝගය දෙනවා.
 
ඕෂධීගේ කලා කටයුතුවලට ප්‍රදීප්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම ලොකු සහයෝගයක් ලබලා දෙනවා. කලා කටයුතු විතරක් නෙමේ. මගේ ජීවිතේ හැමදේටම එයාගෙන් ලොකු සහයෝගයක් ලබලා දෙනවා. ඒ සහයෝගය නැත්නම් මෙච්චර කාලයක් මේ දේවල් කරන්න ලැබෙන්නේ නැහැ. මට ගැලපෙන්නේ නැති දෙයක් නම් “ඔයාට මේක ගැලපෙන්නේ නැහැ. ඔයා මේක මෙහෙම කරන්න. කියලා මට එයාගේ අදහස් දෙනවා. එයාගේ අදහස් එක්ක කරන නිසා හැම වැඩකදීම මට එයාගේ සහයෝගය කොහොමත් ලැබෙනවා.
 
ඔය දෙන්නාගෙන් වැඩියෙන්ම කේන්ති යන්නේ කාටද?
දෙන්නාගෙන් කේන්ති යන්නේ නම් එයාට තමයි. යාළුවුණු කාලයේදී වගේ නෙවෙයි විවාහ වුණාට පස්සේනේ දෙන්නාට දෙන්නා හරියට තේරුම් ගන්නේ. ඉතින් විවාහ වුණු මුල් කාලේදී එයාට තරහ ගියාම එයත් කෑ ගහනවා. මට තරහා ගියාම දෙන්නම ටිකක් කෑ ගහගන්නවා. ටිකින් ටික අපිට තේරුණ දෙයක් තමයි මේක හරියන දෙයක් නෙමෙයි කියලා. ඒ නිසා එයාට තරහා ගියාම මම නිශ්ශබ්ද වෙන්න ඕනේ. මට තරහා ගියාම එයා නිශ්ශබ්ද වෙන්න ඕනේ කියලා අපි තේරුම්අරගත්තා. දැන් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් අපි මේ අවුරුදු දොළහට හොඳට තේරුම්අරගෙනයි ඉන්නේ.
 
දරුවන්ගේ වැඩවලදී ප්‍රදීප්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අපිට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. ප්‍රදීප් හොඳ තාත්තා කෙනෙක්. දරුවන්ට හරි ආදරණීය තාත්තා කෙනෙක්. දැන් ලොකු පුතාට වයස අවුරුදු හයයි. දුවට වයස අවුරුද්දයි. පුතාගේ නම සස්විත. දුවගේ නම ලිසාරා. වැඩකරද්දී ඒ දෙන්නාගේ වැඩ කරන්න අපි දෙන්නටම වෙලාව හරි අඩුයි. ඒ නිසා දරුවන් දෙදෙනාගේ වැඩ ගොඩාක් දුරට කරන්නේ මගේ අම්මයි තාත්තයි. හැබැයි පුළුවන් හැම වෙලාවකම ප්‍රදීපුයි මමයි ඒ දෙන්නාගේ වැඩ කරනවා.
 
ප්‍රදීප් සහ දරු දෙන්නා එක්ක අද ගෙවන ජීවිතේ ගැන ඕෂධීට මොකද හිතන්නේ?
ඇත්තටම අපි දෙන්නම අතිශය කාර්යබහුලයි. හැබැයි අනිත් පැත්තට හැරිලා බලද්දී දරු දෙන්නයි, ප්‍රදීප් එක්කයි ගතකරන ජීවිතය ගැන මම හරියට සතුටු වෙනවා. ප්‍රදීප් කියන්නේ හොඳ සැමියෙක්. මේ අවුරුදු දොළහක් ගෙවුණු ජීවිතේ සියයට අනූවක්ම අපි දෙන්නා එකටම තමයි හැමදේම කරලා තියෙන්නේ.
 
දේශය


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top