Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
ඇල්පිටිය ඡන්ද විමසීම සාමකාමීව අවසන් - ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 75ක් - ඡන්ද ප්‍රතිඵල පැය කිහිපයකින් - Video

- ඇල්පිටිය ඡන්ද විමසීම සාමකාමීව අවසන් - ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය සියයට 75ක් - ඡන්ද ප්‍රතිඵල පැය කිහිපයකින් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,775 Views
එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි...
අපි හිතනවා 10ට කලින් ප්‍රථිපලය දෙන්න පුළුවන් කියලා - මැ.කො. කියූ දේ..

අද පස්වරු 4 ට අවසන් වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
 
අදාළ ඡන්ද මධ්‍යස්ථානවලදීම එම ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ කියා සිටියේ. අද පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී සියයට 75 ඉක්මවූ ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර ඇති බවයි.
 
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 47 කදී අද පෙරවරු 7ට ආරම්භ කෙරුණා.

ඡන්ද විමසීම ආරම්භ වූ මොහොතේ සිටම ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද දායකයින් තුළ දැඩි උනන්දුවක් පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
 
පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂය අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකිරීමත් සමඟ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම කල් දැමුණා.
 
අදාළ පෙත්සම විභාග කිරීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු 30 වනදා මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙසටයි.
 
ඒ අනුව, එම ඡන්ද විමසීම අද පැවැත්වුණේ 2017 ඡන්ද හිමි නාම ලේඛණය පදනම් කර ගනිමින්.
 
එහිදී ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දදායකයින් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා.
 
ඒ අනුව, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් 31 දෙනෙකු තෝරාපත් කර ගැනෙන අතර, ඒ කොට්ඨාශ මට්ටමින් 17 ක්, සමානුපාතික නියෝජනය යටතේ 11 ක් සහ ප්‍රසාද මන්ත්‍රී ආසන 03 ක් ලෙසයි.
 
ඡන්ද විමසීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යන පිළිගත් දේශපාලන පක්ෂ 05 නියෝජනය කරමින් අපේක්ෂකයින් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටියා.
 
ආරක්ෂක කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 500 කට අධික ප්‍රමාණයක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා තිබෙනවා.
 
පස්වරු 04 ට ඡන්ද විමසීම අවසන් වූ අතර, ඡන්දය ප්‍රකාශ කළ මධ්‍යස්ථානවලදී ඊට සුළු වේලාවකට පසු ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වුණා.
 
2011 පළාත් පාලන මැතිවරණයේදී ඇල්පිටිය ප්‍රාදේශීය සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 19,954 ක් ලබා ගෙන ජයග්‍රහණය කළ අතර එහි ප්‍රතිශතය සියයට 58 යි දශම 5 යි 4 ක් ලෙස දැක්වුණා.
 
එහිදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 10,427 ක්. ස්වාධීන කණ්ඩායමක් එහිදී ඡන්ද 2539 ක් ලබා ගත් අතර, ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 1100 ක් ලබා ගෙන තිබුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  10,377 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  5,375 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  2,593 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,525 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  4,864 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  1,889 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,212 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,097 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,366 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  8,712 Downloads



Top 10 Commenters

Latest Comments

Top