ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඡුන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය මේ වනවිට සියයට 62 ක් පමණ වන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ පවසනවා.
බෙහෝ ඡන්ද මධ්‍යස්ථානවල පෙරවරු කාලයේදී වැඩි පිරිසක් ඡන්දය භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, ප්‍රදේශයේ මේ වන විට සාමකාමී තත්ත්වයක් දක්නට ලැබෙන බව පොලීසිය සඳහන් කළා.
ඡන්ද විමසීම පස්වරු 4 ට අවසන් වීමට නියමිත අතර, ඒ සඳහා පවතින්නේ් තවත් හෝරාවක කාලයක්.