Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
"නිදාගෙන හිටපු තාත්තට පස් පාරක් පිහියෙන් ඇන්නා.." - මව, පියා සහ නැගණිය සාහසිකව මරා දැමූ 19 හැවිරිදි ඉංජිනේරු සිසුවා සියල්ල පාපොච්චාරණය කරයි - Photos

- "නිදාගෙන හිටපු තාත්තට පස් පාරක් පිහියෙන් ඇන්නා.." - මව, පියා සහ නැගණිය සාහසිකව මරා දැමූ 19 හැවිරිදි ඉංජිනේරු සිසුවා සියල්ල පාපොච්චාරණය කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

79,539 Views
"අනේ මගේ අම්මයි තාත්තයි නංගිවයි මරලා දාලා.."
"කවුදෝ ක්ට්ටියක් ඇවිත් මගේ ගෙදර හිටිය සේරම මැරුවා...."
 
නවදිල්ලියේ වසන්ත කුන්ජි නිවාස සංකීර්ණයක්. පසුගිය දා එම නිවාස සංකීර්ණයේ පිහිටි එක් නිවසකින් කිසිවෙකුගේ මරළතෝනියක් ඇසුණා.
 
"අනේ අපිව බේරගන්න.."
 
ඒ හඬත් සමඟ අවට සිටි පිරිස එම ස්ථානය වෙත දිව ගියා. එවිට ඔවුන් දුටුවේ එහි දොර විවර කරගෙන තරුණයෙකු මහ හඬින් මරළතෝනි දෙන අයුරුයි.
 
"ඇයි මොකද වුණේ...?"
 
"අනේ මගේ අම්මයි තාත්තයි නංගිවයි මරලා දාලා.."

ඔහු වේදනාවෙන් යුතුව පිරිස ඇමතුවා. ඒ සමඟම නිවසට ඇතුළු වූ අවට පිරිසට දැකගත හැකි වූයේ එම නිවසේ හිමිකරුත් ඔහුගේ බිරියත් දියණියත් ලේ විලක් මැද වැටී සිටි අයුරුයි.
 
"ඇයි මොකද වුණේ...? කවුද ඔයාලගේ අම්මයි තාත්තයි මැරුවේ.."
 
තරුණයාගේ අතේ ද ඇඟිල්ලක් කැපී ඉන්ද රුධිරය වහනය වුණා.
 
"මම දන්නේ නෑ. කවුදෝ ක්ට්ටියක් ඇවිත් මගේ ගෙදර හිටිය සේරම මැරුවා...."
 
අසල්වාසීන් මේ ගැන දිල්ලි පොලිසියට දැනුවත් කිරීමක් කළා. නිවාස සංකීර්ණයේ පිරිස තුවාල ලැබ බිම වැටී සිටි තිදෙනා රෝහලට රැගෙන ගිය අතර ඔවුන් ඒ වන විටත් මිය ගොස් සිටියා.
 
මෙසේ ඝාතනය කර තිබුණේ එම නිවසේ හිමිකරු වූ මිතිලේෂ් වර්මා ඔහුගේ බිරිය සේයා හා දියණිය නේහා යි.
 
ඝාතනය කරන ලද 45 හැවිරිදි මිනිලේෂ් වර්මා උත්තර ප්‍රදේශයේ කහවූජ් ග්‍රාමයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු නව දිල්ලියේ පදිංචියට පැමිණීයේ ගොඩනැගිලි කොන්ත්‍රාත් වැඩ සඳහා යි.
 
මේ සිද්ධිය වූ නිවසට පැමිණි දිල්ලි පොලිසියේ නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණ ඇරඹුවා.
 
පොලීසිය මුලින්ම ප්‍රශ්න කළේ නිවසේ සිටි තුවාල ලැබූ සුරාජ් නම් තරුණයාගෙන්. ඔහු වර්මා පවුලේ වැඩිමහල් පුත්‍රයා යි.
 
එහිදී ඔහු කීවේ පෙරදා රාත්‍රී මැරයින් දෙදෙනෙක් නිවසට ඇතුළු වීමට උත්සහ දැරූ බවත් එවිට තමන් ඔවුන් සමඟ පොර බැඳීම නිසා මැරයන් තමාට කළ පහර දීමේදී තමාගේ ඇඟිල්ලකට තුවාල සිදු වූ බවයි. ඊට මොහොතකට පසු තමා සිහිසුන්ව ඇද වැටුණූ බව කී සුරාජ් ඉන් පසුවන් මැරයන් කළ කී දේ තමා නොදන්නා බව සඳහන් කළා.
 
ඔහුගේ ප්‍රකාශයෙන් පසු පොලිස් නිලධාරින් එම නිවස සෝදිසි කළා. එවිට දැකගත හැකි වූයේ අල්මාරි විවෘත කොට ඇඳුම් පැළඳුම් පවා අවුස්සා ඇති අයුරුයි.
 
එහෙත් එම අල්මාරිවල තිබූ වටිනා භාණ්ඩ කිසිවක් අපරාධකරුවන් විසින් රැගෙන ගිය බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.
 
මෙම ත්‍රීත්ව ඝාතනය දිල්ලිය පමණක් නොව ඉන්දියාව පුරාම ආන්දෝලනයක් ඇති කළා. මේ නිසා නවදිල්ලිය සුරක්ෂිත නොවන බව ඇතැමෙක් පැවසුවා. මේ නිසා මෙහි සුලමුල සෙවීම සඳහා අවධානයක් යොමු කළ බව දිල්ලි පොලිස් කොමසාරිස් අජේ චව්ද්රි මාධ්‍යට පැවසුවා.
 
ඒ අනුව පොලිස් විශේෂ කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පත් කෙරුණා.
 
මෙහිදි පොලිසිය හෙළි කර ගත්තේ මීට වසර දෙකකට ඉහත දීත් මැරයින් පිරිසක් විසින් වර්මාගේ පුත් සුරාජ් පැහැරගෙන ගොස් තිබූ බවයි. පසුව ඔහු මැරයන්ගෙන් නිදහස් වී පැමිණි අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 17ක්.
 
ඒ ඔස්සේ කරන ලද විමර්ශනයේදී සැකකරනු ලැබුවේ මෙම ත්‍රිත්ව ඝාතන ද ඊට ආසන්න හේතුවක් මත සිදු කර ඇති එකක් බවයි.
 
සමහර විට මෙය පුද්ගලික කෝන්තරයක හෝ පවුල් ආරවුලක ප්‍රථිපලයක් විය හැකි බවට පොලීසිය සැක කළා.
 
කෙසේ වෙතත්... පොලිස් නිලධාරින්ගේ අවධානය සුරාජි වෙත යොමු වුණා. සුරාජ්ගේ මව පියා හා නැගණිය සාහසික ලෙස මරා දැමූවත් ඔහුගේ ඇඟිල්ලකට පමණක් තුවාල සිදුවී ඇති නිසා පොලීසිය සුරාජ් ගැන සැක කළා.
 
නිවසට ඇතුළු වූ පිටස්තරයෙකු ගැන කිසි හෝඩුවාවක් ඇඟිලි සලකුණක් පොලීසියට හමු නොවීමත් නිවසේ දොරගුළු වලට හානියක් සිදු වී නොතිබීමත් නිසා මෙම ඝාතන නිවසේ අයකු සිදු කරන්නට ඇතැයි යන සැකය නිලධාරින්ට ඇතිව තිබුණා.
 
ඒ අනුව පොලීසිය 19 හැවිරිදි ඉංජිනේරු සිසුවාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළා.
 
එහිදි අනාවරණය වූයේ අධ්‍යාපන කටයුතු කෙරෙහි තමාගේ තිබූ නොසැලකිල්ල නිසා ඔහු පියාගෙන් දැඩි දඬුවම් ලැබූ අයෙකු බවයි.
 
පාසලේදී කිහිප වරක්ම විභාගය අසමත් වීම නිසා පියා ඔහුට නිතර පහර දී තිබෙනවා. තමා ඒ නිසාම පියා කෙරෙහි වෛරයෙන් පසු වූ බවයි ඔහු පොලීසියට කියා ඇත්තේ.
 
"වට්ස්ඇප්" කණ්ඩායමක සාමාජිකයකු වී සිටී නිසා මිතුරන් සමඟ රාත්‍රී සමාජ ශාලා වලට ගොස් ගංජා, අබිං, වැනි මත්ද්‍රව්‍ය පානයට ඔහු තදින් ඇබ්බැහි වී සිටියා.
 
සිද්ධිය වූ දිනට දින කිහිපයකට පෙර සිට පියා තමාට වැඩකටයුතු කිහිපයක් පවරා තිබූ බව පොලීසියට පැවසූ ඔහු තමා පියාගේ කීම ඉවතලා මිතුරන් සමඟ සරුංගල් යවමින් සිටියදී එතැනට පැමිණි පියා මිතුරන් ඉදිරියේ තමාට දරුණු ලෙස පහරදීම නිසා පියා කෙරෙහි තද වෛරයක් ඇති වූ බවද පියාට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව සිතා රුපියල් 200ක් දී පිහියක් මිලදී ගත් බව ද ඔහු කියා සිටියා.
 
සිද්ධිය වූ දා අලුයම තුනට පමණ නින්දෙන් නැගිට ගත් තමා එම පිහියද රැගෙන ගොස් නිදා සිටි පියාට පස් වරක් පිහියෙන් ඇන්න බවත් ඒ ශබ්දයට නැගණියත් මවත් නින්දෙන් පිබිදී කෑගසන්නට වූ බවත් එම අවස්ථාවේ ඔවුන් දෙදෙනාට ද පිහි ඇනුම් එල්ල කළ බව ඔහු කියනවා.
 
ඉන් අනතුරුව නාන කාමරයට ගොස් මේ ඝාතන වලට උපයෝගී කරගත් පිහිය සෝදා ඇඳ යට සැඟවූ බවත්, පසුව තමා නිවසට කිසිවෙකු ඇතුළු වී මව පියා, නැගණිය මරා දැමූ බව අවට පිරිසට ඇඟවීම සඳහා නිවසේ අල්මාරි ඇතුළු සෙසු දේ අවුස්සා උදව් ඉල්ලා කෑ ගැසු බවත් ඔහු කියා තිබෙනවා.
 
මෙහිදි පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදි ඔහු පැවසුවේ වසර දෙකකට පෙර තමා පැහැර ගැනීමේ සිද්ධිය ද තමාගේම සැලසුමක් බවයි.
 
සුරාජ්ගේ සයනය යට තිබූ පිහියත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ වලට අනුව ඔහුගේ ඇඳුම්වල තිබූ ලේ පැල්ලම් මෙන්ම ඔහුගේ පාපොච්චාරණය අනුව පියා, මව හා නැගණිය සාහසික ලෙස මරා දැමීම සම්බන්ධයෙන් සුරාජ්ට එරෙහිව නඩුවක් ගොනු කිරීමේ හැකියායවක් ඇති බව දිල්ලියේ පොලිස් කොමසාරිස් අජේ චවද්රි අධිකරණයේදී සඳහන් කළා.
 
ඝාතනය සිදු වී පැය විසි හතරක් ගතවීමට පෙර ඝාතකයා හා ඝාතනයේ සුලමුල සොයා ගැනීමට පොලිස් කණ්ඩායම දැක් වූ හැකියාවට සියලු දෙනාගේම ප්‍රශංසාව හිමි වුණා.
 
රෝහණ ආර්යරත්න

Image result for 19-year-old kills parents, sister for scolding him
Image result for 19-year-old kills parents, sister for scolding him
Related image
Image result for 19-year-old kills parents, sister for scolding him
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,959 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,337 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,339 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,498 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,574 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,023 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,586 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,940 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,419 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top