කිළිනොච්චිය කණ්ඩාවලෙයි ප්රදේශයේ වයස අවුරුදු එකොළහක දැරියක් දූෂණය කිරීමට තැත්කළ තරුණයකු පසුගියදා කිළිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දැරිය සවස් කාලයේ අමතර පන්තියකට සහභාගි වී නිවසට පැමිණෙමින් සිටියදී පා පැදියකින් පැමිණි මේ තරුණයා ඇයව නිවසට ගෙන ගොස් ඇරලන බව පවසා පාපැදියේ නංවාගෙන තිබේ.
අතරමඟදී ඇයව පාලූ ප්රදේශයක ළඳු කැලෑවකට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කිරීමට සැරසෙද්දී කුඹුරකට ගොස් ආපසු පැමිණෙමින් සිටි ගොවීන් දෙදෙනකු සිද්ධිය දැක දැරියව බේරාගෙන තිබේ.
දැරියගේ පවුලේ උදවියට මේ බව පැවසීමෙන් පසුව දැරියගේ ඥාතීන් මේ බව කිළිනොච්චිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය අදාළ තරුණයාව අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කිළිනොච්චිය මහෙස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
"දිවයින"
දිනසේන රතුගමගේ