ඇප කොන්දේසි කඩකිරීමේ සිද්ධියක් මත පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණ විනිසුරු එච්. ප්‍රනාන්දු අද නියෝග කළා.
ඒ, 2004 වසරේ මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී නීතිවිරෝධී ගිනි අවියක් පොලිස් භාරයට ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදියි.
සැකකාර මන්ත්‍රීවරයාට ඇප ලබාදීමේදී සෑම ඉරුදිනකම හලාවත පොලීසියේ පෙනී සිටින ලෙසට පැවති ඇප කොන්දේසිය මන්ත්‍රීවරයා අවස්ථා දෙකකදී කඩකර ඇති බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
එම කරුණු සළකා බැලූ විනිසුරුවරිය සැකකාර මන්ත්‍රීවරයා රිමාන්ඞ් කරන ලෙසයි නියෝග කළේ.