ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තැබුණා.
ඒ, කොළඹ පදනම් ආයතනයේදී පෙරවරු 10.45ට යෙදුණු සුබ මොහොතින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් අතරයි මෙම ගිවිසුම අත්සන් තබනු ලැබුවේ.
එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, පක්ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.