මුලතිව් - නයාරු - කොහොඹගස් මංසන්ධිය අසළ කැළෑවක තිබී එල්.ටී.ටී.ඊ ය විසින් වළදැමූ බවට සැක කෙරෙන යුද උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.
මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 4 ක්, ටී 82 වර්ගයේ ජීව අත්බෝම්බ 3 ක්, එම්.පී.එම්.ජී. උණ්ඩ 350ක් සහ උණ්ඩ රහිත ටී 56 මැගසිනයක් මෙහිදී සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
එම උපකරණ තොගය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.