Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
"අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු දහතුනක්, එයා සියල්ල කැප කළේ විවාහ වෙනුවෙන්.." - ෂාහිඩ් කපූර් කියයි

- "අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු දහතුනක්, එයා සියල්ල කැප කළේ විවාහ වෙනුවෙන්.." - ෂාහිඩ් කපූර් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

42,832 Views
"ජීවිතේ හැමදේම හොදින් සිදු වෙනකොට අපි ඒක අමතක කරලා මායාවන්වල ජීවත් වෙනවා.. එතකොට තමයි අපිත් දන්නෙ නැතුව හැමදේම විනාශ වෙලා යන්නේ.. ඇත්තටම පෞද්ගලික ජීවිතය, වෘත්තීය ජීවිතය, පවුල් ජීවිතය, සමාජ ජීවිතය සමබරව පවත්වාගෙන යන එක පහසු දෙයක් නෙමෙයි..

ඒ වෙනුවෙන් අපිට මුළු දවසම වෙහෙසිලා වැඩ කරන්න සිද්ධ වෙනවා..’’

ෂාහිඩ් කියයි.

ෂාහිඩ් බොලිවුඩය තුළ ජනප්‍රියව සිටින්නේ දක්ෂතා සපිරි නළුවෙකු ලෙසින් පමණක් නොව ආදරණීය සැමියෙකු සහ පියෙකු ද ලෙසිනි. සිය රූමත් බිරිද මිරා රාජ්පුත්ට සහ දරුවන් දෙදෙනාට ඔහු තුළ ඇත්තේ දැඩි බැදීමක් බැව් නොදන්නා කෙනෙකු නැත.
එමෙන්ම ඔහු මිතුරන් සමගත් ගත කරන්නේ පී‍්‍රතිමත් ජිවිතයකි. ඔහු සිය වෘත්තියටත් ඇපකැප වී සිටින්නේය.
 
‘‘කාගෙවත් හිත නොරිද්දා මේ බැදීම් පවත්වාගෙන යන්න වෙහෙසෙනකොට මට මාව මඟඇරෙන අවස්ථා බහුලයි.. සමහර වෙලාවට මගෙ බිරිද චෝදනා කරනවා මගේ ජීවිතයේ මූලිකත්වය ලැබෙන්නේ ඇයට නෙමෙයි කියලා.. ඒත් ඒක එහෙම නෙමෙයි.. මට විවාහය දැනෙන්නෙ පොතක් වගේ.. ඒ ඇතුළේ ජීවිතය ගැන හැමදේම ලියැවිලා තියෙනවා.. මීරා කියන්නෙ එහි ප්‍රධාන චරිතය.. ඇය නැතුව අතුරු චරිත පවත්වාගෙන යන්න බෑ..’’ ඔහු කියන්නේය.

පසුගිය වසර හතරක කාලය තුළ ඔහු ජිවිත පොතේ පරිච්ඡේද ගණනාවක්ම කියැවූයේය. ඒවායින් ලැබුණ දැනුම මොන තරම්දැයි දන්නේ ඔහුම පමණකි.

‘‘මිරා හැම වෙලාවෙම අහන්නේ මම රගපාන චිත්‍රපටි අසාර්ථක වුණොත් එදායින් පස්සේ ජීවිතය මොන වගේ වෙයි ද කියලා.. මට හැම වෙලාවෙම හිතෙන්නෙ මගේ ශක්තිය මිරා කියලා.. මම කඩා වැටුණොත් මට නැගිටින්න ඇය අත දෙනවා කියන විශ්වාසය මට තියෙනවා.. ඒ හින්දා මට අනාගතය ගැන බයක් නෑ.. ඇත්තටම මිරා කියන්නෙ අදහන්න වටින චරිතයක්.. ඇය මාත් එක්ක විවාහ වුණේ අඩු වයසින්.. ඉක්මනින්ම ඇය මවකුත් වුණා.. ලාබාල වයසින් විවාහ වෙලා, දරුවො දෙන්නෙක් හදාවඩාගෙන, කාර්යබහුල සැමියෙක් එක්ක ජීවිතයට මුහුණ දෙන එක පහසු දෙයක් නෙමෙයි.. ඒත් මිරා ඒක කරනවා.. ඇගේ හීන, ඇය කැමති දේවල් හුගක් ඇති.. ඒත් ඇය ඒ හැමදේම කැප කරලා තියෙන්නේ විවාහ ජීවිතේ වෙනුවෙන්.. අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු දහතුනක්.. ඒ හින්දම සිතුම්පැතුම් අතරේ සෑහෙන වෙනසක් තියෙනවා.. ඒත් එකතු වෙලා ජීවිතයේ හැමදේම බෙදාහදා ගන්නෙ කොයි විදියට ද කියලා අපි ඉගෙන ගනිමින් ඉන්නවා.. දරුවන්ගේ වගකීම් දරන්න, ප්‍රශ්නවලට මූණ දෙන්න තනියම බෑ.. ඒක දෙන්නම තේරුම් ගන්න ඕන.. දෙන්නා අතරේ හොද අවබෝධයක් නැති වුණොත් ජීවිතය අමිහිරි වෙනවා.. මම මේ කියන්නෙ අපි දෙන්නා සම්පූර්ණයෙන්ම එකිනෙකා අවබෝධ කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි.. සමහර වෙලාවට අපි දෙන්නගෙ හොදම යාළුවෝ අපි දෙන්නා.. සමහර අවස්ථාවල අපි නාදුනන්නන් වගේ වෙනවා.. මේක මට විතරක් නෙමෙයි හැම විවාහකයෙකුටම පොදු අත්දැකීමක්..’’ ෂාහිඩ් කියන්නේය.

ඔහු නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ බිරිද මිරා, දියණිය මීසා සහ පුතු සේන් සමග වැඩි කාලයක් ගත කරන්නට බැව් සියලූ දෙනාම දන්නා කරුණකි. බොහෝ තැන්වලදී ඔවුන් සිව් දෙනා එකට දකින්නට ලැබෙන්නේ එම නිසාය.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  380 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  2,944 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  2,404 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  248 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  773 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,228 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  840 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  2,730 Downloads

Pem Madira Wehe - Ayomi Perera Ft Nihal Siriwardhane
Pem Madira Wehe
Ayomi Perera Ft Nihal Siriwardhane
⤵  451 Downloads

Eda Oba Dura Aathai - Kithsiri Jayalath & Shashika Nisansala
Eda Oba Dura Aathai
Kithsiri Jayalath & Shashika Nisansala
⤵  1,419 Downloads



Top 10 Commenters

Latest Comments

Top