Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
09
අප්‍රාණික කකුල් දෙකක් සමඟ මෙලොව එළිය දුටු ෆ්‍රෙයා ගිබ්ස්, ලෝකය මවිත කරමින් නැගී සිටි සංවේදී කතාව - Photos

- අප්‍රාණික කකුල් දෙකක් සමඟ මෙලොව එළිය දුටු ෆ්‍රෙයා ගිබ්ස්, ලෝකය මවිත කරමින් නැගී සිටි සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,529 Views
ෆ්‍රෙයා ගිබිස් (Freya Gibbs) කියන බබා ඉපදුනේ දන හිසෙන් පහල කකුල් විකෘතිවෙලා ප්‍රාණය රහිතව.
 
ඒක ලෝකයේ ලක්ෂ 30 කින් එක් දරු උපතකට පමණ සිදුවන දෙයක් වගේම ඒක දුර්ලභ රෝගයක්.
 
ඒකෙ වෛද්‍ය විද්‍යාත්මක නාමය “­bilateral tibial hemimelia,ඒ කියන්නෙ පුංචි ෆ්‍රෙයාගෙ දණහිසෙන් පහල කකුල්වල ෂින් ඇටකටු හැදිල නෑ. ඉතින් ඇයට වයසින් වැඩෙන්න වැඩෙන්න ඇයට කරන්න පුලුවන් බඩ ගාන්න විතරයි.

දැන් ඇයට අවරුදු දෙකක්. ෆේරායා ඉපදුනේ 2017 සැප්තැමිබර්වල.
 
දවසක් බ්‍රිතාන්‍ය වෙිල්සයේ ඡිවත්වන ෆ්‍රෙයා ගිබිස්ගෙ අමිම ඩැනියෙල් ගිබ්ස්ටයි, තාත්ත මයිකල් ගිබිස්ටයි වෛද්‍යවරයෙක් කිවිව මේකට සාර්ථක ශල්‍ය කර්යමයක් කරගන්න පුලුවන් ඇමෙරිකා එක්සත් ඡනපදයෙන් එහාට ගිහිල්ල බලන්න. එහෙදී වෛද්‍යවරු දීපු උපදේශය තමයි පුංචි බබාගෙ කකුල් දෙකම කපන්න.
 
ඒක අහපු ඩැනියෙල් කලන්තෙ දාල නොවැටුනා විතරයි. එත් නැවත ගෙදර ඇවිල්ල මේ තරුණ යුවල කල්පනා කලා දරුවට උස් මහත් වෙලත් බඩ ගාන්න දෙන්නද. එයා කොහොමද අපි නැතිව ඡිවත්වෙන්නෙ ඊට පස්සෙ. හොදම දේ තමයි එයාට තනියම ඡිවත් වෙන්න පුලුවන් විදිහක් හදල දෙන එක.
 
ඒත් සැත්කම් රාශියක් සම්බන්ධව ඇමරිකාවේ පර්යේෂණාත්මක ප්‍රතිකාර ලබා ගත හැකි නමුත් ඒව සාර්ථකව රෝගියා තුල ක්‍රියාත්මක නොවෙයිද වෙයිද කියල කියන්න ස්ථිරවම එයාල ඔවුන්ට සහතිකයක් දුන්නෙ නෑ.
 
වෛද්‍යවරු සිතුවේ මේ දෙන්නා ඒ තීරණය සමඟ පොරබදයි කියල. එත් ඔවුන් ඉඩ දුන්න තමනගෙ බබාගෙ කකුල් දෙකම කපන්න . මේක අපි ලියනව වගේ ලේසි නෑ. අමිමෙක් තාත්තෙක්ට .
 
තවත් මාස 18 කට පස්සෙ වෛද්‍යවරු තීරනය කලා දැන් සුදුසුයි කියල ඇගේ දෙපා දනහිසෙන් කපා දාන්න. ශල්‍ය කර්මය වෙලාවෙ ඇගේ දෙමවුපියෝ හිතුවෙ ඇයව ආයි පන පිටින් දකින්න ලැබෙයිදෝ කියන දෙගිඩියාවෙන් . ඒත් ශල්‍ය කර්මය සාර්ථකව නිම කරල දෙවැනි දවසෙ ඇය තුවාල තියාගෙනම ඇද පුරා බඩ ගාන්න පටන් ගත්ත එයා සටන් කරන පොඩි බබෙක්.
 
තවත් සති 4 කින් පස්සෙ රෝහලෙන් ලබාදුන්නු පා ආවරන ගිබිස් යුවල පුංචි බබාට පැලන්දුවා.
 
තවත් සති හතරකින් පස්සෙ මේ පුංචි සටන්කාරිය ඡිවිතයේ පළමු වතාවට කකුල් වලන් නැගිටල අමිමලට පෙන්නුව එයාට හිටගන්න පුලුවන් විත්තිය ෆ්‍රෙයාගේ කකුල් ඉවත්කරල මාස හයකට පසු, කුඩා සටන්කරුවා ඇගේ ජීවිතයේ පළමු වතාවට වේදනාවකින් තොරව ගමන් කරන්න ආරමිභ කරනකොට ඒක ප්‍රාතිහාර්යක් විදිහට සළකපු ගිබිස් යුවල සතුටෙනුත් ආඩමිබරයෙනුත් පුපුරන්න තරම් ගියා.
 
මේ හැමදේටම මුල්වුනේ ගිබිස් යුවල නෙවි බබාගේ 12 හැවිරිදි අක්කා ඔලිවියා . එයාට ඕන වුනා නංගි එක්ක ඉක්මනට සෙල්ලමි කරන්න.. මේ යුවලට තව ප්‍රශ්නයක් ඉතිරියි. ‍‍මොකද බබා ලොකු වෙන්න ලොකු වෙන්න ඇගේ කකුල් ආවරණ වෙනස් කරන්න වෙනවා. ඒවා හරි මිල අධිකයි. ඉතින් එයාල ඒකට අන්තර්ඡාලය හරහා උදවු ඉල්ලනවා මෙහෙම,
 
"ඇය බොහෝම සටන්කාමී කුඩා දැරියකි. ඇයට ධාවන තල යුගලයක් ලබා දෙනවානමි අපි බොහෝම කැමතියි, එවිට ඇයට පිටත සෙල්ලම් කිරීමට සහ ඇගේ පාසල් මිතුරන් සමඟ සම්බන්ධ වීමට හැකි වේ. ඇයට තවදුරටත් ඇගේ මිතුරන් සමඟ දුවන්නට නොහැකි නම් ඇගේ විනාශය ඉන් ආරමිභ වනු ඇත..."
 
"ලෝකය මිනිසුන්ගේ දුක පුලුවන් තරමට බෙදාහදා ගත යුතුය. එවිටය ලස්සන ලෝකයක් බිහිකල හැක්කේ.."
 
උපාලි ජයසිංහ


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  460 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,512 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,199 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  234 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  235 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,650 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,350 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,835 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,691 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,875 Downloads



Top 10 Commenters

Latest Comments

Top