ටෙලි නාට්‍යයක චරිතයකින් අප හදවත් ආකර්ෂණය කර ගත හැකි නම්, ඔහු දක්ෂ රංගන ශිල්පියෙකි. එයට රංගනය කීවත්, ඊටම නොදෙවෙනි කඩවම්කම, වසර 15ක් තෙක් දිගු කාලයක් පුංචි තිරයේ පෙම්වතා වීමත්, ඊටත් වඩා දක්ෂකමකි. ඔහු අමිල අබේසේකරයි
2004 වර්ෂයේ පටන් මේ දක්වාම පුංචි තිරයේ “සිහින කුමාරයා” වීමේ රහස කුමක්ද?
සමහරවිට මට ලැබෙන චරිතයට ඉතාම සාධාරණයක් කරන නිසා වෙන්න ඇති. 2004 සිට මේ දක්වාම පෙම්වතා වීමත් එක්තරා විදියක අභියෝගයක්. ඒ වගේම මෙතෙක් රඟපෑ සියලු චරිතවලට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. මම හිතන්නේ ඒකට වාසනාව කියන දෙයත් බලපානවා ඇති.
පෙම්වතා වීමෙන් චරිතාංග රංගන ශිල්පියෙකුගේ අවස්ථාව මඟහැරෙනවා කියලා හිතෙන්නේ නැද්ද?
මඟහැරීමක් නැහැ. ඊට හොඳම උදාහරණය තමයි තුසිත ද සිල්වාගේ වෙනස් ආකාරයේ ටෙලි නාට්‍ය. එහි මගේ රංගනය වූයේ මාළු වෙෙළඳාම් කරන චරිතයක්. එතනදි, පෙම්වතාගෙන් මිදී උසස් රංගනයක් සිදු කරන්න අවස්ථාව ලැබුණා. පසුගිය වසරේ සුමති ටෙලි සම්මාන උලෙළේදි මගේ නම හොඳම නළුවා සඳහා නිර්දේශ වුණා. ඉතින් ඒ දෙයම ඇති චරිතාංග නළුවකුගේ නිර්දේශයට.
මේ දක්වාම වෙනස් චරිතවලට ආරාධනා ලැබිලා නැතිද?
ලැබිලා තියෙනවා. නමුත් මෙගා නාට්‍යවලට කොටුවීම නිසා, සමහර අවස්ථා මඟහැරුණා.
සිනමාව හා වේදිකාව මඟ හැරීම ගැන කනස්සල්ලක් තියෙනවද?
සිනමාපට දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. නාට්‍යවලට නැඹුරුවීම නිසා සමහර අවස්ථාවල භාර ගත්තේ නැහැ. නමුත් ඒ පිළිබඳව කිසිම කණස්සල්ලක් නැහැ.
පෙම්වතා වීමේත් තුළත් කිසියම් අභි යෝගයක් තියෙනවා. එය පුංචි තිරයේ අලුත් පෙම්වතුන්ට තරගයක් නේද?
අවුරුදු 15ක්ම පුංචි තිරයේ පෙම්වතා වීම ලොකු අභියෝගයක් තමයි. ඇත්තටම මට කා සමඟවත් තරගයක් නැහැ. සමහර අවස්ථාවලදි මාව තරගයක් වෙනවද දන්නේ නැහැ. තිරයේ දුෂ්ටයා වෙන්න පුළුවනි. නමුත් පෙම්වතා වීම තුළ විශේෂයක් තියෙනවා. මම විශ්වාස කරන්නේ වාසනාව කියන දෙයත් බලපානවා කියලා.
මේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි ගැන දැනිලා තියෙනවද?
අනන්තවත් තියෙනවා. ඒකට හේතුව තමයි මම කෙළින් කතා කිරීම. අමිල අබේසේකර කියන ප්‍රතිරූපය ගොඩනගා ගැනීමට ගොඩක් මහන්සි වුණා.
රන් බන්දේසියකින් ක්ෂේත්රයට පිවිසුනේ නැහැ. කටුක අත්දැකීම් බොහෝමයි. නමුත් ඒ සියල්ලම දරාගෙන මගේ ගමන අදටත් යනවා. යම්කිසි අසාධාරණ දෙයකදී මම කතා කරන්නේ එතැනින් එහාට ඒ අධ්යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයා ඉදිරි වැඩවලට ගන්නවාද? නැතිද කියන දේ හිතලා නෙමෙයි.
එක්තරා කාලෙකදි ඔබේ නමටත්ක ටකතා හැදුනා. ඒත් ඒ සියල්ල බිඳ දමමින් අමිලගේ ගමන නතර කළේ නැහැ. අද කෝ” ඒ අය?
එක්තරා සිද්ධියකදි මාව යොදාගෙන මට කටකතා හැදුණා. නමුත් වැරදිකරුවන් කවුද කියන දේ ඔප්පු වුණා. ඒ වගේ අතිශයින් ම ජනප්‍රිය ටෙලි නාට්යකදිත් එවැනිම සිද්ධියක් වුණා. එතනදි කලා ලෝකයේ කීප දෙනෙකුම එකතු වෙලා මාව නිර්මාණවලට නොගැනීමට කටයුතු කළා. අධ්‍යක්ෂවරුන්ට, රූපවාහිනි නාළිකාවලට නිර්නාමික ලිපි යවලා, මගේ ගමන වැළැක්වීමට උත්සාහ කළා. නමුත් නොසැලී මේ සියලු දේවලට මුහුණ දීමේ ශක්තියක් මට තිබුණා. ඒ අවස්ථාවේ චන්ද්‍රරත්න මාපිටිගම මහතා මට ඔහුගේ නිර්මාණයකට ආරාධනා කළා. අදටත් මට ඔහු කී දෙය මතකයි. “අමිල ඔයා මට වැරැද්දක් කළෙත් නැහැ, මම ඔයාට වැරැද්දක් කළෙත් නැහැ. අපි වැඩ කරමු” ඔහුගේ නිහතමානිත්වයට අදටත් මම ගරු කරනවා.
විශේෂයෙන් ම කාන්තා ආකර්ෂණය අමිලට වැඩියි නේද? විවාහ වුණා කියලාදැන ගත්තත් රසිකාවන්ගේ ප්‍රතිචාර අඩුවක් නැති පාටයි?
ඔව්. ඒක නම් ඇත්ත. සමහරවිට මට ලැබෙන චරිතවලින් ඔවුන්ගේ හදවතට ළංවෙනවා ඇති.
ඔබේ ආදරණීය බිරිය මේ සියල්ලක්ම දරාගෙන ශක්තියක් වුණා නේද?
ඇත්තටම එයා මට ලොකු ශක්තියක්. කිහිප අවස්ථාවකදිම මම කලාවෙන් ඈත් වෙන්න උත්සාහ ගත්තත්, ඇය මාව දිරිමත් කළා. විදේශයක පදිංචි වීමට ඕනෑතරම් අවස්ථා තියෙනවා. නමුත් කලාකරුවකුගේ වටිනාකම එයා දන්නවා.
අමිල රංගන ශිල්පියෙකු නොවුණා නම් කවුරුන් වෙයිද?
ක්‍රිකට් ක්‍රීඩකයකු වෙයි. අදටත් ක්‍රිකට් ටීම් එකේ ගොඩක් අය මගේ ළඟම හිත මිතුරන්. මම ක්‍රිකට්වලට ගොඩක් කැමැතියි. ආදරෙයි.
බොහෝ දෙනෙකුගේ චෝදනාවක්ති යෙනවා රංගනයට නුසුදුසු රූපය පමණක් ඇති අය රංගන ශිල්පිනියන්” කිරීම ලොකු හිසරදයක් සහ කලාවේ ඉන්න සෑබෑ කලාකරුවන්ට කැළලක් කියලා. මේ ගැන ඔබේ අදහස?
එතන නම් විශාල ගැටලුවක් තියෙනවා. එදා වගේ වර්තමානයේ ශිල්පිනියන් තෝරා ගැනීමේදී ප්‍රමිතියක් නැහැ. පෙනුම සහ අනිකුත් ප්රතිලාභ සඳහා අලුත් මුහුණු හඳුන්වා දුන්නත්, ඔබ කියන විදියට ඇය ගණිකා වෘත්තියේ නියැළී සිටින තැනැත්තියක් නම් හෝ මුදලට යන කෙනෙක් නම් කලාවේ ජනප්‍රියම චරිතයක් කිරීම තුළින් ඇයගේ ඒ වෘත්තියට ලොකු උදව්වක්.
අධ්යක්ෂවරුන් හෝ නිෂ්පාදකවරුන් හෝ කවුරුන් හෝ එවැනි කෙනෙක් දායක කර ගනිද්දි බුද්ධිමත්ව සිතිය යුතුයි. කලාව කියන්නේ උතුම් ස්ථානයක්. එවැනි අය කරන දේවල් නිසා සියලුම රංගන ශිල්පිනියන් ඒ ගනයට ගැනීම විශාල වරදක් කියලා මම හිතනවා.