තුන්වන තරඟයත් අපි කොහොමහරි දිනන්න තමයි බලාපොරොත්තු වෙන්නේ
අවස්ථාව ලැබෙනකම් අවුරුදු 10ක් බලාගෙන හිටියා...
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඊයේ (7) ලාහෝර් හි පිහිටි ගඩාෆි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී නිමාවූ දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ද ලකුණු 35ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 2-0ක් ලෙස තරගාවලිය ජයගැනීමට සමත් වුනා.
ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම වන පාකිස්තානය පරදවා ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණේ යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා තුළින්.
ඒ අතරින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ භානුක රාජපක්ෂ විශේෂයෙන් කැපී පෙනෙනවා.
ජයග්රහණයෙන් අනතුරුව ලාහෝරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් භානුක කියා සිටියේ පාකිස්තාන පිළ, ඔවුන්ගේ මව් රටේදී පරාජය කිරීම දුෂ්කර අභියෝගයක් වූ බවයි.
එමෙන්ම තමාට මෙලෙස කණ්ඩායමට එක්වී දස්කම් දැක්වීමට හැකි වූයේ වසර 10ක විරාමයකින් පසුව බව භානුක රාජපක්ෂ සදහන් කළා. ඔහු දැක්වූ අදහස් පහතින්
ඔබට ජාත්‍යන්තරයට පැමිණීමට හැකි වීම ගැන තිබෙන සතුට?
වසර 10ක් ඉන්න වුණා මගේ ජාත්‍යන්තර වරම් ලබාගන්න. ඒත් මම හුඟක් මගේ ආගම කෙරේ විශ්වාස කරන පුද්ගලයෙක්. මම හිතන්නේ දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක තමයි මම මේ තැනට සුදුසු අවස්ථාවේ මට මේ දේවල් ලැබුනේ කියලා. හුගක් අය උදව්කළා මට මේ තැනට එන්න පාසල් අවධියේ ඉඳන් ලොකු අත්දැකීමක් නොම්මර එකේ ටීම් එක පරාජය කරන එක. කණ්ඩායම වශයෙන් , රාජ්‍යයක් වශයෙන් අපි සංතෝෂ විය යුතුයි මේ ජයග්‍රහණය.
අලුත් ක්‍රීඩකයෙක් විදිහට මේ ලබාගත් ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?
ඔව් ඇත්ත වශයෙන්ම කළින් කිව්වා වගේ මුලු කණ්ඩායමම මේකට සහයෝගය දැක්වුවා. අලුතින් ආපු ක්‍රීඩකයෙක් විදිහට මම හුඟක් බලාපොරොත්තු තියාගෙන තමයි ක්‍රීඩා කරන්න පටන් ගත්තේ මේ තරඟවලියේ. ඉස්සෙල්ලා කිව්වා වගේ අපි හුඟක් මේකට වර්ක් කලා ලංකාවේදි මොකද දෙවන පෙළ කණ්ඩායමක් කියලා තමයි ජාත්‍යන්තරය පවා අපට පැවසුවේ. මම හිතනවා අපි කණ්ඩායමටත් ලංකාවටත් ගෞරවයක් වන සේ 2/0 ලෙස ජයග්‍රහණය කරලා තියෙනවා දැනට. ධනුෂ්ක ගුණතිලක ගිය පාර කතාකරා වගේ අපි දෙවන තරගයෙන් තමයි තරඟාවලිය දිනන්න ප්ලෑන් කරලා හිටියෙ. තුන්වන තරඟයත් අපි කොහොමහරි දිනන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
අංක 3 පිතිකරු ලෙස තිබෙන වගකීම?
නොම්මර 3 ක්‍රීඩා කරන්න තමයි මම පාසල් අවධියේ ඉඳන් පුරුදු වෙලා තිබුනේ. හැබැයි මගෙන් ඇහුවම මගේ රෝල් එක මොකක්ද කියලා මට ඕන වෙලා තිබුනේ වැඩිවෙලාවක් බැට් කරන්න මැද මොකද නවකයෙක් වශයෙන් ඇතුළට වෙලා එකපාර ගහන එක ලේසි නැහැ. පළවෙනි තරගයේ පළවෙනි බෝල දෙක තුන ගහද්දි මම පොඩ්ඩක් පීඩනයක හිටියා. හැබැයි ඊට පසුව ලකුණු ගහන්න ගත්තට පසුව මට ඒක ලේසි වුණා. කාලයක් තිබුනා මට ඇතුලට එන්න ආමාරුවෙලා තිබුන. නොයෙකුත් දේවල් මට කිව්වා මම පෞද්ගලිකවට කිසිදෙයක් ගත්තේ නැහැ හැබැයි මම පුළුවන් තරම් දෙවියන් කෙරෙහි විශ්වාසය තබලා මට අවස්ථාව ලැබෙනකම් අවුරුදු 10ක් බලාගෙන හිටියා. අවස්ථාව ලැබුනට පසුව උපරිම ප්‍රයෝජනය ගත්තා කියලා මම හිතනවා. බැටින් Improve කරන්න කියලා මම මුකුත් කරේ නැහැ. මම නැචුරල් විදිහට දන්න විදිහට තමයි එදා ඉඳන්ම ගැහුවේ.