මුන්දලම - ගල්කුලිය ප්‍රදේශයේ ළිඳක් තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඊයේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම බිළිඳු මළ සිරුර සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
නිවසේ සිටි එම බිළිඳියගේ මවගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූයේ බිළිදිය ඝාතනය කර ළිඳට දමා ඇති බවයි.
ඒ අනුව 33 හැවිරිදි සැකකාර මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.